වැදගත් සිදුවීම්
නාවික හමුදාව මගින් මී මැසි පාලනය ප්‍රචලිත කිරිමේ ව්‍යාපෘතියක්

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මී මැසි ජනපද රැක ගැනීම උදෙසා ලොව පුරා මී මැසි පාලනය ප්‍රචලිත කිරිමේ අරමුණින් මැයි 20 දින ලෝක මී මැසි දිනය ලෙස නම් කර ඇති අතර, නාවික හමුදාව විසින් මී මැසි පාලනය ප්‍රචලිත කිරිමේ අරමුණින් ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ පවත්වාගෙන යනු ලබන මී මැසි පාලන ව්‍යාපෘතියෙහි 50 වන මී මැසි ජනපදය ස්ථාපිත කිරීම ලෝක මීමැසි දිනයට සමඟාමීව 2021 මැයි මස 20 වන දින සිදු කෙරිණි
21 May 2021
නාවික රණවිරුවන් අනුස්මරණය කිරීම වෙනුවෙන් වැඩසටහන් මාලාවක්

12 වන ජාතික රණවිරු සැමරුමට සමගාමීව නාවික හමුදා රණවිරුවන් අනුස්මරණය කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් 2021 මැයි 19 වන දින වැලිසර නාවික රණවිරු ස්මාරකය අභියසදී අභිමානවත්ව පැවැත්වුණු අතර, ඊට අමතරව නාවික රණවිරුවන් අනුස්මරණය කිරීම වෙනුවෙන් වැඩසටහන් මාලාවක් නාවික විධානයන්හි සංවිධානය කර තිබුණි.
21 May 2021
බූස්ස කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ගාල්ල, බූස්ස කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ නාවික හමුදාව වෙත පරිත්‍යාග කිරීම ගාල්ල රදගුරු රේමන් වික්‍රමසිංහ හිමිපානන්ගේ මූලිකත්වයෙන් 2021 මැයි මස 19 වන දින සිදු කෙරිණි.
20 May 2021
නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්වූ රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න අද (2021 මැයි 20) දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය.
20 May 2021
රියර් අද්මිරාල් උදය හෙට්ටිආරච්චි නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

වසර 35 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් උදය හෙට්ටිආරච්චි අද (2021 මැයි 20) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.
20 May 2021
ජාතික රණවිරු සැමරුම් උළෙල අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය අභියසදී

2021 ජාතික රණවිරු සැමරුම් උළෙල, සන්නද්ධ සේවා සේනාධිනායක, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (2021 මැයි 19) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී අභිමානවත්ව පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.
19 May 2021
නාවික හමුදා රණවිරුවන් අනුස්මරණය කිරිම නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් වැලිසරදී

දශක තුනකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ත්‍රස්තවාදය පරාජය කිරීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ නාවික රණවිරුවන් අනුස්මරණය කිරීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් අද (මැයි 19) වැලිසර පිහිටි නාවික රණවිරු ස්මාරකය අභියස දී අභිමානවත්ව සිදු කෙරුණි.
19 May 2021
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන සිය වසර 35කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021මැයි 19) දින විශ්‍රාම යන ලදී.
19 May 2021
කැළණි ගඟේ ගසාගෙන ගිය පාවෙන අප ද්‍රව්‍ය බාධකය යලි ස්ථාපිත කිරිමට නාවික හමුදා සහය

පසු ගිය දින කිහිපය පුරා පැවති අධික වර්ෂාව හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහල යාමත් සමඟ ජල පහරට හසුවී කැඩී ගිය අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබා ගන්නා ස්ථානය (water intake well) වෙත අපද්‍රව්‍ය ඇතුල්විම වැළැක්වීමට යොදා තිබූ පාවෙන ජල බාධකය (Floating Boom) නැවත යතාතත්වයට පත් කිරීමට නාවික හමුදාව 2021 මැයි මස 18 වන දින කටයුතු කරන ලදි.
19 May 2021
බටහිර නාවික විධානයේ නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් උපුල් ද සිල්වා වැඩ භාර ගනී

රියර් අද්මිරාල් උපුල් ද සිල්වා අද (2021 මැයි 18) දින බටහිර නාවික විධාන මූලස්ථානයේදී බටහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.
18 May 2021