වැදගත් සිදුවීම්
නාවික හමුදා මෙහෙයුමකින් ටීඑන්ටී හා සී 4 මිශ්‍ර වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 06 වන දින කල්මුණේ පොයින්ට් ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත් විය.
07 Dec 2019
නාවික හමුදා සහ පොලීසිය එක්ව සිදු කල මෙහෙයුමකදී සැකකරුවෙකු අත් අඩංගුවට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 05 වන දින ත්‍රිකුණාමලය ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ ඒකාබද්ධ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා ලග තබා ගත් පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගෙන ඇත.
06 Dec 2019
මාර්ගයේ වැටී තිබූ ගසක් ඉවත්කර ගමනාගමන කටයුතු යථාතත්වයට පත් කිරීමට නාවික හමුදා සහාය

මැදවච්චිය, පුනෑව ප්‍රදේශයට බලපෑ සුළං තත්වය හේතුවෙන් මාර්ගය හරහා වැටී තිබූ ගසක් ඉවත් කිරීමට නාවික හමුදාව 2019 දෙසැම්බර් 05 වන දින කටයුතු කරන ලදී.
06 Dec 2019
නීති විරෝධී ලෙස මසුන් මැරීමට යොදා ගන්නා උපකරණ ලග තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුව එක්ව 2019 දෙසැම්බර් 05 වන දින කොළඹ ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධි ලෙස මසුන් මැරීම සඳහා යොදා ගන්නා උපකරණ හතරක් තම සන්තකයේ තබා ගත් පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගෙන ඇත.
06 Dec 2019
ශ්‍රී ලංකා නාවික හමුදා අභිමානවත් 69 වන සංවත්සරයට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 69 වන සංවත්සරය 2019 දෙසැම්බර් 09 වන දින අභිමානවත් අයුරින් සැමරීමට සියළු දේ සුදානම්ය. ඊට සමගාමීව නාවික හමුදාව වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කර ඇති අතර, එහිදී ආගමික කටයුතු, සාමාජ සත්කාරක සේවා සහ ලේ දන් දීමේ වැඩසටහන් ප්‍රධාන තැනක් ගෙන ඇත.
06 Dec 2019
නාවික හමුදා රග්බි කණ්ඩායම් වෙනුවෙන් හච්සන් ටෙලිකොමියුනිකේෂන් ලංකා (පුද්) සමාගම අනුග්‍රාහකත්වය දක්වයි

නාවික හමුදා රග්බි කණ්ඩායම වෙත 2020 වර්ෂය සඳහා හච්සන් ටෙලිකොමිනිකේෂන් ලංකා (පුද්) සමාගම (Hutch) අනුග්‍රාහක දායකත්වයක් ලබා දීමට ඉදිරිපත් වි ඇති අතර, ඊට අදාල ගිවිසුම අත්සන් කිරීම අද (2019 දෙසැම්බර් 05) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහ හච්සන් ටෙලිකොමිනිකේෂන් ලංකා (පුද්) සමාගමේ විකුණුම් සහ අලෙවිකරණ ප්‍රධානී, රම්සීනා මෝසෙත් අයි මහත්මිය ගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි.
05 Dec 2019
නාවික හමුදාවෙන් නිෂ්පාදිත තැලසීමියා නික්ෂේපණ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම නාවික හමුදාධිපතිගේ ප්‍රදානත්වයෙන් සිදු කෙරේ

තැලසීමියා රෝගීන් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත භාර දීම අද (2019 දෙසැම්බර් 05) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි.
05 Dec 2019
නාවික හමුදාව අනතුරට පත් ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි

මුහුදේදී සිදු වූ අස්ථි භග්නයක් හේතුවෙන් ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට අද (2019 දෙසැම්බර් 05) ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී.
05 Dec 2019
මිනිස් ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව සහ පොලීසිය එක්ව සිදු කල ඒකාබද්ධ මෙහෙයුම

නාවික හමුදාව සහ පොලීසිය එක්ව අද (2019 දෙසැම්බර් 05) අළුයම සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරට සිට විදේශ ගතවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික පුද්ගලයින් පිරිසක් අත් අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
05 Dec 2019
69 වන නාවික හමුදා දිනයට සමගාමීව ඉස්ලාම් ආගමික වැඩසටහන කොළඹදී

2019 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරයට සමගාමීව පවත්වන ලද ඉස්ලාම් ආගමික වැඩසටහන අද (2019 දෙසැම්බර් 05) කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැත්විණි.
05 Dec 2019