වැදගත් සිදුවීම්
පූනෑව රක්ෂිතයේ සගවා තිබූ බඳින තුවක්කු දෙකක් (02) සොයා ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ මැදවච්චිය පොලිසිය එක්ව 2020 ජනවාරි 18 වන දින පූනෑව රක්ෂිත ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී නීති විරෝධී බඳින තුවක්කු දෙකක් (02) සොයා ගෙන ඇත.
19 Jan 2020
නාවික හමුදාව මගින් සිදු කරනු ලබන වෙරළ සංරක්ෂණ කටයුතු සඳහා ස්වභාදහමේ ආශිර්වාදය

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිරන්තරයෙන් සිදු කරනු ලබන වෙරළ සංරක්ෂන කටයුතු සහ සාගර පරිසරය සුරක්ෂිත කිරීමේ ක්‍රියාකාරකම් වල සාර්ථක ප්‍රගතියක් මේ වන විට නිරීක්ෂණය වේ.
18 Jan 2020
ඩිංගි යාත්‍රා දෙකක් (02) සමග බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 ජනවාරි 18) යාපනය කරෙයිනගර් ප්‍රදේශය අවට මුහුදේ සිදු කළ සෝදිසි කිරීමකදී ඩිංගි යාත්‍රා දෙකක් (02) සමග බීඩිකොළ කිලෝග්‍රෑම් 1060 ග්‍රෑම් 200 ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇත.
18 Jan 2020
තහනම් දැල් තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා සහයෙන් අත් අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව අද (2020 ජනවාරි 18) යාපනය නගරයේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී වෙළඳ සැල් දෙකක් (02) තුළ තිබී තහනම් දැල් තොගයක් අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
18 Jan 2020
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි මස 17 වන දින තෝපූර් ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හෙරෝයින් ග්‍රෑම් 36 ක ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
18 Jan 2020
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක හා නැගෙනහිර අඥාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඕස්ටේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන ගෲප් කපිතාන් ෂෝන් අන්වින් 2020 ජනවාරි 18 වන දින නැගෙනහිර විධාන මූලස්ථානයේදී නැගෙනහිර නාවික ප්‍රදේශය භාර ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ හමුවිය.
18 Jan 2020
මහජන චීන සමූහාන්ඩුවට අයත් සාගර පර්යේෂණ නෞකාවක් වන ‘ෂියෑන්ග් යැන්ග් හොන්ග් 06’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

2020 ජනවාරි 03 දින ශ්‍රී ලංකාවට පැමිණි මහජන චීන සමූහාණ්ඩුවට අයත් සාගර පර්යේෂණ නෞකාවක් වන “ෂියෑන්ග් යැන්ග් හොන්ග් 06” නෞකාව ශ්‍රී ලංකාවට අයත් මුහුදු පතුලේ සහ මුහුදු ජලයේ දියවී සිටින ක්ෂුද්‍ර ජීවීන් පිළිඳව පර්යේෂණ කටයුතු මේ වන විට සිදු කරමින් සිටී.
17 Jan 2020
මුහුදේ අනතුරට පත් ධීවරයෙකු (01) ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය

උතුරු නාවික විධානය විසින් 2020 ජනවාරි 16 වන දින බහුදින ධීවර යාත්‍රාවක අනතුරකට පත්ව සිටි ධීවරයෙකු (01) නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කර ඇත.
17 Jan 2020
නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 16 වන දින මන්නාරම, එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගෙන ඇත.
17 Jan 2020
ගංජා ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 14 වන දින ලාහුගල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී අලෙවි කිරීම සඳහා ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.
15 Jan 2020