වැදගත් සිදුවීම්
නාවික හමුදාධිපති නිල හමුවක් සඳහා ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ නිල හමුවීමක් සඳහා අද (2025 ජනවාරි 02) ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී, ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මැතිතුමා හමුවීමට කටයුතු කෙරිණි.
02 Jan 2025
ශ්‍රී ලංකා නාවික හමුදාව “ ක්ලීන් ශ්‍රී ලංකා” පුරවැසි ප්‍රතිඥාව ලබා දී 2025 වර්ෂයේ රාජකාරි අරඹයි

නාවික හමුදා මුලස්ථානයේ සහ සියළුම නාවික හමුදා ආයතන හා නෞකාවන්ගේ අද උදෑසන (2025 ජනවාරි 01) ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනයෙන් අනතුරුව, “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනේ සජිවි විකාශනයට සමඟාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව “ක්ලීන් ශ්‍රී ලංකා” පුරවැසි ප්‍රතිඥාව ලබා දී, උදා වූ 2025 නව වර්ෂයේ රාජකාරී ආරම්භ කිරීම සිදු කෙරිණි.
01 Jan 2025
ගාලු මුවදොර ජාතික ධජය එසවීම සහ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය නාවික හමුදාව භාර ගනියි

ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් නාවික හමුදාව වෙත භාර ගැනීම 2024 දෙසැම්බර් මස 31 වැනි දින සහ අද දින (2025 ජනවාරි 01) කොළඹ ගාලු මුවදොරදී සහ නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
01 Jan 2025