වැදගත් සිදුවීම්
නාවික හමුදා සුනඛ සංචිතය සඳහා මත්ද්‍රව්‍ය හඳුනාගැනීමේ විශේෂ පුහුණු සැසියක්

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ (National Dangerous Drugs Control Board - NDDCB)සහ පොලිස් නිල සුනඛ පුහුණු අංශයේ සම්පත් දායකත්වයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සුනඛ සංචිතය සහ විශේෂ යාත්‍රා බලඝණයේ සුනඛ සංචිතය සඳහා මත්ද්‍රව්‍ය හඳුනාගැනීමේ විශේෂ පුහුණු සැසියක් 2024 ජුලි මස 01 වන දින සිට 05 වන දින දක්වා කොළඹ වරායේ බටහිර නාවික විධාන මූලස්ථානයේදී සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
05 Jul 2024
මරඳමඩු ස්වාමි දුවගේ සියවස් අභිෂේක ගැන්වු දේව මෙහෙය සඳහා නාවික හමුදාවේ සහය

මන්නාරම, මරඳ මඩු දේවස්ථානයේ පැවති මරඳමඩු ස්වාමි දුවගේ ප්‍රතිමාව අභිෂේක ගන්වා සියවසක් සපිරීමේ මංගල දේව මෙහෙය, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන්, අද දින (2024 ජුලි 02) පැවති අතර, එම දේව මෙහෙය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ස්ථාපනය කිරීම සඳහා නාවික හමුදාව සහය විය.
02 Jul 2024
නාවික ක්ෂේත්රයේ විශිෂ්ඨ දක්ෂතා දැක්වූ නාවික හමුදා නිලධාරීන් හට බ්‍රිතාන්‍ය නාවික ආයතනයෙන් සහතික හා සම්මාන

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික ශාස්ත්‍රීය පාඨමාලාවන් ගෙන් හා වෙළඳ නාවික ක්ෂේත්රයේ පාඨමාලාවන් ගෙන් විශිෂ්ඨ දක්ෂතා දැක්වූ නිලධාරීන් සඳහා බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ (The Nautical Institute) ශ්‍රී ලංකා ශාඛාව මඟින් සම්මාන සහ සහතිකපත් ප්‍රධානය කිරීමේ උත්සවයක් ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් 2024 ජුනි මස 29 වන දින වැලිසර ‘Wave n’ Lake’ උත්සව ශාලාවේදී පැවැත්විණි.
01 Jul 2024
දෙවන ලෝක යුද සමයේදී නැගෙනහිර මුහුදේ ගිලී ගිය ‘HMS Hermes’ ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ නාවික හමුදාව ගවේෂණාත්මක කිමිදුම් අභ්‍යාසයක් සිදු කරයි

දෙවන ලෝක යුද සමයේදී ජපන් ගුවන් ප්‍රහාර හමුවේ මඩකලපුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ නැගෙනනහිර මුහුදේ ගිලී ඇති රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS Hermes’ නමැති ගුවන් යානා ප්‍රවාහන නෞකාව හා ඒ ආශ්රිත මුහුදු ප්‍රදේශයේ විශේෂ ගවේෂණාත්මක කිමිදුම් අභ්‍යාසයක් නාවික හමුදා කිමිදුම් අංශය මඟින් 2024 ජුනි මස 30 වන දින සාර්ථකව සිදුකෙරුණු අතර, ඒ සඳහා සහභාගී වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් පියල් ද සිල්වා (විශ්‍රාමික) විසින් ‘HMS Hermes’ නෞකාව මුහුදුබත් වීමෙන් ජීවිතක්ෂයට පත් එම නෞකාවේ අණදෙන නිලධාරි ඇතුළු කාර්ය මණ්ඩලය සිහිපත් කරමින් පොපි මල් කළඹක් තබා ඔවුන් වෙත උපහාර පුද කෙරිණි.
01 Jul 2024
කතරගම පාද යාත්‍රාව සඳහා සහභාගි වන බැතිමතුන් සඳහා නාවික හමුදාව පහසුකම් සලසයි

