වැදගත් සිදුවීම්

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරඟාවලියේ තවත් ජයක් නාවික හමුදාවට

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරඟාවලියේ නාවික හමුදා සහ යුද්ධ හමුදා පිල අතර තරඟයක් 2020 ජනවාරි 10 වන දින වැලිසර නාවික හමුදා රග්බි ක්‍රීඩා පිටියේදී පැවැති අතර, එහිදී යුද්ධ හමුදා කණ්ඩායම පරාජය කරමින් ලකුණු 35 - 34 ක් වශයෙන් නාවික හමුදා කණ්ඩායම සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය.

10 Jan 2020

අයිස් (Methamphetamine) මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව පුත්තලම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලද මෙහෙයුමකදී අද (2020 ජනවාරි 10) අයිස් (Methamphetamine) මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගෙන ඇත.

10 Jan 2020

ටීඑන්ටී හා සී 4 මිශ්‍ර වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 09 වන දින කින්නියා ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී ටීඑන්ටී හා සී 4 මිශ්‍ර වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනීමට සමත් විය.

10 Jan 2020

නාවික හමුදා සහ පොලිස් ඒකාබද්ධ මෙහෙයුමකින් වෝටර්ජෙල් කූරු යොදා සකස් කරන ලද චාර්ජස් දෙකක් සමග පුද්ගලයෙකු අත් අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 09 වන දින නිලාවේලි, දෙව්ගල් වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදි නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා වෝටජෙල් කූරු යොදා සකස් කරන ලද චාර්ජස් දෙකක් (02) සමග පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

10 Jan 2020

නාවික හමුදාව සාගරික පරිසර පද්ධති සුරැකීමට දායක වෙමින් කඩොලාන පැල දහසක් රෝපණය කරයි

ශ්‍රී ලංකාවේ සාගරික සහ ගොඩබිම් පරිසර පද්ධතීන් සුරැකීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, කඩොලාන පරිසර පද්ධති ව්‍යාප්ත කිරීමේ වැඩසටහන යටතේ ‍කඩොලාන පැල රෝපණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

10 Jan 2020

ග්ලයිෆොසේට් අඩංගු රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 ජනවාරි 08 වන දින තඹුත්තේගම නගරයේදී සිදු කළ වැටලීමකදී ග්ලයිෆොසේට් අඩංගු රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.

09 Jan 2020

නාවික හමුදා මැරීන් බලඇණියේ පුහුණුව ලැබූ නාවික පුද්ගලයන් 46 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලඇණියට අනුයුක්තව පුහුණුව ලැබූ නිලධාරීන් දෙදෙනෙකු (02) සහ නාවිකයින් හතලිස් හතර (44) දෙනෙකු සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කරමින් අද (2020 ජනවාරි 09) ත්‍රිකුණාමලය, සාම්පුර් හි පිහිටි මැරීන් බලඇණි මූලස්ථානයේදී විසිර ගියහ.

09 Jan 2020

විකිණිමට සුදානම් කර තිබූ ගෝන මස් තොගයක් සමග පුද්ගලයෙකු නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 08 වන දින අක්කරෙයිපත්තු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී විකිණිමට සුදානම් කර තිබූ ගෝන මස් තොගයක් සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇත.

09 Jan 2020

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් සිලාවතුර වෙරළ තීරයේ 2020 ජනවාරි 08 වන දින සිදු කල මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට සමත්ව ඇත.

09 Jan 2020

හෙරොයින් සමග ත්‍රිරෝද රථයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව අද (2020 ජනවාරි 08) පුත්තලම, කල්ලඩි ප්‍රදේශයේ කරන ලද මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 03 ක් පමණ සොයා ගැනීමට සමත්ව ඇත.

08 Jan 2020