වැදගත් සිදුවීම්
බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් පුද්ගලයින් 12 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර ඉන් පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 12 දෙනෙකු 2020 මැයි 19 වන දින එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.
20 May 2020
ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ‘හිරු සහන යාත්‍රා’ වැඩසටහන හා එක්ව නාවික හමුදාව වෙත ආරක්‍ෂිත ඇඳුම් කට්ටල තොගයක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් ආරක්‍ෂක ඇඳුම් කට්ටල තොගයක් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ‘හිරු සහන යාත්‍රා’ වැඩසටහන හා එක්ව නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 මැයි 19) නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.
19 May 2020
සාර්ථක නිරෝධායන ක්‍රියාවලියකින් පසු නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් 23 දෙනෙකු පිටව යයි.

නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර සිටි තවත් පුද්ගලයින් 23 දෙනෙකු සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර 2020 මැයි මස 18වන දින කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.
19 May 2020
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 05ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 209ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 05දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 18 වන දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
19 May 2020
ගංවතුර ආපදාවට පෙර සුදානමක් ලෙස ගාල්ල, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදාව කටයුතු කරයි

ගාල්ල, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ දැව කඳන් සහ අපද්‍රව්‍ය ඉවත් කර ජලය නිසි පරිදි බැස යාමට සැලැස්වීමෙන් එම ප්‍රදේශයට ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර අවධානම් තත්වය මැඩ පැවැත්වීමට 2020 මැයි මස 18 වන දින නාවික හමුදාව කටයුතු කරන ලදී.
18 May 2020
නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් වල තවත් සාමාජිකයින් 18ක් සාර්ථක නිරෝධායන ක්‍රියාවලියකින් පසු නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පිටව යයි.

නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර සිටි තවත් නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් 05 කට අයත් සාමාජිකයින් 18 ක පිරිසක් සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර 2020 මැයි මස 17වන දින එම නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.
18 May 2020
නිවසක් තුල සඟවා තිබූ ඇත් දලයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද (2020 මැයි මස 18) කතරගම, ගෝතමීගම ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී නිවසක් තුල සඟවා තිබූ ඇත් දලයක් සමඟ සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට සමත් විය.
18 May 2020
මන්නාරම, නච්චිකුඩා නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ තවත් පුද්ගලයින් 22ක් ඉන් පිටව යයි.

මන්නාරම, නච්චිකුඩා ප්‍රදේශයේ පිහිටී ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 22ක් අද (2020 මැයි 18) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.
18 May 2020
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 15ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 204ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 15දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 17 වන දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
18 May 2020
ත්‍රීරෝද රථයක සඟවා තිබූ දේශිය ගංජා තොගයක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 මැයි මස 16 වන දින කුඩා ඔය ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී ත්‍රීරෝද රථයක සඟවා තිබූ දේශිය ගංජා තොගයක් සොයා ගැනීමට සමත් විය.
17 May 2020