වැදගත් සිදුවීම්
කොමදෝරු ප්‍රදීප් කරුණාතිලක වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු ලෙස වැඩ භාර ගනියි

කොමදෝරු ප්‍රදීප් කරුණාතිලක, ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු වශයෙන් අද (2024 දෙසැම්බර් 30) නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු කාර්යාලයේදී වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
30 Dec 2024
නාවික හමුදා පුද්ගලයන්ගේ සුභසාධනය වෙනුවෙන් ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ පුළුල් කළ පහසුකම් විවෘත කෙරේ

නාවික හමුදා පුද්ගලයින්ගේ හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණ පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ හා නවීකරණය කළ පහසුකම්, 2024 දෙසැම්බර් මස 29 වැනි දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, මාලා ළමාහේවා මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
30 Dec 2024
සාර්ථකව පුහුණුව අවසන්කළ මධ්‍ය නිලධාරීන් 16 දෙනෙකු සහ සේවා ප්‍රවේශ අපේක්‍ෂකයින් 13 දෙනෙකු ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත් කෙරේ

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 38 (නීති) හා 39 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරින් දහසය (16) දෙනෙකු සහ සේවා ප්‍රවේශ අපේක්‍ෂකයින් දහතුන් (13) දෙනෙකු විසිර යාම හා අධිකාරියට පත් කිරීම, 2024 දෙසැම්බර් මස 28 වැනි දින ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ආරාධනයෙන්, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
29 Dec 2024
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI SULTAN ISKANDAR MUDA-367’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

ඉන්දුනීසියානු නාවික හමුදාවේ SIGMA - CORVETTE වර්ගයට අයත් නෞකාවක් වන ‘KRI SULTAN ISKANDAR MUDA-367’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2024 දෙසැම්බර් 28) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
28 Dec 2024
‘Peace Ark’ රෝහල් නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 දෙසැම්බර් මස 21 වැනි දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මහජන චීන විමුක්ති යුද නාවික හමුදාවේ (Chinese People’s Liberation Army Navy) ‘Peace Ark’ රෝහල් නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද (2024 දෙසැම්බර් 28) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
28 Dec 2024
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වන සංවත්සරය නිමිත්තෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී විශේෂ ආගමික වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා සිදුකෙරුණු විශේෂ ආගමික වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 27 වැනි දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ළමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.
28 Dec 2024
නාවික හමුදාධිපති ‘Peace Ark’ රෝහල් නෞකාවේ නිරීක්ෂණ සංචාරයක නිරතවෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණිය 2024 දෙසැම්බර් මස 24 වන දින මහජන චීන විමුක්ති යුද නාවික හමුදාවට අයත් ‘Peace Ark’ රෝහල් නෞකාවේ නිරීක්ෂණ සංචාරයක නිරත විය.
25 Dec 2024
SLINEX - 24 ශ්‍රී ලංකා - ඉන්දියා නාවික අභ්‍යාසය සාර්ථකව අවසන් කරමින් සයුර නෞකාව දිවයිනට පැමිණෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර වාර්ෂිකව පැවැත්වෙන SLINEX - 24 ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය, 2024 දෙසැම්බර් මස 16 සිට 20 වන දින දක්වා ඉන්දියාවේ විසාකපට්නම් නාවික තටාකාංගනයේ දී සහ නැගෙනහිර ඉන්දීය මුහුදු තීරයේදී සාර්ථකව පැවැත්වුණු අතර, එම අභ්‍යාසය සාර්ථකව අවසන් කරමින් සයුර නෞකාව 2024 දෙසැම්බර් 24 දින දිවයිනට සේන්දු විය.
25 Dec 2024
කතරගම නාවික වන්දනා නිකේතනය සහ ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයේ නාවික නිවාස සංකීර්ණය විවෘත කෙරේ

නාවික හමුදා පුද්ගලයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුභසාදන පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් අභිනවයෙන් ඉදිකළ කතරගම නාවික වන්දනා නිකේතනය සහ ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයේ නාවිකයින්ගේ සුභසාධන පහසුකම් පුළුල් කරමින් ඉදිකළ නාවික නිවාස සංකීර්ණය විවෘත කිරීම අද (2024 දෙසැම්බර් මස 24), නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.
24 Dec 2024
‘Peace Ark’ රෝහල් නෞකාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මහජන චීන විමුක්ති යුද නාවික හමුදාවේ (Chinese People’s Liberation Army Navy) ‘Peace Ark’ රෝහල් නෞකාවේ රියර් අද්මිරාල් YING Hongbo සහ රියර් අද්මිරාල් HE Yongming ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් අද (2024 දෙසැම්බර් 23) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
23 Dec 2024