වැදගත් සිදුවීම්
අන්තර් විධාන පිරිමි සහ කාන්තා පැසිපන්දු තරඟාවලියේ ජයග්‍රහණය බටහිර නාවික විධානයට

2019 වර්ෂය සඳහා වු ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන පැසිපන්දු තරඟාවලිය 2019 නොවැම්බර් 25 වන දින සිට දෙසැම්බර් 01 වන දින දක්වා ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගැමුණු’ ආයතනයේදී පවත්වන ලද අතර, තරඟාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහභාගිවී සිටියහ.
02 Dec 2019
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 දෙසැම්බර් මස 01 වන දින යාපනය නගරය ආශ්‍රිත ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ කේරළ ගංජා කිලෝග්‍රෑම් 04.210 ක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
02 Dec 2019
ජාත්‍යන්තර සමුද්‍රීය නීති බලාත්මක කිරීමේ නිලධාරීන් සඳහා පවත්වන ලද විශේෂ පුහුණු වැඩසටහන සාර්ථකව නිමාවට පත්වේ

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ පාර්ශවකරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පැවැත් වූ නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානෝත්සවය 2019 නොවැම්බර් 30 වන දින ත්‍රිකුණාමලය, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි
01 Dec 2019
‘රුහුණු රස සරණිය - 2019’ ආහාර ප්‍රදර්ශනය සඳහා නාවික හමුදා දායකත්වය

දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය හා ත්‍රිවිධ හමුදාව එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘රුහුණු රස සරණිය’ ආහාර ප්‍රදර්ශනය මෙවරත් 2019 නොවැම්බර් 29 සහ 30 යන දෙදින පුරා ගාල්ල නගර ශාලා භූමියේදී පවත්වන ලදී.
01 Dec 2019
වැලිසරදී 69 වන නාවික දිනයට සමගාමීව සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයක් හා දානමය පිංකමක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන නාවික හමුදා දිනය නිමිතිකොට ගෙන වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී සර්වරාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයක් හා දානමය පිංකමක් 2019 නොවැම්බර් 29 සහ 30 යන දෙදින පැවැත්විණි.
30 Nov 2019
නාවික මෙහෙයුම් අතරතුර බීඩී කොළ කිලෝග්‍රෑම් 854.1 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් නොවැම්බර් 29 සහ 30 යන දෙදින මන්නාරම සහ මුලතිව් ප්‍රදේශයන් කේන්ද්‍ර කරගනිමින් සිදු කළ සෝදිසි කිරිම්වලදී බීඩී කොළ කිලෝග්‍රෑම් 854.1 ක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය
30 Nov 2019
ගාලු මුවදොර වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා නාවික හමුදා දායකත්වය

දේශීය හා විදේශීය සංචාරකයින් වැඩි වශයෙන් නැරඹීමට පැමිණෙන ගාලු මුවදොර වෙරළ තීරය තුල කැලිකසල සහ ප්ලාස්ටික් එකතු වී අපිරිසිදු තත්වයේ පැවැති අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් පරිදි නාවික හමුදාව විසින් එම වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (2019 නොවැම්බර් 30) ක්‍රියාත්මක කරන ලදි.
30 Nov 2019
අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2019 නොවැම්බර් 30) උදෑසන මන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
30 Nov 2019
රුසියානු නාවික හමුදා නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන රුසියානු නාවික හමුදාවේ නියෝජිතයින් පිරිසක් අද (2019 නොවැම්බර් 30) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.
30 Nov 2019
නීති විරෝධී මත්පැන් ලීටර් 500 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත් අඩංගුවට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 නොවැම්බර් මස 29 වන දින ගාල්ල, අම්බලන්වත්ත ප්‍රදේශයේදී දේශීය මත්පැන් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත් අඩංගුවට ගෙන ඇත.
30 Nov 2019