වැදගත් සිදුවීම්
ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා නාවික හමුදා සහාය

ජාතික ඩෙංගු මර්ධන ඒකකය මගින් 2020 ජනවාරි 07 වන දින සිට 09 වන දින දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය ලබා දෙන ලදි.
08 Jan 2020
තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 ජනවාරි 08) මොල්ලිකුලම් වලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.
08 Jan 2020
නීති විරෝධී ලෙස ලඟ තබා ගත් මුහුදු කූඩැල්ලන් තොගයක් නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව 2020 ජනවාරි 07 වන දින යාපනය, මිරින්චිමුනායි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇත.
08 Jan 2020
තහනම් දැල් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව 2020 ජනවාරි 07 වන දින යාපනය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී තහනම් දැල් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගෙන ඇත.
08 Jan 2020
ගාල්ල ප්‍රදේශයට නුදුරු මුහුදේ කේරළ ගංජා ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 ජනවාරි 07) දින සිදු කල විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 15 කට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් හයදෙනෙකු (06) නාවික හමුදා බාරයට ගෙන ඇත.
07 Jan 2020
හක් බෙල්ලන් 477 ක් සමග සැකකරුවෙකු නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය හා එක්ව අද (2020 ජනවාරි 07) තලෙයිමන්නාරම, කරිසල්පාඩු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හක් බෙල්ලන් තොගයක් සමග සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන ඇත.
07 Jan 2020
නාවික හමුදාව කාත්තන්කුඩි කළපු ප්‍රදේශයෙන් තහනම් දැල් 08 ක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (2020 ජනවාරි 07) කාත්තන්කුඩි කළපු ප්‍රදේශයෙදී තහනම් දැල් 08 සොයා ගැනීමට සමත්ව ඇත.
07 Jan 2020
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ ගාල්ල ධීවර පරීක්‍ෂක කාර්යාලය එක්ව අද (2020 ජනවාරි 07) ගාල්ල ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගෙන ඇත.
07 Jan 2020
නාවික හමුදාව තවත් ප්‍රජා සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරයි - කොළඹ, ගාලු මුවදොර පිටිය ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් තොර කලාපයක් බවට පත් කිරීමේ නාවික හමුදා මෙහෙයුම

දේශිය හා විදේශිය සංචාරකයින් වැඩි වශයෙන් නැරඹිමට පැමිණෙන ගාලු මුවදොර පිටිය සහ වෙරළ තීරයට පොලිතීන් හා ප්ලාස්ටික් වලින් සිදුවන පාරිසරික හානිය ඉතා විශාල වන අතර, ඒ සඳහා විසඳුමක් ලෙස නිර්මාණාත්මක හා ආකාර්ෂණීය කසල බදුන් ස්ථාපිත කිරීමට අද (2020 ජනවාරි 07) නාවික හමුදාව කටයුතු කරන ලදී.
07 Jan 2020
ස්වේච්ඡා නාවික හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන පුහුණු කඳවුර වැලිසරදී ආරම්භ කෙරේ

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ සංවත්සරයට සමගාමීව වාර්ෂිකව පැවැත්වෙන පුහුණු කඳවුර (Annual training camp) අද (2020 ජනවාරි 06) වැලිසර පිහිටි ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේදී ආරම්භ කරන ලදී. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් නොයෙල් කළුබෝවිල සහභාගී විය.
06 Jan 2020