වැදගත් සිදුවීම්
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Spruance’ කොළඹ වරායට පැමිණෙයි

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Spruance’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද (2024 නොවැම්බර් 18 දින) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
18 Nov 2024
‘USS Michael Murphy’ නෞකාව කොළඹ වරායෙන් පිටත්වෙයි

සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2024 නොවැම්බර් මස 16 වන දින කොළඹ වරායට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Michael Murphy’ නෞකාව සිය සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව අද (2024 නොවැම්බර් 17 දින) කොළඹ වරායෙන් පිටත්ව යාම සිදු කෙරුණු අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම සිදු කෙරිණි.
17 Nov 2024
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘SAMIDARE’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘SAMIDARE’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2024 නොවැම්බර් 17 දින) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
17 Nov 2024
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Michael Murphy’ කොළඹ වරායට පැමිණෙයි

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Michael Murphy’ යුධ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද (2024 නොවැම්බර් 16 දින) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
16 Nov 2024
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ වැඩ භාර ගනී

බටහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කරණු ලබන, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් අද (2024 නොවැම්බර් 15 දින) ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී වැඩ භාර ගැනීම සිදුකෙරිණි.
15 Nov 2024
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ලෂාන්ත් එන් හේවාවිතාරන නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් ලෂාන්ත් එන් හේවාවිතාරන අද (2024 නොවැම්බර් 15) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.
15 Nov 2024
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Vela’ සබ්මැරීනය නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 නොවැම්බර් මස 10 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Vela’ සබ්මැරීනය නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද (2024 නොවැම්බර් 13) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
13 Nov 2024
නිල හමුවක් සඳහා ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් ගරු Andalib Elias මහතා අද දින (2024 නොවැම්බර් 12) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
12 Nov 2024
ඉන්දීය වෙරළ ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂක ජෙනරාල් නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දීය වෙරළ ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පරමේෂ් සිවමනි (DG Paramesh Sivamani, PTM, TM ) නිල හමුවක් සඳහා අද දින (2024 නොවැම්බර් 11) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
11 Nov 2024
කළම්බු ප්ලෑන් සහ ඩයලොග් ආසියාටා සමාගම සමස්ත ලංකා චිත්‍ර සහ සජීවීකරණ විඩියෝ තරඟාවලියේ තිළිණ සඳහා අනුග්‍රාහකත්වය දක්වයි

“මත්ද්‍රව්‍යයෙන් තොර දීප්තිමත් අනාගතයක් සඳහා ළමුන් සහ තරුණ පරපුර බලගැන්වීම” යන උදාර තේමාව පෙරදැරිව, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා ස්ථාපිත කාර්යසාධක බලකායේ මූලිකත්වයෙන් පාසැල් දූ දරුවන් සහ නව යොවුන් ප්‍රජාව වෙනුවෙන් චිත්‍ර සහ සජීවීකරණ වීඩීයෝ තරඟාවලියක් 2024 වර්ෂයේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. එම තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත පිරිනමනු ලබන තිළිණ සඳහා අනුග්‍රහක දායකත්වය ලබාදෙනු ලබන කළම්බු ප්ලෑන් සහ ඩයලොග් ආසියාටා සමාගමේ නියෝජිතයින් 2024 නොවැම්බර් මස 11 වන දින විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා ස්ථාපිත කාර්යසාධක බලකායේ සභාපති වශයෙන් කටයුතු කරණු ලබන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවී එම තිළිණ සංකේතාත්මකව භාර දීම නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරිණි.
11 Nov 2024