වැදගත් සිදුවීම්
2024 පර්යේෂණ සහ සංවර්ධනය දිශානති පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය වැලිසරදී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රය සඳහා නාවිකයින් පුහුණු කිරීම සහ දිරිගැන්වීමේ අරමුණින්, පර්යේෂණ සහ සංවර්ධනය දිශානති පාඨමාලාව 2024 ඔක්තෝබර් මස 21 වන දින සිට 30 වන දින දක්වා පැවති අතර, එහි සහතිකපත් ප්‍රදානෝත්සවය වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ පිහිටි පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ සම්මන්ත්‍රණ ශාලාවේදී 2024 ඔක්තෝබර් මස 30 වන දින පැවැත්වීමට කටයුතු කෙරිණි.
01 Nov 2024
ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය මඟින් ගාලු වරායේ නව විද්‍යුත් සිතියම එළිදක්වයි

ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය ස්ථාපිත කිරීමෙන් අනතුරුව, ප්‍රථම විද්‍යුත් මුහුදු සිතියම ලෙස, ගාලු වරායේ නව විද්‍යුත් සිතියම එළිදැක්වීම 2024 ඔක්තෝබර් මස 31 වන දින එම කාර්යාලයේදී සිදුකෙරිණි.
01 Nov 2024
නාවික හමුදාව විසින් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ පුහුණු අභ්‍යාසයක් කොළඹ වරායේදී සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින්; හදිසි රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව අවස්ථාවකදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව පුහුණු අභ්‍යාසයක් 2024 ඔක්තෝබර් මස 30 වන දින කොළඹ වරාය පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
31 Oct 2024
ගිණිකොන නාවික විධානයේ අභිනව වැඩ බලන ආඥාපති ලෙස කොමදෝරු හර්ෂ ද සිල්වා වැඩ භාර ගනී

ගිණිකොන නාවික විධානයේ අභිනව වැඩ බලන ආඥාපති වශයෙන් පත් කෙරුණු කොමදෝරු හර්ෂ ද සිල්වා අද දින (2024 ඔක්තෝබර් 30) ගිණිකොන නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ වැඩ බලන ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
30 Oct 2024
රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් ලෙස වැඩ භාර ගනියි

අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු වශයෙන් කටයුතු කරණු ලබන, රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් වශයෙන් අද දින (2024 ඔක්තෝබර් 30) නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් කාර්යාලයේදී වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
30 Oct 2024
නාවික හමුදාව විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය නිලධාරීන් සඳහා කිමිදුම් වෛද්‍ය පුහුණු වැඩසටහන් ත්‍රීකුණාමලයේදී සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකාව තුළ කිමිදුම් වෛද්‍ය විද්‍යාව සම්බන්ධ දැනුම ප්‍රචලිත කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව, වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් සඳහා කිමිදුම් ප්‍රථිකාර සිදුකරනු ලබන නැවත සම්පීඩනය කිරීමේ කුටීරය (Recompression Chamber) හා හයිපර්බරික් ඔක්සිජන් චිකිත්සාව (Hyperbaric Oxygen) පිළිබඳ න්‍යායාත්මක සහ ප්‍රායෝගික වැඩමුළුවක් නැගෙනහිර නාවික විධාන කිමිදුම් ඒකකයේදී අධියර දෙකක් යටතේ 2024 ජූනි 07 සිට 09 දක්වා සහ 2024 ඔක්තෝබර් මස 26 සහ 27 යන දෙදින තුළ සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
29 Oct 2024
නාවික හමුදාධිපති නාවික තඨාකාංගණයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2024 ඔක්තෝබර් මස 26 සහ 27 යන දෙදින තුළ නාවික තඨාකංගණයේ නිල සංචාරයක නිරත වෙමින්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු සමඟ එම විධානය මඟින් සිදුකරනු ලබන මෙහෙයුම් කටයුතු, සංවර්ධන හා සුභසාධන ව්‍යාපෘති නිරීක්‍ෂණය කර, නාවික හමුදාවේ කාර්යය භාරය සම්බන්ධයෙන් නාවික තටාකංගණයේ නිලධාරීන්, පුහුණු වන නිලධාරීන් සහ නාවිකයන් දැනුවත් කිරීම සිදුකෙරිණි.
28 Oct 2024
නීල කාබන් පරිසර පද්ධති සහ ජෛව විවිධත්වය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් මන්නාරමේදී සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව පරිසර අමාත්‍යාංශය හා එක්ව සංවිධානය කරන ලද නීල කාබන් පරිසර පද්ධති සහ මන්නාරම ප්‍රදේශයේ ජෛව විවිධත්ව පිළිබඳව නාවික පුද්ගලයන් දැනුවත් කිරීමේ දෙදින පුහුණු වැඩමුලුවක් වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේදී 2024 ඔක්තෝබර් මස 25 සහ 26 දිනයන්හිදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
27 Oct 2024
උතුරු මැද නාවික විධානයේ නාවිකයන්ගේ සුභසාධන පහසුකම් පුළුල් කෙරේ

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා සහ පුස්සදේව ආයතන තුළ සුභසාධන පහසුකම් පුළුල් කරමින්, අභිනවයෙන් ඉදිකළ කණිෂ්ඨ නාවික නිවාස, උතුරු මැද නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ජගත් කුමාර ගේ ප්‍රධානත්වයෙන් 2024 ඔක්තෝබර් මස 18 සහ 19 දින විවෘත කෙරිණි.
26 Oct 2024
නාවික හමුදාධිපති වැලිසර නාවික සංකීර්ණයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2024 ඔක්තෝබර් මස 25 වන දින වැලිසර නාවික සංකීර්ණයේ නිල සංචාරයක නිරත වෙමින්, එම නාවික සංකීර්ණයේ මෙහෙයුම් කටයුතු, සංවර්ධන සහ සුභසාධන ව්‍යාපෘති නිරීක්‍ෂණය කර, නාවික හමුදාවේ කාර්යය භාරය සම්බන්ධයෙන් වැලිසර නාවික සංකීර්ණයේ නිලධාරීන් සහ නාවිකයන් දැනුවත් කිරීම සිදුකෙරිණි.
26 Oct 2024