වැදගත් සිදුවීම්

ආරක්‍ෂක අංශයේ නිල ඇදුම් තොගයක් සමඟ සැකකරුවෙකු අත් අඩංගුවට

නාවික හමුදාව ‌සහ පොලිසිය එක්ව 2019 දෙසැම්බර් 03 වන දින වත්තල ප්‍රදේශයේදී ආරක්‍ෂක අංශ විසින් භාවිතා කරනු ලබන නිල ඇදුම් තොගයක් සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇත.

04 Dec 2019

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘නිරීක්ෂක්’ නෞකාව සාර්ථක සංචාරයකින් පසු ත්‍රිකුණාමලය වරායෙන් පිටත්වෙයි

පුහුණු සංචාරයක් සඳහා 2019 නොවැම්බර් 25 වන දින මෙරටට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘නිරීක්ෂක්’ නෞකාව අද (2019 දෙසැම්බර් 03) ත්‍රිකුණාමලය වරායෙන් පිටත් විය. එහිදී, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවට සමුදෙන ලදී.

03 Dec 2019

අයහපත් කාළගුණික තත්වයට මුහුණ දීමට නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්

මේ දිනවල විටින් විට ඇද හැලෙන වර්ෂාව සමඟ ඉදිරියේදී ඇතිවිය හැකි අවධානම් සහ ස්වාභාවික විපත් සඳහා පෙර සුදානමක් ලෙස හඳුනාගත් ස්ථාන වෙත සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට නාවික හමුදාව මේවන විට කටයුතු කර ඇත.

03 Dec 2019

විශේෂ සාගරික සංග්‍රාමික ආරක්ෂාව සම්බන්ධ පාඨමාලාව ත්‍රිකුණාමලයේදී ආරම්භ කෙරේ

විශේෂ සාගරික සංග්‍රාමික ආරක්ෂාව සම්බන්ධ පාඨමාලාවක් 2019 දෙසැම්බර් 02 වන දින ත්‍රිකුණාමලය, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථාන ශ්‍රවණාගාරයේදී ආරම්භ කරන ලදී.

03 Dec 2019

අන්තර් නෞකා/යාත්‍රා, සංඥා, කඹ හා ගැට තරඟාවලිය 2019

2019 වර්ෂයට අදාලව නාවික දියත් විධානය විසින් සංවිධානය කරන ලද අන්තර් නෞකා/යාත්‍රා, සංඥා, කඹ හා ගැට තරඟාවලිය 2019 දෙසැම්බර් 02 වන දින ත්‍රිකුණාමලය, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

03 Dec 2019

බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් සිලාවතුර, කරදක්කුලිය වෙරළ තීරයේ අද(2019 දෙසැම්බර් 03) සිදු කල මුර සංචාරයක් අතරතුරදී බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා බාරයට ගැනීමට සමත්ව ඇත.

03 Dec 2019

මුහුදු මඟින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 02 වන දින සිදු කල විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 1.6 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

03 Dec 2019

ශ්‍රී දළදා මාලිගාවේ ඉදිරිපස ඇති නුවර වැවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 01 වන දින ශ්‍රී දළදා මාලිගාවේ ඉදිරිපස ඇති නුවර වැවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

03 Dec 2019

‘කලම්බු සුපර් ක්‍රොස් - 2019’ ධාවන තරඟාවලිය වැලිසරදී සාර්ථකව නිමාවට පත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව තෙවනවරටත් ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය හා එක්ව සංවිධානය කරනු ලැබූ ‘කලම්බු සුපර් ක්‍රොස් - 2019’ තරඟාවලිය 2019 දෙසැම්බර් මස 01 වන දින වැලිසර පිහිටි නාවික හමුදා මෝටර් රථ ධාවන පථයේදී සාර්ථක අයුරින් නිමාවට පත්විය.

02 Dec 2019

වෙරළ තීරයේ සඟවා තිබූ බීඩි කොළ තොගයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (2019 දෙසැම්බර් 02) අළුයම තුනුක්කායි ප්‍රදේශයේ ඉලුප්පුකඩවායි, සිප්පිආරු වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩිකොළ කිලෝග්‍රෑම් 297.7 සොයා ගැනීමට සමත්ව ඇත.

02 Dec 2019