වැදගත් සිදුවීම්
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයේ මැදිහත් වීමෙන් ජපාන රජය මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත රිබ් (RHIB) යාත්‍රාවක් ලබා දෙයි

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයේ මැදිහත් වීමෙන් ජපාන රජය මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත රිබ් (RHIB) යාත්‍රාවක් පරිත්‍යාග කිරීම, අද දින (2024 ජුලි 19) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති, ගරු MIZUKOSHI Hideaki මහතා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.
19 Jul 2024
සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 25 ක් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත් කෙරේ

ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 36 සහ 37 වන බඳවා ගැනීමට අයත් තාක්ෂණික අංශයේ මධ්‍ය නිලධාරීන් විසිපස් දෙනෙකු (25) විසිර යාම හා අධිකාරියට පත් කිරීම, 2024 ජුලි මස 18 වන දින, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු රොහාන් ජෝසප් ගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ සීෂෙල්ස් ජනරජයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, බ්‍රිගේඩියර් මයිකල් රොසෙට් (Brigadier Michael Rosette) ගේ ගෞරවණීය සහභාගීත්වයෙන්, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සිදු කෙරිණි.
19 Jul 2024
යාපනය සිට සෙල්ල කතරගම දේවාලය දක්වා සිදුකල පාද යාත්‍රාවෙන් පසු නාවික හමුදාව කුමන ජාතික වනෝද්‍යානයේ විශේෂ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවයි

යාපනය සිට සෙල්ල කතරගම දේවාලය දක්වා සිදු කල පාද යාත්‍රාව සඳහා සහභාගි වූ බැතිමතුන් විසින් බැහැර කරන ලද ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු ඝණ අපද්‍රව්‍ය එක්රැස් කර පිරිසිදු කිරීමේ වැඩසටහනක්, කුමන ජාතික වනෝද්‍යානයේ බගූරේ කළපු ප්‍රදේශයේදී, 2024 ජුලි මස 17 වන දින පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
18 Jul 2024
ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් ජංගම දන්ත වෛද්‍ය සේවාවක් පවත්වයි

ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව, ශ්‍රි ලංකා නාවික හමුදාව අම්පාර ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් ජංගම දන්ත වෛද්‍ය සේවාවක් 2024 ජුලි මස 15 සහ 16 යන දිනයන්හීදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
17 Jul 2024
සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති සහ නාවික හමුදාධිපති අතර හමුවක්

සපුගස්කන්ද, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති, මේජර් ජෙනරාල් කපිල දොළගේ අද දින (2024 ජුලි 16) නාවික හමුදා මූලස්ථානයේදී, නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
16 Jul 2024
ජාතික සයුරු සහ ගඟන යාත්‍රිකයන්ගේ ඉරු දින දේව මෙහෙය කොළඹ කොටුව ශාන්ත පීතර දේවස්ථානයේදි සාර්ථකව පැවැත්වෙයි

කොළඹ කොටුව ශාන්ත පීතර දේවස්ථානයේදි පැවති ජාතික සයුරු සහ ගඟන යාත්‍රිකයන්ගේ ඉරු දින දේව මෙහෙය (National Sea and Air Farers Sunday Service) 2024 ජුලි මස 14 වන දින සාර්ථකව පැවති අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ඇතුළු නාවික හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගි විය.
15 Jul 2024
සීෂෙල්ස් ජනරජයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් මයිකල් රොසෙට් (Brigadier Michael Rosette) ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත සීෂෙල්ස් ජනරජයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් මයිකල් රොසෙට් (Brigadier Michael Rosette) අද දින (2024 ජුලි 15) නාවික හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.
15 Jul 2024
ඓතිහාසික දීඝවාපී මහා සෑ ගර්භයේ සර්වඥ ධාතුන් සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ අවස්ථාවට සමඟාමීව නාවික හමුදාවේ තාක්ෂණික, ශිල්පීය සහ ශ්‍රම දායකත්වයෙන් ඉදිකල සන්ථාගාර ශාලාව විවෘත කෙරේ

ඓතිහාසික දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භයේ සර්වඥ ධාතූන් සහ නිධන් වස්තු තැන්පත් කිරීම; ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන්, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාධිපතිවරුන්ගේ සහභාගීත්වයෙන්, 2024 ජුලි මස 14 වන දින සිදු කෙරිණි.
15 Jul 2024
සීෂෙල්ස් ජනරජයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් මයිකල් රොසෙට් (Brigadier Michael Rosette) ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

සීෂෙල්ස් ජනරජයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් මයිකල් රොසෙට් (Brigadier Michael Rosette) දින අටක (08) නිල සංචාරයක් සඳහා අද දින (2024 ජුලි 14) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් දිවයිනට පැමිණි අතර, එහිදී නාවික අණභාර නිලධාරි (වැලිසර) කොමදෝරු ප්‍රසාද් ජයසිංහ විසින් ඔහු උණුසුම් අයුරින් පිළිගැනීමට කටයුතු කෙරිණි.
14 Jul 2024
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සමන් පෙරේරා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට ආසන්න සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් සමන් පෙරේරා අද දින (2024 ජුලි 13) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.
13 Jul 2024