වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපති උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින් එම විධානයේ පුළුල් කළ මෙහෙයුම් හා සුභසාධන පහසුකම් විවෘත කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2024 දෙසැම්බර් මස 15 වැනි දින උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරතවී, එම විධානයේ මෙහෙයුම් හා සුභසාධන පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයේ, තාවුල්පාඩු නාවික අනුඛණ්ඩයේ අභිනවයෙන් ස්ථාපනය කළ වෙරළබඩ මුර යාත්‍රා අළුත්වැඩියා අංගනය, නාවික අනුඛණ්ඩ ඔලුතුඩායි හි පරිපාලන ගොඩනැගිල්ල හා පොදු භෝජනාගාර පහසුකම් සහිත දෙමහල් කණිෂ්ඨ නාවික නිවාස සංකීර්ණය සහ ශ්‍රී ලංකා නාවික නෞකා පුස්සදේව ආයතනයේ අභිනවයෙන් ඉදිකළ කණිෂ්ඨ නාවික විවාහක නිවාස විවෘත කිරීම සිදුකෙරිණි.

16 Dec 2024

යාපනය ඩෙල්ෆ්ට් මහා විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් නාවික හමුදාව විසින් කොළඹ ප්‍රදේශයේ වැදගත් ස්ථාන නැරඹීමේ සංචාරයක් සහ ඩ්‍රැගන් බෝට්ටු පුහුණු සැසියක් සංවිධානය කරයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත, 08 වැනි කැනෝ ස්ප්‍රින්ට් ජාතික ශූරතාවලියේ පාසැල් අංශයේ ඩ්‍රැගන් බෝට්ටු තරඟාවලියේ ජයග්‍රහණ හිමිකර ගත් ඩේල්ෆ්ට් මහා විද්‍යාලයේ සිසු සිසුවියන් 30 දෙනෙකු වෙනුවෙන්, 2024 දෙසැම්බර් මස 13 සහ 14 දෙදින කොළඹ ප්‍රදේශයේ වැදගත් ස්ථාන නැරඹීමේ සංචාරයක් සහ ඩ්‍රැගන් බෝට්ටු පුහුණු සැසියක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කෙරිණි.

15 Dec 2024

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 08 ක් ජනතා අයිතියට

ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සහ නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් නිපදවන ලද ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු යන්ත්‍ර 31 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 31 ක ස්ථාපනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය යටතේ, තිරප්පනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මහකණුමුල්ල ප්‍රජා ශාලා භූමියේ, කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ 231 නැගෙනහිර ග්‍රාමයේ සහ මොරගහවෙල කටුකැලියාව ග්‍රාමයේ යන ස්ථානයන්හි ස්ථාපනය කරන ලද ජල පිරිපහදු මධ්‍යස්ථාන තුනක් (03) ජනතා අයිතියට පත් කිරීම, 2024 දෙසැම්බර් මස 12 වැනි දින සිදු කෙරිණි.

14 Dec 2024

ඕස්ට්‍රේලියානු ස්වෛරී දේශසීමා මෙහෙයුම් පිළිබඳ ඒකාබද්ධ කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ, ස්වෛරී දේශසීමා මෙහෙයුම් පිළිබඳ ඒකාබද්ධ කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරී (Commander Joint Agency Task Force Operation Sovereign Borders) Rear Admiral Brett R. Sonter, RAN ඇතුළු ඕස්ට්‍රේලියානු දේශසීමා බලකායේ නියෝජිතයන් පිරිසක් අද (2024 දෙසැම්බර් 13) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

13 Dec 2024

කොමදෝරු සුජීව වීරසූරිය නාවික හමුදා වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා ලෙස වැඩ භාර ගනියි

කොමදෝරු සුජීව වීරසූරිය, නාවික හමුදා වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා වශයෙන් අද (2024 දෙසැම්බර් 13) නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා කාර්යාලයේදී වැඩ භාර ගැනීම සිදු කෙරිණි.

13 Dec 2024

74 වන නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් කොළඹ නාවික මහ රෝහලේදී ලේ දන්දීමේ වැඩසටහනක්

නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් 2024 ‍දෙසැම්බර් මස 12 වැනි දින කොළඹ නාවික මහ රෝහල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙ‍රිණි.

13 Dec 2024

නාවික හමුදා නිලධාරීන් 21 දෙනෙකු ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 18 වන මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරයි

සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව සම්පූර්ණ කල දහඅට වන (18) පාඨමාලාවට අයත් නිලධාරීන් වෙත සහතික හා කුසලාන ප්‍රදානය කිරීම ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී 2024 දෙසැම්බර් මස 12 වන දින පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා නියෝජනය කරමින්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කාංචන බානගොඩ සහභාගී විය.

13 Dec 2024

SLINEX - 2024 ඉන්දු - ලංකා නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා සයුර නෞකාව දිවයිනෙන් පිටත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර පැවැත්වෙන SLINEX - 2024, ද්විපාර්ශ්වික ඉන්දු - ලංකා නාවික අභ්‍යාසය 2024 දෙසැම්බර් මස 17 වැනි දින සිට 20 වැනි දින දක්වා ඉන්දියාවේ විසාකපට්නම් හිදී පැවැතිවීමට නියමිතව ඇති අතර, එම නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව 2024 දෙසැම්බර් මස 12 වන දින, හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් දිවයිනෙන් පිටත් විය.

12 Dec 2024

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 06 ක් ජනතා අයිතියට

ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සහ නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් නිපදවන ලද ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු යන්ත්‍ර 31 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 31 ක ස්ථාපනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය යටතේ, කැකිරාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ උඩුගම කොළනිය, කුඩා කැකිරාව, කසාගල පුරාණ රජමහා විහාර භූමිය, ඉහළ පුලියන්කුලම සහ ඉපලෝගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් හපදියාගම හා තිලකපුර යන ප්‍රදේශවල ස්ථාපනය කරන ලද ජල පිරිපහදු මධ්‍යස්ථාන හයක් (06) ජනතා අයිතියට පත් කිරීම, 2024 දෙසැම්බර් මස 11 වැනි දින සිදු කෙරිණි.

12 Dec 2024

74 වන නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණු ආයතනයේදී

නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කල ලේ දන්දීමේ වැඩසටහනක් 2024 ‍දෙසැම්බර් මස 12 වැනි දින ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණු ආයතනයේ නාවික රෝහලේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙ‍රිණි.

12 Dec 2024