වැදගත් සිදුවීම්

තහනම් දැල් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව 2020 මාර්තු 17 වන දින හම්බන්තොට ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී තහනම් දැල් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගැනීමට සමත් විය.

18 Mar 2020

ත්‍රිකූණාමලය බස්නැවතුමෙහි විෂබීජ හරණ කටයුතු සිදු කිරීමට නාවික හමුදා දායකත්වය

‘නව කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 17 වන දින ත්‍රිකුණාමලය නගරයේ බස් නැවතුම් පොලෙහි විෂබීජ හරණ කටයුතු සිදු කරන ලදි.

18 Mar 2020

බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ.

නව කෙරෝනා හෙවත් ‘කොවිඩ් - 19’ වෛරසය ලොව පූරා පැතිරයාම හේතුවෙන් දිවයිනට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීම සඳහා සහයෝගය දැක්වීමේ ජාතික වගකීමට උරදෙමින් නාවික හමුදාව 2020 මාර්තු 16 වන දින බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලදි

18 Mar 2020

නීති විරෝධීව අල්ලන ලද කස මෝරු ක්‍රිලෝග්‍රෑම් 660කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 මාර්තු 16 වන දින මීගමුව, ලෙල්ලම මාළු වෙළඳපොලේ සිදු කරන ලද හදිසි පරීක්‍ෂා කිරීමකදී නීති විරෝධී ලෙස අල්ලන ලද කස මෝරුන් (වරල් රහිත) ක්‍රිලෝග්‍රෑම් 660කට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට ගෙන ඇත.

17 Mar 2020

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයෙකු (01) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 16) යාපනය, විනයාසෝඩ් මුහුදු ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගන්නා ලදි.

16 Mar 2020

පස්වන (5) දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය සාර්ථකව පවත්වයි

පස්වන (5) දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාව නිමාව සනිටුහන් කරමින් 2020 මාර්තු 15 වන දින එහි සහතික ප්‍රදානෝත්සවය අති උත්කර්ශවත් අන්දමින් ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

16 Mar 2020

ශ්‍රීලංනානෞ ශක්ති නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් ගජිත් ප්‍රියන්ත වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන ශ්‍රීලංනානෞ ශක්ති නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් ගජිත් ප්‍රියන්ත අද (2020 ජනවාරි 16) වැඩ භාර ගන්නා ලදී.

16 Mar 2020

ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මගින් කැස්බෑ පැටවුන් 16 ක් සාගරයට මුදා හරියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ගිණිකොණ නාවික විධානයේ පානම කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථානය මගින් කැස්බෑ පැටවුන් 16 දෙනෙක් සයුරට මුදා හැරීම අද (2020 මාර්තු 16) සිදු කරන ලදි.

16 Mar 2020

නාවික හමුදා සහ පොලිස් ඒකාබද්ධ ‍මෙයෙහුමක් මගින් හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට

නාවික හමුදාව ‍සහ ත්‍රිතුණාමලය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය එක්ව ත්‍රිකුණාමලය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් 2020 මාර්තු 15 වන දින ක්‍රියාත්මක කල ඒකාබද්ධ මෙහෙයුමක් මගින් හෙරොයින් සමඟ පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගැනීමට සමත්විය.

16 Mar 2020

කේරළ ගංජා සමග දෙදෙනෙක් නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 15 වන දින කෝනේශ්වරම් වලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී කේරළ ගංජා සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික භාරයට ගැනීමට සමත් විය.

16 Mar 2020