වැදගත් සිදුවීම්
මෙම වසරේ ගතවූ දින 35ක කාලය තුල ටොන් එකකට ආසන්න කේරළ ගංජා තොගයක් නාවික හමුදා මෙහෙයුම් මගින් අත්අඩංගුවට.

කන්කසන්තුරය මුහුදු ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කළ මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 157 ක ප්‍රමාණයක් 2020 පෙබරවාරි 04 වන දින සොයා ගන්නා ලදි.
05 Feb 2020
‘මේ ඔබේ නාවික හමුදාවයි’ මැයෙන් නාවික හමුදා ප්‍රදර්ශණයක් හා සංදර්ශණයක් ගාලු මුවදොරදී.

කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද (2020 පෙබරවාරි 04) පෙරවරුවේ පැවති 72 වන නිදහස් සැමරුම් උළෙලට සමගාමීව ‘මේ ඔබේ නාවික හමුදාවයි’ මැයෙන් නාවික හමුදා ප්‍රදර්ශණයක් සහ සංදර්ශණයක් ගාලු මුවදොරදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
04 Feb 2020
72 වන නිදහස් දින සැමරුම් උළෙලට නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී වන ලදි

කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද (2020 පෙබරවාරි 04) පෙරවරුවේ පැවති 72 වන නිදහස් සැමරුම් උළෙල සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, ඒ සඳහා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී වන ලදි
04 Feb 2020
උප්පාරු ප්‍රදේශයේදී නීති විරෝධී පොළව අභ්‍යත්තරය ස්කෑන් කරනු ලබන යන්ත්‍රයක් නාවික හමුදා බාරයට

නාවික හමුදාව 2020 පෙබරවාරි 03 වන දින කින්නියා උප්පාරු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමක් අතරතුර නීති විරෝධී ලෙස පොළව අභ්‍යන්තරය ස්කෑන් කරනු ලබන යන්ත්‍රයක් සමග සැක කරුවන් අට දෙනෙක් (08) නාවික හමුදා බාරයට ගැනීමට සමත්විය.
04 Feb 2020
නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 පෙබරවාරි 03 වන දින කාත්තන්කුඩි ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදී නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
04 Feb 2020
නාවික හමුදාව නිදහස් දිනය වෙනුවෙන් වෙඩිමුර උත්තමාචාර 25 ක් පවත්වා ජාතිය වෙත උපහාර දක්වයි

72 වන නිදහස් සමරු උළෙලට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන වෙඩිමුර උත්තමාචාරය මෙවරත් නාවික හමුදා මූලස්ථානය ඉදිරිපිට පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී අද (පෙබරවාරි 04) 1200 පැයට අභිමානවත් ලෙස සිදු කෙරිණි.
04 Feb 2020
හක් බෙල්ලන් 179 ක් සමග සැකකරුවෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 03 ) යාපනය, චාටි වෙරළ තීරයේ සිදු කළ වැටලීමකදී හක් බෙල්ලන් තොගයක් සමග සැකකරුවෙක් (01) නාවික හමුදා භාරයට ගන්නා ලදි.
03 Feb 2020
මසුන් මැරීම සඳහා සකස් කරන ලද පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 03) මන්නාරම, පල්ලෙමුණේ ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී මසුන් මැරීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත් විය.
03 Feb 2020
වෙළඳසැලක් තුල ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය

පොතුවිල් නගරයේ පිහිටි අයිස්ක්‍රීම් වෙළඳසැළක් තුළ හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීම සඳහා අද (2020 පෙබරවාරි 03) නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.
03 Feb 2020
නාවික හමුදා රග්බි කණ්ඩායමට විශිෂ්ඨ ජයග්‍රහණයක්.

2020 පෙබරවාරි 02 වන දින කොළඹ පොලිස් ක්‍රීඩා පිටියේ නාවික හමුදා රග්බි කණ්ඩායම සහ පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායම අතර පැවති තරයෙන් 44 – 24 ක් වශයෙන් විශිෂ්ඨ ජයක් ලබාගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.
03 Feb 2020