වැදගත් සිදුවීම්
නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් මස 30 වන දින මඩකලපුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ධීවර බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගෙන ඇත.
31 Dec 2019
නුවරඑළිය, ග්‍රෙගරි වැවෙහි සිදුකල නාවික හමුදා කිමිදුම් මෙහෙයුම

නුවරඑළිය, ග්‍රෙගරි වැවෙහි අක්‍රීයව තිබූ වාන් දොරටුව යලිත් ක්‍රියාකාරී තත්වයට පත් කිරීමට 2019 දෙසැම්බර් මස 24 වන දින නාවික හමුදාව සමත් විය.
31 Dec 2019
ග්ලයිෆොසේට් අඩංගු රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 30 වන දින මහඉලුප්පලම, ගල්මඩුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ග්ලයිෆොසේට් අඩංගු රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
31 Dec 2019
අනවසර සංක්‍රමණිකයින් පිරිසක් නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 30 වන දින ත්‍රීකුණාමළය පඩිකේයි ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ සංක්‍රමණය වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික පුද්ගලයින් හතර දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගන්නා ලදී.
31 Dec 2019
නීති විරෝධීව ඉන්දියාවේ සිට මෙරටට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයින් පිරිස නාවික හමුදා භාරයට

2019 දෙසැම්බර් මස 26 වන දින ඩෙල්ෆ් දූපතට බෝට්ටුවක් පැමිණ ඇති බවට ශ්‍රී ලංකා නාවික හමුදාවට තොරතුරු ලැබී තිබු අතර, එම බෝට්ටුවෙන් ඉන්දියාවේ සිට ශ්‍රී ලාංකික සරණාගතයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවට ද තොරතුරු ලැබී තිබුණි. ඒ සම්බන්ධයෙන් නාවික හමුදාව පසුගිය දින කිහිපය පුරා පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.
30 Dec 2019
අන්තර් විධාන සරඹ තරඟාවලිය සාම්පුර්හිදී සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන සරඹ තරඟාවලිය 2019 දෙසැම්බර් මස 28 වන දින සාම්පුර්හි ශ්‍රී ලංකා නාවික නෞකා ‘විදුර’ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී පැවැත්විණි. නව (9) වන වරටත් පැවති මෙම තරඟාවලියේ සමාප්ති උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ සහභාගී විය.
30 Dec 2019
මන්චි ජාතික වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් කාන්තා අංශයේ අනුශූරතාවය නාවික හමුදාවට

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කළ 2019 මන්චි ජාතික වොලිබෝල් තරඟාවලිය මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්රීඩාගාරයේදී 2019 දෙසැම්බර් 28 වන දින නිමාවට පත් වූ අතර, එහිදී සුපර් ලීග් (Supper League) කාන්තා අංශයේ අනුශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා කණ්ඩායම හිමිකර ගැනීමට සමත් විය.
30 Dec 2019
සුන්දර වෙරළ තීරය අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීමට නාවික හමුදා දායකත්වය

වෙරළ තීරයන් ආරක්ෂා කර ගැනීම හා සංරක්ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් දෙකක් 2019 දෙසැම්බර් මස 29 වන දින ක්‍රියාත්මක කරන ලදී.
30 Dec 2019
ජාතික රුවල් යාත්‍රා තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට

ජාතික රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරනු ලැබූ 2019 ජාතික රුවල් යාත්‍රා තරඟාවලිය දෙසැම්බර් 28 සහ 29 යන දෙදින මට්ටක්කුලිය, කාකදුපත මුහුදු තීරයේදී පැවැත්වූ අතර, ඉන් ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට නාවික හමුදා රුවල් යාත්‍රා කණ්ඩායම සමත් විය.
30 Dec 2019
නීති විරෝධීව මසුන් ඇල්ලීමට යොදා ගන්නා චාර්ජස් ඇතුළු ජෙලට්නයිට් කූරු කිහිපයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 29 වන දින ත්‍රිකුණාමලය, නිලාවේලී සහ පොඩුවාකට්ටු යන ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී මසුන් ඇල්ලීමට යොදා ගන්නා චාර්ජස් දෙකක් ඇතුළු වෝටර්ජෙල් කූරු කිහිපයක් සොයා ගැනීමට සමත් වී ඇත.
30 Dec 2019