වැදගත් සිදුවීම්

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 04 ක් ජනතා අයිතියට

ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සහ නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් නිපදවන ලද ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු යන්ත්‍ර 31 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 31 ක ස්ථාපනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය යටතේ, ගලෙන්බිදුනුවැව ප්‍රාදේශිය ලේකම් කෝට්ඨාසයේ ජනසිරිගම ගම්මානය, හිගුරුවැවගම ගම්මානය, 21 ජනපදයේ බටහිර තක්‍ෂිලා මහ විදුහල සහ මහගස්වැව මහ විද්‍යාලය යන ස්ථනයන්හි ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන හතරක් (04) ජනතා අයිතියට පත් කිරීම, 2024 දෙසැම්බර් මස 04 වැනි දින සිදු කෙරිණි.

04 Dec 2024

නාවික හමුදාධිපති ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 18 වන පාඨමාලාව සඳහා ආරාධිත දේශනයක් පවත්වයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති, මේජර් ජෙනරාල්, කපිල දොලගේ ගේ ආරාධනයකට අනුව එම විද්‍යාලයේ දහ අට වන (18) මාණ්ඩලික පාඨමාලාව සඳහා ආරාධිත දේශනයක් පැවැත්වීම, 2024 දෙසැම්බර් මස 04 වැනි දින එම විද්‍යාලීය ශ්‍රවණාගරයේදී සිදුකෙරිණි.

04 Dec 2024

නාවික හමුදාව මඟින් ජංගම දන්ත වෛද්‍ය සායනයක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදා දන්ත වෛද්‍ය සේවාව, ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය සහ Good Neighbours Foundation (Guarantee) Limited ආයතනය හා එක්ව සංවිධානය කරනු ලබන විශේෂ දන්ත වෛද්‍ය සායන මාලාවේ පළමු වැඩසටහන කරුවලගස්වැව සහ රොටවැව ප්‍රදේශයන් හිදී 2024 නොවැම්බර් මස 25 සහ 26 දෙදින සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

04 Dec 2024

නාවික සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුල ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 31 ක් විවෘත කිරීම ආරම්භ වෙයි

ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සහ නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් නිෂ්පාදනය කරන ලද ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු යන්ත්‍ර 31ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 31 ක ස්ථාපනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය යටතේ, ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන තුනක් (03) විවෘත කිරීම, 2024 දෙසැම්බර් මස 03 වන දින අනුරාධපුර නාච්චාදූව මුස්ලිම් මහා විද්‍යාලය, මධ්‍යම නුවර ගම්පලාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පලුගොල්ලෑව පෙර පාසල් භූමියේ සහ මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ රන්දූව ධීවර සමිතිශාලා භූමියේදී සිදු කෙරිණි.

03 Dec 2024

74 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේස්වරර් දේවස්ථානයේදී හින්දු ආගමික වැඩසටහනක්

2024 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාළාවේ හින්දු ආගමික වැඩසටහන 2024 දෙසැම්බර් මස 02 වන දින කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේස්වරර් හින්දු දේවස්ථානයේදී පැවැත්විණි.

03 Dec 2024

නව නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි ලෙස පාලක ප්‍රධාන සුළු නිලධාරි පිආර්එම්ජිබි පුස්සලමංකඩ පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි (MASTER CHIEF PETTY OFFICER OF NAVY - MCPON) ලෙස, පාලක ප්‍රධාන සුළු නිලධාරි පිආර්එම්ජිබි පුස්සලමංකඩ යන ජ්‍යේෂ්ඨ නාවිකයා 2024 නොවැම්බර් මස 29 වන දින පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් එම තනතුරට අදාල අත් පළඳනාව සහ යෂ්ඨිය නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි පිආර්එම්ජිබි පුස්සලමංකඩ වෙත පිරිනමා, ඔහු වෙත සුභාශිංසන පිරිනැමීම, නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

30 Nov 2024

74 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොළඹ කොටුව, ජුම්මා පල්ලියේදී ඉස්ලාම් දේව මෙහෙයක්

2024 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාළාවේ ඉස්ලාම් දේව මෙහෙය අද දින (2024 ‍නොවැම්බර් 30) කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා පල්ලියේදී පැවැත්විණි.

30 Nov 2024

74 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා ඒකාබද්ධ ක්‍රිස්තියානි සැමරුම් හා තුති පුද කිරීමේ දේව මෙහෙයක්

2024 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාලාවේ ඒකාබද්ධ ක්‍රිස්තියානි සැමරුම් හා තුති පුද කිරීමේ දේව මෙහෙය, නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ මූලිකත්වයෙන්, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, මාලා ළමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් 2024 නොවැම්බර් මස 29 වන දින කොටහේන, ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී පැවැත්විණි.

30 Nov 2024

විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා ස්ථාපිත කාර්යය සාධක බළකායේ මූලිකත්වයෙන් පැවති සමස්ත ලංකා චිත්‍ර සහ සජීවීකරණ විඩියෝ තරඟාවලියේ ත්‍යාග සහ සහතික පත් ප්‍රධානය ගරු අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පවත්වයි

“මත්ද්‍රව්‍යයෙන් තොර දීප්තිමත් අනාගතයක් සඳහා ළමුන් සහ තරුණ පරපුර බලගැන්වීම” යන උදාර තේමාව පෙරදැරිව, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා ස්ථාපිත කාර්යසාධක බලකායේ මූලිකත්වයෙන්, පාසැල් දූ දරුවන් සහ නව යොවුන් ප්‍රජාව වෙනුවෙන් පවත්වන ලද චිත්‍ර සහ සජීවීකරණ වීඩීයෝ තරඟාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවය, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා ස්ථාපිත කාර්යය සාධක බලකායේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ආරාධනයෙන්, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය, ආචාර්යය ගරු හරිණි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 නොවැම්බර් 29) නාවික හමුදා මුලස්ථානයේ දී පැවැත්වීමට කටයුතු කෙරිණි.

29 Nov 2024

ගංවතුරෙන් අවතැන්වු උතුරු පළාතේ ජනතාවට සහන සැලසීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවට නාවික හමුදාධිපති සහභාගි වෙයි

පවතින අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් අවතැන්වී ඇති උතුරු පළාතේ මන්නාරම ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීම පිළිබඳව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ 2024 නොවැම්බර් මස 27 වන දින මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවතී විශේෂ සාකච්ඡාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගි විය.

28 Nov 2024