වැදගත් සිදුවීම්
කොරෝනා මැඩලීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයෙන් නාවික හමුදාව වෙත රුපියල් ලක්‍ෂ පහක මුදලක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය මූල්‍යමය දායකත්වය ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදා සංගමය මගින් නාවික හමුදාව වෙත රුපියල් ලක්ෂ පහක් (රු.500000.00) ලබා දීම 2020 මැයි 15වන දින නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.
16 May 2020
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 26ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 177ක් දක්වා ඉහළට.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 26 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 15 වන දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
16 May 2020
ඔලුවිල් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ තවත් පුද්ගලයින් 19ක් නිරෝධායන කටයුතු අවසන් කර ඉන් පිටව යයි.

ඔලුවිල් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද අවසන් කණ්ඩායම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු අද (2020 මැයි 15) එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.
15 May 2020
ගංවතුර උවදුරට මුහුණ දීම සඳහා නාවික හමුදාව කැළණි ගඟේ ලවණ බාධක ඉවත් කරයි.

මේ දින වල ඇදහැලෙන වර්ෂාවේ වැඩි වීමත් සමඟ ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර තත්වයෙන් කැළණි ගඟ දෙපස ජනතාව ආරක්‍ෂා කිරීම සඳහා කැළණි ගඟ හරහා අඹතලේ ප්‍රදේශයේ වැලි කොට්ට යොදා ඉදිකර ඇති ලවණ බාධකය ඉවත් කිරීමට නාවික හමුදාව 2020 මැයි මස 13 සහ 14 යන දිනයන්හි කටයුතු කරන ලදි.
15 May 2020
සාර්ථක නිරෝධායන ක්‍රියාවලියකින් පසු නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් වල තවත් සාමාජිකයින් 162ක් නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පිටව යයි.

නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර සිටි තවත් නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් 35කට අයත් සමාජිකයින් 162 ක පිරිසක් සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර 2020 මැයි මස 14 වන දින එම නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.
15 May 2020
කොවිඩ් - 19 ආසාධනයවී සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 30ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 151ක් දක්වා ඉහළට.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 30දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 14 වන දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
15 May 2020
ජ්‍යෙෂ්ඨ නාවිකයින් 150 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 150 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (05) බැගින් වූ පොලී රහිත ණය මුදල් එම ජ්‍යෙෂ්ඨ නාවිකයින් රාජකාරි කරනු ලබන ආයතන සහ නෞකාවන් වෙත සහ විශ්‍රාම පූර්ව නිවාඩු සිටින නාවික පුද්ගලයින්ගේ ප්‍රේෂණපත් එම නාවිකයින් පදිංචි ප්‍රදේශයන් වෙත ගොස් ලබා දීමේ වැඩසටහනක් 2020 මැයි මස 11 දින සිට 14 වන දින දක්වා ක්‍රියාත්මක කරන ලදි.
14 May 2020
සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් හට විවේක ගැනීම සඳහා ‘Udekki Beach Resort’ නිවාඩු නිකේතනය නාවික හමුදාව වෙත තාවකාලිකව ලබා දෙයි.

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝනයේ අණභාර නිලධාරීයෙකු ලෙස රට වෙනුවෙන් විශිෂ්ඨ කාර්යභාරයක් ඉටුකර මාතෘ භූමියේ ඒකීය භාවය වෙනුවෙන් සිය දිවි පිදූ ලුතිනන් කොමාණ්ඩර් සෙඩ්ඩ්‍රික් මාටින්ස්ටෛන් සිහිවීම පිණිස එතුමන්ගේ සහෝදරයාගේ මූලිකත්වයෙන් කල්පිටිය ප්‍රදේශයේ පිහිටි ‘Udekki Beach Resort’ නිවාඩු නිකේතනය කොරෝනා මැඩලීමේ නාවික හමුදා මෙහෙයුමේ සුභසාධන කටයුතු සඳහා යොදා ගැනීමට නිල වශයෙන් නාවික හමුදාව වෙත භාරදීම 2020 මැයි 13 වන දින සිදු කරන ලදි.
14 May 2020
කොවිඩ් - 19 ආසාධනයවී සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 59ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 121ක් දක්වා ඉහළට.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 59දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 13 වන දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
14 May 2020
ජාත්‍යන්තර සිංහ සමාජය හා ස්වාධීන රූපවාහිණී මාධ්‍ය ජාලය එක්ව නාවික හමුදාවේ කොරෝනා මැඩලීමේ මෙහෙයුම් සඳහා අවශ්‍ය මුහුණු ආවරණ සහ සෞඛ්‍යාරක්‍ෂිත ඇදුම් කට්ටල තොගයක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂිත මුහුණු ආවරණ සහ ඇදුම් කට්ටල තොගයක් ජාත්‍යන්තර සිංහ සමාජය හා ස්වාධීන රූපවාහිණී මාධ්‍ය ජාලය එක්ව නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 මැයි 13) නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.
13 May 2020