වැදගත් සිදුවීම්
කොළඹ ජාතික රෝහලෙහි දැඩි සත්කාර ඒකකයෙහි ස්ථාපිත කිරීමට නියමිත වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රතිආශ්‍රැතිකරන යන්ත්‍රය සඳහා මූල්‍ය දායකත්වය ලබාදීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරේ.

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යපෘතිය යටතේ, කොළඹ ජාතික රෝහලෙහි දැඩි සත්කාර ඒකකයේ ස්ථාපිත කිරීමට නියමිත වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රතිආශ්‍රැතිකරන යන්ත්‍රය සඳහා වූ මූල්‍යමය දායකත්වයට අදාල චෙක්පත, සන්කෙන් ඕවසීස් පුද්ගලික සමාගම විසින් අද දින (2024 සැප්තැම්බර් 19) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත ලබාදීම නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.
19 Sep 2024
ශ්‍රී ලංකාවේ වැඩ බලන ප්‍රංශ තානාපතිනී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ප්‍රංශයේ සමුද්‍රීය අධ්‍යයනය සඳහා වූ කලාපීය මධ්‍යස්ථානයේ නව අධ්‍යයන අධ්‍යක්‍ෂ (French Director of studies of the Regional Center for Maritime Studies) ලුතිනන් කොමාණ්ඩර් Carine BUZAUD හඳුන්වාදීමේ නිළ හමුවක් සඳහා ශ්‍රී ලංකාවේ වැඩ බලන ප්‍රංශ තානාපතිනී ගරු Marie-Noëlle Duris මහත්මිය අද දින (2024 සැප්තැම්බර් 19) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
19 Sep 2024
වෙරුගල් ආරු වෙරුගලම්පති ශ්‍රී චිත්‍රවේලායුදර් ස්වාමි හින්දු දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍ය පැවැත්වීම සඳහා නාවික හමුදා සහය

ත්‍රිකුණාමලය වෙරුගල් ආරු, වෙරුගලම්පති ශ්‍රී චිත්‍රවේලායුදර් ස්වාමි හින්දු දේවස්ථානයේ දින 14 ක් පුරා පැවති වාර්ෂික දේවමංගල්‍ය 2024 සැප්තැම්බර් මස 18 වන දින නිමාවට පත් වූ අතර, වෙරුගල් ආරු ගංඟාව ආශ්‍රිතව සිදුකෙරුණු පුද පූජා වත්පිළිවෙත් සඳහා සහභාගී වූ විශාල බැතිමතුන් පිරිසකගේ ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාව ජීවිත ආරක්‍ෂක සේවා සැපයීමට කටයුතු කෙරිණි.
19 Sep 2024
බංගලාදේශ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ නිලධාරීන් පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන බංගලාදේශ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ සන්නද්ධ හමුදා සංග්‍රාමික පාඨමාලාව - 2024 හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන් සහ අධ්‍යන කාර්යමණ්ඩල සාමාජිකයින් විසි එක් (21) දෙනෙකු ගෙන් සමන්විත නිලධාරීන් පිරිසක් අද දින (2024 සැප්තැම්බර් 18) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වූ අතර, එහිදී බංගලාදේශ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ ආඥාපති ලුතිනන් ජෙනරාල් Mohammad Shaheenul Haque සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර නිල හමුවක් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
18 Sep 2024
ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කල නාවික පුද්ගලයින් 32 ක් වෙත ලාංඡන පැළඳවීම අභිමානවත්ව පවත්වයි

නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ විසි අටවන (28) සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කල නිලධාරීන් හතර දෙනෙකු (04) සහ නාවිකයන් විසි අට දෙනෙකු (28) වෙත ලාංඡන පැළඳවීමේ උත්සවය 2024 සැප්තැම්බර් මස 14 වන දින පුත්තලම, ගඟේවාඩිය ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථාන ප්‍රධාන සරඹ පිටියේදී, වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන ගේ ආරාධනයෙන්, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් ගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් අයුරින් පැවැත්විණි.
15 Sep 2024
නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, අද දින (2024 සැප්තැම්බර් 14) උතුරු මැද නාවික විධාන මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
14 Sep 2024
ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව 2024 සැප්තැම්බර් මස 21 වන දිනට යෙදෙන ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය නිමිත්තෙන් ගාල්ල දෙවට සහ හම්බන්තොට වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද දින (2024 සැප්තැම්බර් 14) පැවැත්වීමට කටයුතු කෙරිණි.
14 Sep 2024
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් පූජිත විතාන නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 36 කට අධික සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් පූජිත විතාන අද දින (2024 සැප්තැම්බර් 13) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.
13 Sep 2024
රාජකීය ලංකා නාවික හමුදාවේ සුළු නිලධාරී බීඒඩී විජේතිලක (විශ්‍රාමික) නාවික හමුදාධිපති හමුවෙයි

රාජකීය ලංකා නාවික හමුදාවේ සේවය කරන ලද සුළු නිලධාරී බීඒඩී විජේතිලක (විශ්‍රාමික) අද දින (2024 සැප්තැම්බර් 12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
12 Sep 2024
ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව, සමුද්‍රීය පරිසර සංරක්‍ෂණ අධිකාරිය (Marine Environment Protection Authority - MEPA) හා එක්ව, 2024 සැප්තැම්බර් මස 21 වන දිනට යෙදෙන ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය නිමිත්තෙන් සින්න මුගත්තුවාරම් සහ ආරුගම්බේ වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2024 සැප්තැම්බර් මස 10 සහ 11 දෙදින පැවැත්වීමට කටයුතු කෙරිණි.
12 Sep 2024