යාපනය සිට සෙල්ල කතරගම දේවාලය දක්වා වාර්ෂිකව සිදු කෙරෙන පාද යාත්‍රාව සඳහා සහභාගි වන බැතිමතුන් හට කුමන ජාතික වන උද්‍යානයේ පිවිසුම් දොරටුවේ සිට කුඹුක්කන් ඔය දක්වා වූ ගමන් මාර්ගයේදී අවශ්‍ය පහසුකම් සැලසීම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද දින (2024 ජුනි 30) ආරම්භ කෙරුණු අතර, එය 2024 ජුලි මස 11 වන දින දක්වා සිදුකිරීමට නියමිතව ඇත.
30 Jun 2024
ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවාව ලෝක ජල ශාස්ත්‍රීය දිනය සමරයි

ජුනි මස 21 වන දිනට යෙදෙන ලෝක ජල ශාස්ත්‍රීය දිනයට සමගාමිව ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවාව, ලෝක ජල ශාස්ත්‍රීය දිනය සැමරීමේ උත්සවය, අද දින (2024 ජුනි 28) නාවික හමුදා ජල ශාස්ත්‍රීය ප්‍රධානී, රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය ගේ සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ආරාධනයෙන්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, වැලිසර Wave n’ Lake උත්සව ශාලාවේදී පැවැත්විණි.
28 Jun 2024
ඉන්දීය ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී ජීවිතක්ෂයට පත් සමූහ ප්‍රධාන සුළු නිලධාරී පීඩීපී රත්නායක යන ජ්‍යේෂ්ඨ නාවිකයාගේ අවමංගල්‍යය උත්සවය ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ උත්තමාචාර සහිතව සිදු කෙරේ

2024 ජුනි මස 25 වන දින යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී ජීවිතක්ෂයට පත් සමූහ ප්‍රධාන සුළු නිලධාරී පීඩීපී රත්නායක යන ජ්‍යේෂ්ඨ නාවිකයාගේ අවමංගල්‍යය උත්සවය, 2024 ජුනි මස 27 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ උත්තමාචාර සහිතව ඉබ්බාගමුව, හිපව්ව පොදු සුසාන භූමියේදී සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා ධීවර අමාත්‍ය ගරු ඩග්ලස් දේවානන්දා මහතා සහ උතුරු පළාත් ධීවර සංගම් නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගි වූහ.
28 Jun 2024
දෙල්ගොඩ දෙමාලගම මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් පවත්වයි

දෙල්ගොඩ, දෙමාලගම මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 2024 ජුනි මස 27 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවත්වීමට කටයුතු කෙරිණි.
28 Jun 2024
නාවික හමුදාවේ මෙහෙයුම් කාර්යක්ෂමතාවය සහ සේවා සැපයීම ඉහළ නැංවීම වෙනුවෙන් නිර්මාණය කල ජංගම සේවා රථයක් හඳුන්වා දෙයි

නාවික හමුදාවේ මෙහෙයුම් කාර්යක්ෂමතාවය සහ සේවා සැපයීම ඉහළ නැංවීම වෙනුවෙන් නිර්මාණය කල ප්‍රථම ජංගම සේවා රථය එළි දැක්වීමේ උත්සවය, අද දින (2024 ජුනි 27) උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයේදි පැවැත්වීමට කටයුතු කෙරිණි.
27 Jun 2024
නාවික හමුදාවේ ශිල්පීය දායකත්වයෙන් බලපිටිය මාදු ගඟෙහි අභිනවයෙන් ඉදිකල සීමාමාලකය සඟසතු කොට පූජා කිරීම නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් සිදුකරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශිල්පීය දායකත්වයෙන් බලපිටිය, මාදු ගඟෙහි අභිනවයෙන් ඉදිකල සීමාමාලකය, ‘ස්වේජින්’ සීමාමාලකය ලෙස නම් කර ගරුතර මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් විවෘත කර සඟසතු කොට පූජා කිරීම, 2024 ජුනි මස 26 වන දින බලපිටිය මාදු ගඟෙහිදි සිදු කෙරිණි.
27 Jun 2024