වැදගත් සිදුවීම්
නාවික හමුදාවේ ශිල්පීය දායකත්වයෙන් ඉදිකල අක්මීමණ තොටගොඩ පංචථූපාරාම පුරාණ මහා විහාරයේ සිව්මහල් සංඝාවාස ගොඩනැගිල්ල සඟසතු කෙරේ

නාවික හමුදා ශිල්පීය දායකත්වයෙන් ඉදිකරන ලද අක්මීමණ තොටගොඩ පංචථූපාරාම පුරාණ මහා විහාරයේ සිව්මහල් සංඝාවාස ගොඩනැගිල්ල සඟසතු කොට පූජා කිරීම අද දින (2024 ජනවාරි 27) මල්වතු පාර්ශවයේ අනුනායක, අතිපූජ්‍ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අභිධාන අනුනාහිමි ඇතුළු ගරුතර මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් සිදුකෙරුණු අතර, එම පුණ්‍යමහෝත්සවය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක මැතිතුමා සහ සෞඛ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා ඇතුළු සම්භාවණීය ආරාධිතයන් ගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.
28 Jan 2024
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් අද දින (2024 ජනවාරි 27) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.
27 Jan 2024
මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් ඉන් මිදිම වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට හඳුන්වාදී ඇති 1927 දරණ විශේෂ ක්‍ෂණික දුරකථන අංකය පිලිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක්

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් ඉන් මිදීම වෙනුවෙන් ප්‍රථිකාර, පුනරුත්ථාපනය සහ උපදේශනය වෙත ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්යය සාධක බළකාය විසින් ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩපිළිවෙල පිළිබඳව තම අනන්‍යතාවය හෙළිනොකර තොරතුරු දැනගැනීම සඳහා හඳුන්වාදී ඇති 1927 දරණ විශේෂ ක්‍ෂණික දුරකථන අංකය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක්, අද දින ( 2024 ජනවාරි 26) විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්යය සාධක බළකායේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ප්‍රදීපාගාර අවන්හල පරිශ්‍රයේදී පැවැත්විණි.
27 Jan 2024
ප්‍රතිආශෘත ජල පිරිපහදු මධ්‍යස්ථාන 02 ක් ස්ථාපනය කිරීමට ජාතික ලොතරැයි මණ්ඩලය මඟින් නාවික හමුදාව වෙත මූල්‍යමය දායකත්වය

ප්‍රතිආශෘත ජල පිරිපහදු මධ්‍යස්ථාන 02 ක් ස්ථාපනය කිරීම වෙනුවෙන් වැයවන වියදමට අදාල ප්‍රේෂණපත, 2024 ජනවාරි මස 24 වන දින ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වෛද්‍ය චමීර සී යාපා අබේවර්ධන මහතා විසින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පිරිනැමීම, නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
25 Jan 2024
රියර් අද්මිරාල් රුවන් කලුබෝවිල නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් ලෙස වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් රුවන් කලුබෝවිල, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් වශයෙන් අද දින (2024 ජනවාරි 24) නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.
24 Jan 2024
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් චමින්ද ජයපාල නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 32 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් චමින්ද ජයපාල අද දින (2024 ජනවාරි 24) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.
24 Jan 2024
රියර් අද්මිරාල් මංජුල දිසානායක නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් ලෙස වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් මංජුල දිසානායක, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් වශයෙන් අද දින (2024 ජනවාරි 24) නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.
24 Jan 2024
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් චන්දන රත්නායක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් චන්දන රත්නායක අද දින (2024 ජනවාරි 24) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.
24 Jan 2024
කොමදෝරු අනිල් බෝවත්ත නාවික හමුදා වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන ලෙස වැඩ භාර ගනියි

කොමදෝරු අනිල් බෝවත්ත, ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන වශයෙන් අද දින (2024 ජනවාරි 23) නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.
23 Jan 2024
උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ වැඩ භාර ගනී

උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් කාංචන බානගොඩ අද දින (2024 ජනවාරි 22) උතුරු නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
22 Jan 2024