වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මගින් කැස්බෑ පැටවන් 45 ක් සාගරයට මුදා හරියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ගිණිකොණ නාවික විධානයේ පානම කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථානය මගින් කැස්බෑ පැටවුන් 45 දෙනෙක් සයුරට මුදා හැරීම අද සිදු කරන ලදි.

28 Feb 2020

නීති විරෝධී දැල් පහක් (05) සමග පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 28) මන්නාරම, වන්කාලේ මුහුදු තීරයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධි දැල් පහක් (05) සමග පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

28 Feb 2020

නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 27 වන දින පුත්තලම, උඩප්පුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධි ලෙස ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

28 Feb 2020

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 27 සින්නකුඩුඉරිප්පු ධීවර වරායේදී නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

28 Feb 2020

මුලතිව්, වඩ්ඩුවාකල් වෙරළ තීරයේ තිබී පුද්ගල නාශක බෝම්බයක් නාවික හමුදා භාරයට

මුලතිව්, වඩ්ඩුවාකල් වෙරළ තීරයේ තිබී අද (2020 පෙබරවාරි 27) පුද්ගල නාශක බෝම්බයක් නාවික හමුදාව විසින් තම භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

27 Feb 2020

කේරල ගංජා සමග පුද්ගලයෙක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව සහ සංකානේ සුරාබදු ඒකකය එක්ව 2020 පෙබරවාරි 25 වන දින පේදුරුතුඩුව, තම්බාලෙයි ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 21 ග්‍රෑම් 510 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය.

26 Feb 2020

ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ යෝගට් ව්‍යාපෘතිය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල්ගල තබයි

ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ පවත්වාගෙන යනු ලබන යෝගට් ව්‍යාපෘතිය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල් ගල තැබීම අද (2020 පෙබරවාරි 26) සිදු විය.

26 Feb 2020

නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් රුවන් පෙරේරා වැඩ භාර ගනී

රියර් අද්මිරාල් රුවන් පෙරේරා අද (2020 පෙබරවාරි 26) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

26 Feb 2020

ජ්‍යෙෂ්ඨ නාවිකයින් 100 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 100 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (2020 පෙබරවාරි 26) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපතිතුමාගේ කාර්යාලයේදී සිදු කෙරුණි.

26 Feb 2020

ගංජා හේන් හතරක් (04) නාවික හමුදාව වටලයි.

නාවික හමුදාව 2020 පෙබරවාරි 25 වන දින යාල, බලුගන්තලාව ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකින් ගංජා හේන් හතරක් (04) සොයා ගැනීමට සමත්විය.

26 Feb 2020