වැදගත් සිදුවීම්
සේවය හැරගොස් සිටින නාවික හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්

නිත්‍යානුකූල නොවන අයුරින් නාවික හමුදා සේවය හැරගිය නාවික හමුදා පුද්ගලයින් හට නිත්‍යානුකූලව නාවික හමුදාවෙන් ඉවත්වීම සඳහා හෝ නැවත නාවික හමුදාවට එක්ව තම රට ජාතිය වෙනුවෙන් සේවය කිරීමට අවස්ථාවක් උදාකර දීම සඳහා සන්නද්ධ හමුදා සේනාධිනායක,
15 Jan 2020
පුද්ගලයින් දෙදෙනෙක් කේරල ගංජා සමග නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් දික්වැල්ල ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති මාර්ගබාධකයක් තුළ 2020 ජනවාරි 14 වන දින සැක කටයුතු යතුරුපැදියක් නවතා සිදු කළ සෝදිසියකදී කේරළ ගංජා ග්‍රෑම් 03 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇත.
15 Jan 2020
මුහුදේදී රෝගී වූ ධීවරයෙකු ගොඩබිම වෙත රැගෙන ඒම සඳහා නාවික හමුදා දායකත්වය

මුහුදේදී රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට 2020 ජනවාරි 14 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී.
15 Jan 2020
නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කළ දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 14 වන දින ත්‍රිකුණාමලය, තෝපූර් ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගැනීමට සමත් වී ඇත.
15 Jan 2020
කේරල ගංජා සමග යතුරුපැදියක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 13 වන දින චාවකච්චේරිය, පලෙයි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 8 ග්‍රෑම් 475 ක් පමණ සොයා ගැනීමට සමත්ව ඇත.
14 Jan 2020
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීමේ නිරතවූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 13 සහ 14 යන දිනයන්හිදී පලෙයිතිව් වලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීමේ නිරතවූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.
14 Jan 2020
මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 13 වන දින නිලාවේලි, එරක්කන්ඩි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී හෙරෝයින් සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගෙන ඇත.
14 Jan 2020
නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 13 වන දින පුත්තලම, පූක්කුලමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.
14 Jan 2020
අතහැර දැමු අත් බෝම්බ දෙකක් (02) නිෂ්ක්‍රීය කිරීමට නාවික හමුදාව සමත් වෙයි

නාවික හමුදාව විසින් පොල්පිතිගම, ඉඳගොල්ල යාය 07 ප්‍රදේශයේ තිබී අතහැර දමන ලද ජීවී අත් බෝම්බ දෙකක් (02) නිෂ්ක්‍රීය කිරීමට 2020 ජනවාරි 13 වන දින සමත් වන ලදි.
14 Jan 2020
නාවික හමුදා බෝම්බ නිෂ්ක්‍රීය ඒකකය වෙත බෝම්බ නිෂ්ක්‍රීය උපකරණ බෙදාහැරේ

ශ්‍රී ලංකා නාවික හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයට මෙතෙක් අඩුපාඩුවක්ව පැවැති බෝම්බ නිෂ්ක්‍රීය උපකරණ කිහිපයක් නාවික හමුදා විධානයන් තුල ක්‍රියාත්මක බෝම්බ නිෂ්ක්‍රීය ඒකකයන් අතරේ බෙදාහැරීම අද (2020 ජනවාරි 13) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රදානත්වයෙන් සිදු කරන ලදී.
13 Jan 2020