වැදගත් සිදුවීම්

ශ්‍රීලංකා නාවික හමුදා නෞකා පන්තියට එක්වූ ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ ‍නෞකාව කොළඹ වරායට

ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ (USCGC Sherman) නෞකාව අද (මැයි 12) කොළඹ වරායට සේන්දු වෙයි.

12 May 2019

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමයේ නව සභාපති පිළිගැනීමේ උත්සවය කොළඹදී

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමයේ නව සභාපති, වෛද්‍ය රියර් අද්මිරාල් සේනරූප ජයවර්ධන පිළිගැනීමේ උත්සවය ඊයේ (මැයි 11) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

12 May 2019

මුහුදේ අනතුරට පත් ධීවරයින් දහදෙනෙකු (10) නාවික හමුදාව විසින් බේරා ගනියි

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 11) දකුණු මුහුදේදී අනතුරට පත්ව සිටි ධීවරයින් දහදෙනෙකු (10) බේරා ගැනීමට සමත් විය.

11 May 2019

නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 70 ක් සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 11) මඩකළපුව, කළපු ප්‍රදේශයෙදී අඩි 100 දිගැති තහනම් ධීවර දැල් 70 සොයා ගැනීමට සමත්ව ඇත.

11 May 2019

කේරළ ගංජා කිලෝග්‍රෑම් 79.3 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 11) උතුරු මුහුදේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 79.3 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

11 May 2019

නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 20 ක් සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 10) මඩකළපුව, කළපු ප්‍රදේශයෙදී තහනම් ධීවර දැල් 20 සොයා ගැනීමට සමත්ව ඇත.

10 May 2019

නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් අටදෙනෙකු (08) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 10) කොක්කුතුඩායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් අටදෙනෙකු (08) අත්අඩංගුවට ගෙන ඇත.

10 May 2019

ගාලු කථිකාව සාගරික සම්මන්ත්‍රණයේ නිල වෙබ් අඩවිය නාවික හමුදාධිපතිතුමන් සුරතින් විවෘත කෙරේ

ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයේ නිල වෙබ් අඩවිය අද (මැයි 10) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සුරතින් විවෘත කෙරිණි.

10 May 2019

62 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් නව නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවා ගනු ලැබූ නව ශිෂ්‍යභට නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අද (මැයි 10) නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

10 May 2019

කේරළ ගංජා ගෑම් 180 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 09) මුතුර් ප්‍රදේශ‍යේදී සිදු කළ සෝදිසි කිරීමකදි කේරළ ගංජා ග්‍රෑම් 180 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

10 May 2019