වැදගත් සිදුවීම්
බටහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ වැඩ භාර ගනී

රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ බටහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද දින (2024 ජුලි 12) එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගැනීමට කටයුතු කෙරිණි.
12 Jul 2024
තුර්කි ජනරජ නාවික හමුදාවට අයත් ‘TCG KINALIADA’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 ජුලි මස 09 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි තුර්කි ජනරජ නාවික හමුදාවට අයත් ‘TCG KINALIADA’ නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2024 ජුලි 12) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
12 Jul 2024
නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, අද දින (2024 ජුලි 12) වයඹ නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.
12 Jul 2024
රජයේ රෝහල් වෙතින් සෞඛ්‍ය සේවා ලබාගැනීමේ දී විරුසර වරප්‍රසාද කාඩ්පතට ප්‍රමුඛත්වය

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස සහ සෞඛ්‍ය අමාත්‍ය ගරු රමේෂ් පතිරණ මැතිතුමාගේ සෘජු මැදිහත් වීමෙන් රට වෙනුවෙන් ජීවිතය පුදකරන ලද සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට මෙන්ම ඔවුන්ගේ යැපෙන්නන් හට රජයේ රෝහල් සහ සායනවලදී ප්‍රතිකාර ලබාගැනීමේදී ප්‍රමුඛතාවය මත එම සේවාවන් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමැතිය ලබා දී ඇත.
11 Jul 2024
ශ්‍රී ලංකාවේ මාලදිවයින් නව මහ කොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ මාලදිවයින් නව මහ කොමසාරිස් ගරු මසූඩ් ඉමාඩ් (Masood Imad) අද දින (2024 ජුලි 10) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.
10 Jul 2024
ලෝක වාර්තාවක් පිහිටවූ නායක ඉංජිනේරු කාර්මික ආර්පී සමන් කුමාර සිරිවර්ධන ගේ සේවය ඇගයේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නායක ඉංජිනේරු කාර්මික ආර්පී සමන් කුමාර සිරිවර්ධන විසින්, කිලෝමීටර් 586.1 ක දුරක්, පූනෑව සිට කොළඹ නිදහස් චතුරශ්‍රය දක්වා පැමිණ, නැවත පූනෑව දක්වා ගමන් කරමින් 2024 ජනවාරි මස 19 වන දින පිහිට වූ නව ලෝක වාර්තාවට අදාළ සහතික පත සහ කුසලානය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත ඉදිරිපත් කිරීම අද දින (2024 ජුලි 09) නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරුණු අතර, එහිදී නාවිකයාගේ සේවය අගයමින් නාවික හමුදාධිපති විසින් ඔහු වෙත ප්‍රශංසාත්මක ලිපියක් පිරිනැමීමට කටයුතු කෙරිණි.
09 Jul 2024
තුර්කි ජනරජ නාවික හමුදාවට අයත් ‘TCG KINALIADA’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

තුර්කි ජනරජ නාවික හමුදාවට අයත් ‘TCG KINALIADA’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ජුලි 09) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
09 Jul 2024
දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් චන්දිම සිල්වා වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් චන්දිම සිල්වා දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද දින (2024 ජුලි 08) එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගැනීමට කටයුතු කෙරිණි.
08 Jul 2024
ශ්‍රී ලංකා නාවික නෞකා රුහුණ ආයතනයේ අභිනවයෙන් ඉදිකල සය මහල් නව පහසුකම් ගොඩනැගිල්ල විවෘත කෙරේ

ශ්‍රී ලංකා නාවික නෞකා රුහුණ ආයතනයේ පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන්, අභිනවයෙන් ඉදිකරන ලද සය මහල් නව පහසුකම් ගොඩනැගිල්ල, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 ජුලි 07) විවෘත කිරීම සිදුකෙරිණි.
07 Jul 2024
කතරගම දක්වා පාද යාත්‍රාව සිදුකරන බැතිමතුන් සඳහා නාවික හමුදා සහය

යාපනය සිට සෙල්ල කතරගම දේවාලය දක්වා වාර්ෂිකව සිදු කෙරෙන පාද යාත්‍රාව සඳහා සහභාගි වන බැතිමතුන් හට, කුමන ජාතික වන උද්‍යානයේ පිවිසුම් දොරටුවේ සිට කුඹුක්කන් ඔය දක්වා වූ ගමන් මාර්ගයේදී අවශ්‍ය පහසුකම් සැලසීම, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2024 ජුනි මස 30 වන දින ආරම්භ කෙරුණු අතර, 2024 ජුලි මස 03 වන දින එම පහසුකම් හා සේවාවන් නිරීක්ෂණය කල නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, කතරගම දක්වා පාද යාත්‍රාව සඳහා සහභාගී විය.
06 Jul 2024