වැදගත් සිදුවීම්
රණක්‍ෂිතයට පත් විශ්‍රාමික නාවිකයෙකු වෙත රෝද පුටුවක් පිරිනමයි

මානුෂීය මෙහෙයුමේදී රණක්‍ෂිතයට පත්ව සිටින බල නැවි අයිඩීඑන් තිලක්කුමාර යන විශ්‍රාමික කණිෂ්ඨ නාවිකයා වෙත රෝද පුටුවක් පිරිනැමීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ලමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් 2024 නොවැම්බර් මස 10 වන දින මහනුවර වත්තේගම ප්‍රදේශයේ පිහිටි එම කණිෂ්ඨ නාවිකයාගේ නිවසේ දී සිදු කෙරිණි.
11 Nov 2024
ධීවරයින් වෙනුවෙන් නාවික හමුදාව මඟින් මත්ද්‍රව්‍ය නිවාරණ සහ මූලික ජීවිත ආධාරක පුහුණු වැඩසටහන් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ධීවර අමාත්‍යාංශය හා එක්ව ධීවරයින් වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ සහ මූලික ජීවිත ආධාරක (Basic Life Support - BLS) පුහුණු වැඩසටහන් 2024 ජූලි මස 14 වන දින සිට 2024 නොවැම්බර් 08 වන දින දක්වා ත්‍රීකුණාමළය කොඩ්බේ ධීවර වරායේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
11 Nov 2024
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Vela’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Vela’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද දින (2024 නොවැම්බර් 10) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
10 Nov 2024
74 වන නාවික හමුදා සංවත්සර දිනය වෙනුවෙන් නාවිකයන්ගේ සුහද හමුව උත්කර්ෂවත් අයුරින් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සර දිනය සැමරීම සඳහා ආගමික සහ නාවික හමුදා සම්ප්‍රදායන්ට මුල්තැනක් දෙමින් වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කර ඇති අතර, එම වැඩසටහන් මාලාවේ නාවිකයන්ගේ සුහද හමුව අද දින (2024 නොවැම්බර් 09) වැලිසර නාවික Wave N’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
09 Nov 2024
නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස, රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු 2024 නොවැම්බර් මස 09 වන දින සිට පත් කෙරුණු අතර, ඊට අදාළ පත්වීම් ලිපිය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් නාවික හමුදා මූලස්ථානයේදී, රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වෙත නිල වශයෙන් ප්‍රදානය කර, සිය සුභපැතුම් පිරිනැමීම සිදුකෙරිණි.
09 Nov 2024
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 34 කට අධික සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ අද දින (2024 නොවැම්බර් 09) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.
09 Nov 2024
ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂක ජෙනරාල් නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂක ජෙනරාල් ලෙස පත් වූ රියර් අද්මිරාල් රාජප්‍රිය සේරසිංහ, නිල හමුවක් සඳහා පසුගියදා (2024 නොවැම්බර් 05) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
09 Nov 2024
නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස, රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ 2024 නොවැම්බර් මස 05 වන දින පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය අද දින (2024 නොවැම්බර් 08) නාවික හමුදා මූලස්ථානයේදී, රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ වෙත නිල වශයෙන් ප්‍රදානය කර සිය සුභපැතුම් පිරිනැමීම සිදුකෙරිණි.
08 Nov 2024
රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු ලෙස වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු වශයෙන් අද දින (2024 නොවැම්බර් 08) නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු කාර්යාලයේදී වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
08 Nov 2024
ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජ තානාපති නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජයේ තානාපති ගරු Semih Lütfü Turgut අද දින (2024 නොවැම්බර් 07) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
07 Nov 2024