වැදගත් සිදුවීම්
2024 ජුනි මස 25 වන දින ඉන්දීය ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී නාවික හමුදා ජ්‍යේෂ්ඨ නාවිකයෙක් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් වර්තමාන තත්වය

2024 ජුනි මස 25 වන දින අළුයම් කාලයේ යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කල විශේෂ මෙහෙයුමකදී, නාවික හමුදාවේ අත්අඩංගුවට පත්වීමට එරෙහිව අනතුරුදායක හා කලහකාරී ලෙස (Aggressive Manoeuvres) ඉන්දීය ධීවර යාත්‍රාව හැසිරවීම හේතුවෙන්, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ ජ්‍යේෂ්ඨ නාවිකයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කිරීමේදී ජීවිතක්ෂයට පත් විය.
26 Jun 2024
නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ ත්‍රිකුණාමලය උතුර සහ දකුණ ප්‍රදේශයන්හී නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, 2024 ජුනි මස 22 සහ 23 දෙදින නැගෙනහිර නාවික විධානයට අයත් ත්‍රිකුණාමලය උතුර සහ දකුණ ප්‍රදේශයන්හී නිල සංචාරයක නිරත වෙමින්, එම ප්‍රදේශයන්හී නාවික හමුදා මෙහෙයුම් කටයුතු සහ සුභසාධන පහසුකම් නිරීක්‍ෂණය කල අතර, නාවික හමුදාවේ මෙහෙයුම් සූදානම සහ ඉදිරි අභිප්‍රායයන් පිළිබඳව එහිදී, ත්‍රිකුණාමලය උතුර ප්‍රදේශයේ නිලධාරීන් හා නාවිකයන් දැනුවත් කිරීම ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතනයේදී සිදු කෙරිණි.
24 Jun 2024
ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ සහ ලෝක බෞද්ධ පෙරමුණේ වාර්ෂික සම්මේලන යාපනය නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේදී පැවැත්වීම සඳහා නාවික හමුදාවේ සහය

ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 20 වන මහ සම්මේලනය හා ලෝක බෞද්ධ පෙරමුණේ 05 වන වාර්ෂික සම්මේලනය නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, 2024 ජුනි මස 22 වන දින නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේදී පැවත්වුණු අතර, එය සාර්ථකව පැවැත්වීම සඳහා නාවික හමුදාව සහය ලබාදීම සිදු කෙරිණි.
24 Jun 2024
ඉන්දීය නාවික හමුදාවට අයත් INS ‘KAMORTA’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 ජුනි මස 20 වන දින නිල සංචාරයක් සඳහා ත්‍රිකුණාමලය වරායෙන් දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් INS ‘KAMORTA’ නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව අද දින (2024 ජුනි 23) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම ත්‍රිකුණාමලය වරායේදී සිදු කෙරිණි.
23 Jun 2024
සඳහිරු මහා සෑ පොසොන් කලාපයේ සමාරම්භක උත්සවය සඳහා නාවික හමුදාධිපති සහභාගි වෙයි

2024 ජුනි මස 21 වන දිනට යෙදුණු පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් අනුරාධපුර සඳහිරුසෑය අභියස පැවති පොසොන් කලාපයේ සමාරම්භක උත්සවය ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.
23 Jun 2024
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 ජුනි මස 20 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE (DD – 106)’ නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2024 ජුනි 22) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
22 Jun 2024
ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් ජංගම දන්ත වෛද්‍ය සේවාවක්

ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව, නාවික හමුදා සාමාජිකයන් සහ පාසල් සිසුන් වෙනුවෙන් ජංගම දන්ත වෛද්‍ය සේවාවක් 2024 ජුනි මස 13,14,18,19 සහ 20 යන දිනයන්හිදී උතුරු මැද නාවික විධානය ආවරණය වන පරිදි සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
21 Jun 2024
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE (DD – 106)’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ජුනි 20) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
20 Jun 2024
නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, අද දින (2024 ජුනි 19) උතුරු නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.
19 Jun 2024
RIMPAC - 2024 අභ්‍යාසය සඳහා සහභාගී වන නාවික හමුදා මැරීන් කණ්ඩායම වෙත නාවික හමුදාධිපති විසින් ශ්‍රී ලංකා ධජ පළඳවයි

ඇමෙරිකානු නාවික හමුදාවේ ඉන්දු ශාන්තිකර විධානය (US Indo Pacific Command) විසින් සංවිධානය කරනු ලබන Rim of the Pacific 2024 (RIMPAC 2024) බහුපාර්ශවීය සාගරික අභ්‍යාසය සඳහා සහභාගීවීමට නියමිත නිලධාරීන් හය දෙනෙකු (06) සහ නාවිකයන් දහසය දෙනෙකු (16) ගෙන් සමන්විත ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් කණ්ඩායම වෙත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ශ්‍රී ලංකා ධජය පැළඳවීම අද දින (2024 ජුනි 19) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
19 Jun 2024