වැදගත් සිදුවීම්

නාවික ක්‍ෂෙත්‍ර පුහුණු අභ්‍යාසය “Marines Field Training Exercise Blue Whale - 2024” සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලකාය විසින් තෙවන (03) වරට සංවිධානය කරනු ලැබූ Marines Field Training Exercise Blue Whale - 2024 ක්‍ෂෙත්‍ර පුහුණු අභ්‍යාසය 2024 ඔක්තෝබර් මස 07 වන දින සිට 13 වන දින දක්වා වයඹ මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත වෙරළ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සාර්ථකව පැවැත්වුණු අතර, අභ්‍යාසයේ අවසන් දේශනය නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලය, ශ්‍රී ලංකා නාවික නෞකා විදුර, මැරීන් බලකා මූලස්ථානයේදී පැවැත්විණි.

15 Oct 2024

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ‍උපාධි ප්‍රදානෝත්සවය සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ විවිධ අධ්‍යයන ක්‍ෂේත්‍රයන් ඔස්සේ උපාධි සම්පූර්ණ කළ 1732 ක් සඳහා 2024 වර්ෂයේ උපාධි ප්‍රදානෝත්සවය, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී 2024 ඔක්තෝබර් මස 14 සහ 15 දින පැවැත්වෙන අතර, අද දින (2024 ඔක්තෝබර් 14) පැවති එම උපාධි ප්‍රදානෝත්සවයේ දෙවන සැසියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

14 Oct 2024

නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් 2024 ඔක්තෝබර් මස 11 වන දින පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය අද දින (2024 ඔක්තෝබර් 14) නාවික හමුදා මූලස්ථානයේදී, රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් වෙත නිල වශයෙන් ප්‍රදානය කර සිය සුභපැතුම් පිරිනැමීම සිදුකෙරිණි.

14 Oct 2024

ඉතාලි නාවික හමුදාවට අයත් ‘PPA MONTECUCCOLI’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 ඔක්තෝබර් මස 10 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉතාලි නාවික හමුදාවට අයත් ‘PPA MONTECUCCOLI’ නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2024 ඔක්තෝබර් 13) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

13 Oct 2024

නාවික හමුදා දායකත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ගාල්ල සහ හම්බන්තොට දී සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්‍ අද දින (2024 ඔක්තෝබර් 12) ගාල්ල කොටුව සහ හම්බන්තොට ධීවර වරාය ආශ්‍රිත වෙරළ තීර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරිණි.

12 Oct 2024

මූලික අනුගතවීමේ පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කල නිලධාරීන් 13 ක් නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යයි

මූලික අනුගතවීමේ පාඨමාලාව (වෛද්‍ය) 02/2024, සාර්ථකව සම්පූර්ණ කල නිලධාරීන් දහතුන් දෙනෙකු (13) විසිරයාමේ උත්සවය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු රොහාන් ජෝෂප් ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 ඔක්තෝබර් 11) ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි.

11 Oct 2024

ඉන්දියාවේ රාජකීය නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකා ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ, රාජකීය නෙදර්ලන්ත තානාපති කාර්යාලයට අනුයුක්ත, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් Robert van Bruinessen අද දින (2024 ඔක්තෝබර් 11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

11 Oct 2024

ප්‍රංශ නාවික උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි ප්‍රංශ තානාපති කාර්යාලයට අනුයුක්තව, ශ්‍රී ලංකාවේ ප්‍රංශ නාවික උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කොමාණඩර්, Dang Khoa BUI අද දින (2024 ඔක්තෝබර් 11) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

11 Oct 2024

'PO LANG' පුහුණු රුවල් යුද නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 ඔක්තෝබර් මස 08 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මහජන චීන විමුක්ති හමුදාවේ (Chinese People’s Liberation Army Navy Sail Training Warship) ‘PO LANG’ පුහුණු රුවල් යුද නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2024 ඔක්තෝබර් 11) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

11 Oct 2024

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් රවි රණසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට අධික සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් රවි රණසිංහ අද දින (2024 ඔක්තෝබර් 11) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

11 Oct 2024