වැදගත් සිදුවීම්
ගංවතුරෙන් අවතැන්වු උතුරු පළාතේ ජනතාවට සහන සැලසීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවට නාවික හමුදාධිපති සහභාගි වෙයි

පවතින අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් අවතැන්වී ඇති උතුරු පළාතේ මන්නාරම ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීම පිළිබඳව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ 2024 නොවැම්බර් මස 27 වන දින මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවතී විශේෂ සාකච්ඡාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගි විය.
28 Nov 2024
මිය ගිය සේවා පුද්ගලයින් සිහිකිරීමේ ජාතික උත්සවය සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි

පළමුවන හා දෙවන ලෝක සංග්‍රාමයන්හීදී සහ ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසුව මේ දක්වා සේවයේ යෙදී සිටියදී මියගිය සේවා පුද්ගලයන් සිහි කිරීමේ ජාතික උත්සවය, සන්නද්ධ හමුදා සේනාධිනායක හා ශ්‍රී ලංකා ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 නොවැම්බර් 24) කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වුනු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.
24 Nov 2024
74 වන නාවික හමුදා සංවත්සර දින සුහද හමුව වැලිසර Wave N’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී, උත්කර්ෂවත් අයුරින් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය වෙනුවෙන් ආගමික සහ නාවික හමුදා සම්ප්‍රදායන්ට මුල්තැනක් දෙමින් වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කෙරුණු අතර, එම වැඩසටහන් මාලාවේ සුහද හමුව 2024 නොවැම්බර් මස 22 වන දින වැලිසර Wave N’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී උත්කර්ෂවත්ව පැවැත්විණි. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණියගේ ආරාධනයෙන්, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හා එම මැතිණිය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා එම මැතිණිය, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ හා එම මැතිණිය, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ හා එම මැතිණිය, ශ්‍රී ලංකා වැඩ බලන පොලිස්පති, ප්‍රියන්ත වීරසූරිය, හිටපු නාවික හමුදාධිපතිවරුන් සහ සම්භාවනීය ආරාධිතයන් ගේ ගෞරවනීය සහභාගීත්වය සමඟින් එම උත්සවය උත්කර්ෂව පැවැත්විණි.
23 Nov 2024
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ආරක්‍ෂක ආමාත්‍යංශයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනීම 2024 නොවැම්බර් මස 22 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයේදී සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.
22 Nov 2024
දිවිපිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් නාවික හමුදා සංගමය විසින් නාවික හමුදාධිපති වෙත පොපි මලක් පළඳවයි
යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් පැවැත්වෙන පොපි මල් සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ සභාපති, රියර් අද්මිරාල් මනිල් මෙන්ඩිස් (විශ්‍රාමික) විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පොපි මලක් පැළඳවීම අද (2024 නොවැම්බර් 20) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
20 Nov 2024
නාවික හමුදාව විසින් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ පුහුණු අභ්‍යාසයක් කොළඹ වරායේදී සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින්; හදිසි රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව අවස්ථාවකදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයක් 2024 නොවැම්බර් මස 19 වන දින කොළඹ වරාය පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
20 Nov 2024
මැරීන් බළඇණි පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ නාවික හමුදා පුද්ගලයන් 27 දෙනෙකු විසිර යති

නාවික හමුදා මැරීන් බළකායේ නවවන (09) බඳවා ගැනීමේ බළඇණි පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ නිලධාරීන් හත් දෙනෙකු (07) සහ නාවිකයින් විසි දෙනෙකු (20) හට ලාංඡන පැළඳවීම, ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ ආඥාපති කපිතාන් සංජීව කොඩිකාර ගේ ආරාධනයෙන්, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන්, 2024 නොවැම්බර් මස 19 වන දින ත්‍රීකුණාමලය, සාම්පුර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී සිදු කෙරිණි.
19 Nov 2024
‘USS Spruance’ නෞකාව කොළඹ වරායෙන් පිටත්වෙයි

සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2024 නොවැම්බර් මස 18 වන දින කොළඹ වරායට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Spruance’ නෞකාව සිය සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව අද (2024 නොවැම්බර් 19 දින) කොළඹ වරායෙන් පිටත්ව යාම සිදු කෙරුණු අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම සිදු කෙරිණි.
19 Nov 2024
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 නොවැම්බර් මස 17 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE’ නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද (2024 නොවැම්බර් 19 දින) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
19 Nov 2024
ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ තෙවන පූර්ණකාලීන ජාතික ආරක්‍ෂක පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි

කොළඹ ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ තෙවන පූර්ණකාලීන ජාතික ආරක්‍ෂක පාඨමාලාව සාර්ථකව අවසන් කළ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් හතලිස් එක් දෙනෙකු (41) වෙත උපාධි ප්‍රදානය කිරීම, ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල “FGS” ශ්‍රවණාගාරයේදී, 2024 නොවැම්බර් මස 18 වන දින සිදුකෙරුණු අතර, ඒ සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.
18 Nov 2024