වැදගත් සිදුවීම්

ශ්‍රි ලංකා නාවික හමුදාව සහ ඉන්දිය නාවික හමුදාව අතර 12 වන වරට පැවැත්වූ මාණ්ඩලික සාකච්ඡාව නවදිල්ලියේදී සාර්ථකව අවසන් වෙයි

ශ්‍රි ලංකා නාවික හමුදාව සහ ඉන්දිය නාවික හමුදාව අතර දො‍ළොස් (12) වන වරට පැවැත්වූ මාණ්ඩලික සාකච්ඡා වාරය (12th Navy to Navy Staff Talks – Indain Navy and Sri Lanka Navy) 2024 දෙසැම්බර් මස 18 සිට දින තුනක් (03) ඉන්දියාවේ නවදිල්ලි නුවරදී සාර්ථකව පැවැත්වූණු අතර, එම සාකච්ඡාව 2024 දෙසැම්බර් මස 20 වැනි දින සාර්ථකව නිමාවට පත්විය.

23 Dec 2024

මහජන චීන විමුක්ති යුද නාවික හමුදාවේ ‘Peace Ark’ රෝහල් නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

මහජන චීන විමුක්ති යුද නාවික හමුදාවේ (Chinese People’s Liberation Army Navy) ‘Peace Ark’ රෝහල් නෞකාව නිල සංචාරයක් සඳහා අද (2024 දෙසැම්බර් 21) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

21 Dec 2024

නාවික හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය Wave N’ Lake උත්සව ශාලාවේදී උත්කර්ශවත් අයුරින් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ මූලිකත්වයෙන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සහයෝගයෙන් සහ නාවික හමුදා සංගීත අංශය සහ එක්ව සංවිධානය කරන ලද නාවික හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය - 2024, ‘Decked in Navy Blue and Red, Merry Christmas from the Seas to the Shore’ යන තේමාව පෙරදැරිව 2024 දෙසැම්බර් මස 20 වැනි දින වැලිසර නාවික පරිශ්‍රයේ Wave N’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ලමාහේවා මැතිණිය ඇතුළු සම්භාවනීය ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

21 Dec 2024

නාවික හමුදා දායකත්වයෙන් අනුරාධපුර රන්පත්විල මහ විදුහලෙහි ස්ථාපනය කළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කො‍ට්ඨාසයේ රන්පත්විල මහ විදුහලෙහි ස්ථාපනය කළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය 2024 දෙසැම්බර් මස 20 වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි

20 Dec 2024

නාවික තාක්‍ෂණික ආයතනයේ පුහුණුව සම්පුර්ණ කළ ශිල්පීය අංශයේ නාවිකයන් 45 දෙනෙක් විසිර යති

වැලිසර, නාවික තාක්‍ෂණික ආයතනයේ 21 වන තාක්‍ෂණික පාඨමාලාව සාර්ථකව නිමකල ශිල්පීය අංශයේ නාවිකයන් හතලිස් පස් දෙනෙකු (45) විසිරයාම අද (2024 දෙසැම්බර් 20) වැලිසර පිහිටි නාවික තාක්ෂණික ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී සිදු කෙරිණි. නාවික තාක්‍ෂණික ආයතනයේ වැඩ බලන පුහුණු අධ්‍යක්‍ෂ කොමාණ්ඩර් (ඉංජිනේරු) ආර්එස් ද සොයිසා ගේ ආරාධනයෙන්, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු, රියර් අද්මිරාල් ප්‍රශාන්ත ඇන්තනී සහභාගී විය.

20 Dec 2024

උතුරු විධාන නාවික රෝහලේදී ලේ දන්දීමේ වැඩසටහනක්

නාවික හමුදාවේ අභිමානවත් 74 වැනි සංවත්සරය සහ ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ 30 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් 2024 ‍දෙසැම්බර් මස 18 වැනි දින උතුරු විධාන නාවික රෝහල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙ‍රිණි.

19 Dec 2024

ඉලක්කයට පිහිය විසිකිරීමේ ක්‍රීඩාව නාවික හමුදාව වෙත හඳුන්වාදීමේ වැඩසටහනක්

ඉලක්කයට පිහිය විසි කිරීමේ ක්‍රීඩාව ප්‍රථම වරට නාවික හමුදා ක්‍රීඩා අංශයට හඳුන්වාදීමේ තෙදින වැඩ මුළුවක් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ සහභාගීත්වයෙන් 2024 දෙසැම්බර් මස 12 වැනි දින වැලිසර නාවික සංකීර්ණයේදී සාර්ථකව පැවැත්විණි.

19 Dec 2024

ගුවන් හමුදා මුදාගැනීමේ පාඨමාලා සඳහා නාවික හමුදාවේ සහාය

මීගමුව බ්‍රවුන්ස් බීච් ප්‍රදේශයේදී 2024 දෙසැම්බර් 18 වැනි දින ශ්‍රී ලංනා ගුවන් හමුදාව මඟින් සිදු කරන ලද ගුවන් මුහුදු මුදාගැනීමේ පාඨමාලාවන් සාර්ථකව නිමකිරීම සඳහා නාවික හමුදාවේ සහාය ලබාදීම සිදු කෙරිණි.

19 Dec 2024

ආරක්‍ෂක නියෝජ්‍ය ඇමති රටදැය වෙනුවෙන් දිවිදුන් රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ හා රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුබසාධනය ගැන සොයා බලයි

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් මව්බිමේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවිදුන් රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ හා රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුබසාධනය සහ ප්‍රතිලාභ සම්බන්ධව පවතින ගැටලු නිරාකරණය පිළිබද සොයාබැලීම සඳහා වන සාකච්ඡාවක් අද (දෙසැ 11) නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී පැවැත්විණි.

19 Dec 2024

74 වන නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් උතුරු මැද විධාන නාවික රෝහලේදී ලේ දන්දීමේ වැඩසටහනක්

නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් 2024 ‍දෙසැම්බර් මස 17 වැනි දින උතුරු මැද විධාන නාවික රෝහල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙ‍රිණි.

19 Dec 2024