වැදගත් සිදුවීම්
නාවික හමුදාධිපතිතුමන් වරාය අධිකාරියේ නව සභාපති හමුවෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා වරාය අධිකාරියේ නව සභාපති, විශ්‍රාමික ජෙනරල් දයා රත්නායක මහතා අද (2020 ජනවාරි 06) වරාය අධිකාරි කාර්යාලයේදී හමුවිය.
06 Jan 2020
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව් දෙනෙකු (04) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ ගාල්ල, ධීවර කාර්යාලය එක්ව 2020 ජනවාරි මස 05 වන දින ගාල්ල, දොඩන්දූව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනකු (04) අත් අඩංගුවට ගෙන ඇත.
06 Jan 2020
වේදනා නාශක ඖෂධ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 05 වන දින මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී වේදනා නාශක ඖෂධ තොගයත් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත් අඩංගුවට ගෙන ඇත.
06 Jan 2020
තිළිණ මල්ල ජයග්‍රාහකයින් හට ත්‍යාග ප්‍රදානය කෙරේ

වාර්ෂිකව දිනුම් අදිනු ලබන නිත්‍ය සහ ස්වේච්ඡා නාවික යහසාධක අරමුදලේ “තිළිණ මල්ල” ජයග්‍රාහකයින් වෙත ත්‍යාග ප්‍රදානය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල්, පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (2020 ජනවාරි 06) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී පැවැත්විය.
06 Jan 2020
නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 05 වන දින යාපනය, මණ්ඩතිව් දුපතට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇත.
06 Jan 2020
බීමත්ව අනවසරයෙන් නාවික කඳවුරකට ඇතුල්වීමට උත්සහ කල පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට

මුලතිව්, නයාරු ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදාව සතු කඳවුරක් වෙත අනවසරෙන් ඇතුල්වීමට උත්සාහ කල බීමත් පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදාව විසින් 2020 ජනවාරි 05 වන දින සිය භාරයට ගෙන පොලිසිය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලදී.
06 Jan 2020
මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම වෙනුවෙන් නාවික හමුදා තවත් මෙහෙයුමක්

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 04 වන දින ත්‍රිකුණාමලය බැක් බේ මුහුදු ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී ත්‍රිකුණාමලය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස කටයුතු කරනු ලබන පුදගලයෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
04 Jan 2020
සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදාව තවත් මෙහෙයුමක් ක්‍රියාත්මත කරයි

වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (2020 ජනවාරි 04) දකුණු වෙරළ තීරයන් කේන්ද්‍ර කරගනිමින් පවත්වන ලදී.
04 Jan 2020
අන්තර් ක්‍රීඩා සමාජ එෆ්. ඒ. කුසලාන පාපන්දු තරඟාවලියේ නාවික හමුදාවට තියුණු ජයක්

අන්තර් ක්‍රීඩා සමාජ එෆ්. ඒ. කුසලාන පාපන්දු තරඟාවලියේ නාවික හමුදා සහ යාපනය, සිගින් ෆිෂ් කණ්ඩායම අතර තරඟයක් 2020 ජනවාරි 04 වන දින කැලණිය, එක්සත් පාපන්දු ක්‍රීඩා පිටියේදී පැවැති අතර, එහිදී සිගින් ෆිෂ් කණ්ඩායම පරාජය කරමින් ගෝල 1 ට 0 ක් ලෙස නාවික හමුදා කණ්ඩායම තියුණු ජයක් හිමිකර ගැනීමට සමත් විය.
04 Jan 2020
මතින් තොර රටක් ගොඩනැගීමේ ජාතික මෙහෙවරට නාවික හමුදා දායකත්වය - කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව අද (2020 ජනවාරි 04) යාපනය, කයිට්ස් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.
04 Jan 2020