වැදගත් සිදුවීම්
නාගදීප විහාරයේ වාර්ෂික කඨින පිංකමට නාවික හමුදාවේ සහාය

යාපනය, නයනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරයේ වාර්ෂික කඨින පිංකම, නාවික හමුදා සහයෝගයෙන් ඔක්තෝබර් මස 17 සහ 18 යන දිනයන්හි උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
19 Oct 2019
නාවික හමුදා විශේෂ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 164.3 සොයා ගැනේ

නාවික හමුදාව අද (ඔක්තෝබර් 19) අළුයම මන්නාරම, ඉලුපාකඩවෙයි ප්‍රදේශයේදී නාවික හමුදාව යොදා ඇති මාර්ග බාධකයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 164.3 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.
19 Oct 2019
හක් බෙල්ලන් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 18 වන දින සිලාවතුර, අරිප්පු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී නීති විරෝධී ලෙස හක් බෙල්ලන් ලඟ තබා ගත් පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
19 Oct 2019
කේරළ ගංජා කිලෝග්‍රෑම් 221.8 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව අද (ඔක්තෝබර් 19) අළුයම වෙත්තලකර්නි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 221.8 සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇත.
19 Oct 2019
මානුෂිය මෙහෙයුම් සමයේදී අතහැර දමා ගොස් තිබූ බෝම්බ කිහිපයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 18 වන දින මාමුනේ, චැම්පියන්පත්තු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මානුෂිය මෙහෙයුම් සමයේදී අතහැර දමා ගොස් තිබූ බෝම්බ කිහිපයක් සොයා ගන්නා ලදී.
19 Oct 2019
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව 2019 ඔක්තෝබර් 18 වන දින ත්‍රිකුණාමලය, පුල්මුඩේ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ කේරළ ගංජා කිලෝග්‍රෑම් 02 ක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
19 Oct 2019
නාවික හමුදාව වක්වැල්ල සහ අගලිය පාලම් යට සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කරයි

ගාල්ල, වක්වැල්ල පාලම සහ අගලිය පාලම් තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙයෙහුමක් නාවික හමුදාව 2019 ඔක්තෝම්බර් 17 වන දින ක්‍රියාත්මක කරන ලදී.
19 Oct 2019
මූලික පුහුණුව හැදෑරූ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ නිලධාරීන් සහ නාවිකයන් විසිර යයි

නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය සඳහා සුදුසුකම් ලැබීමේ මූලික පුහුණුව හැදැරූ එහි 24 වන බඳවා ගැනීමට අයත් නිලධාරීන් 6 දෙනෙක් සහ නාවිකයන් 43 දෙනෙක් සඳහා ලාංඡන පැළඳවීමේ සහ විසිර යෑමේ උත්සවය 2019 ඔක්තෝබර් 17 වන දින ඟගේ වාඩිය ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථාන ප්‍රධාන සරඹ පිටියේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහභාගී විය.
18 Oct 2019
නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 715 ක් සමඟ පුද්ගලයින් හතරදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (ඔක්තෝබර් 17) අළුයම අරිප්පු, නැගෙනහිර වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 715 ක් සමඟ පුද්ගලයින් හතරදෙනෙකු (04) නාවික හමුදා බාරයට ගෙන ඇත.
17 Oct 2019
හත්වන අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) ක්‍රීඩා උළෙල සඳහා නාවික හමුදා කණ්ඩායම එක්වෙයි

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය (Council International Military Sports) මගින් හත්වන වරටත් සංවිධානය කරනු ලබන ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වීමට කොමදෝරු ජයන්ත ගමගේ ගේ ප්‍රධානත්වයෙන් යුත් නාවික හමුදා ක්‍රීඩක/ක්‍රීඩිකාවන් 27 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද (ඔක්තෝබර් 16) උදෑසන චීනයේ, වුහාන් බලා දිවයිනෙන් පිටත්ව යන ලදී.
17 Oct 2019