වැදගත් සිදුවීම්
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 18 වන දින හික්කඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගෙන ඇත.
18 Dec 2019
ශ්‍රී ලංකාවේ බංගලාදේශ ආරක්ෂක උපදේශක දකුණු නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කොමදෝරු සයිඩ් මක්සුමුල් හකීම් 2019 දෙසැම්බර් 18 වන දින දකුණු නාවික විධානයේ සංචාරයක නිරත විය.
18 Dec 2019
මුහුදේදී රෝගී වූ ධීවරයෙකු ගොඩබිම වෙත රැගෙන ඒම සඳහා නාවික හමුදා දායකත්වය

මුහුදේදී රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට 2019 දෙසැම්බර් 17 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී.
18 Dec 2019
කේරළ ගංජා ප්‍රවාහනය කල පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා සහායෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 17 වන දින ජා ඇල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත් අඩංගුවට ගෙන ඇත.
18 Dec 2019
සැක කටයුතු ඉරාන ජාතිකයෙකු සහ ශ්‍රී ලංකීක පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට

2019 දෙසැම්බර් 17 වන දින සිලාවතුර මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීතිවිරෝධී ලෙස ඩිංගි යාත්‍රාවකින් යාත්‍රා කරමින් සිටි ඉරාන ජාතිකයෙකු සහ ශ්‍රී ලාංකික ජාතිකයින් දෙදෙනෙකු (02) නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇත.
18 Dec 2019
නාවික හමුදාධිපති විසින් ශ්‍රීලංනානෞ ‘නිපූණ’ ආයතනයේ නව රෝහල් සංකීර්ණය විවෘත කෙරේ

ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ පිහිටි නාවික රෝහල (දකුණ) පරිශ්‍රයේ අභිනවයෙන් ඉදි කරන ලද නව රෝහල් ගොඩනැගිල්ල 2019 දෙසැම්බර් 16 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් විවෘත කෙරුණි.
17 Dec 2019
නීති විරෝධී ලෙස වාලම්පුරි විකිණීමට සූදානම් වූ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 16 වන දින සේරුනුවර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී වාලම්පුරි 02 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.
17 Dec 2019
නාගදීපය සිට ශ්‍රීපාදය තරණයකර කිරිවෙහෙරට පා පිය සටහන් තබන අධිෂ්ඨානයේ පාද යාත්‍රාව

මානුෂිය මෙහෙයුමේදී ආබාධිත තත්වයට පත් රණවිරුවන්ගේ ආත්ම අභිමානය සහ ආත්ම විශ්වාසය ඉහළ නැංවීම වෙනුවෙන් නාගදීපයේ සිට කතරගම දක්වා පාද යාත්‍රාවේ ගමන් කරනු ලබන රණක්‍ෂිත යුද්ධ සහ නාවික හමුදා රණවිරුවන් දෙදෙනා හට නාවික හමුදාව සිය දායකත්වය ලබාදීමට කටයුතු කර ඇත.
17 Dec 2019
රියර් අද්මිරාල් සෙනරත් විජේසුරිය ගිණිකොන නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

රියර් අද්මිරාල් සෙනරත් විජේසුරිය 2019 දෙසැම්බර් 16 වන දින ගිණිකොන නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.
17 Dec 2019
237 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 422 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 237 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 422 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට 2019 දෙසැම්බර් 16 වන දින විසිර යන ලදී. පුනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ පැවති එම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ සහභාගී විය.
17 Dec 2019