වැදගත් සිදුවීම්

නීති විරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලූ ධීවරයින් තිදෙනෙකු (03) නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (මාර්තු 08) ත්‍රිකුණාමලය, මලෙයිමුන්දල් මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී වලංගු ධීවර අවසරපත් නොමැතිව නීති විරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.

09 Mar 2019

ලෝක කාන්තා දිනය සැමරීමේ ජාතික උත්සවයට නාවික හමුදා දායකත්වය

ජාත්‍යන්තර කාන්තා දිනය - 2019, ජාතික සැමරුම් උත්සවය ඊයේ (මාර්තු 08) අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

09 Mar 2019

නාවික මෙහෙයුම් අතරතුර තවත් බීඩී කොළ කිලෝග්‍රෑම් 1053.75 ක් නාවික හමුදාව සොයා ගැනේ

උතුරු මැද නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 07) මන්නාරම, පේසාලේ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී අතහැර දමා ‍ගොස් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 323.4 ක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්වූ අතර, එම ප්‍රදේශයේ අද උදෑසන තවදුරටත් සිදු කළ සෝදිසි කිරිම්වලදි බීඩී කොළ කිලෝග්‍රෑම් 1053.75 ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි විය.

08 Mar 2019

අතහැර දමා ගිය බීඩී කොළ කිලෝග්‍රෑම් 323.4 ක් නාවික හමුදාව භාරයට

උතුරු මැද නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 07) මන්නාරම, පේසාලේ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී අතහැර දමා ‍ගොස් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 323.4 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර, එම ප්‍රදේශයේ තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදු කරමින් පවති.

08 Mar 2019

නීති වි‍රෝධී ලෙස මෙරටින් සංක්‍රමණය විමට උත්සහ කළ පුද්ගලයින් 30 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු විය හැකි නීති විරෝධී කටයුතු වැලැක්විම අරමුණු කර ගනිමින් මුර සංචාර සඳහා යොදවා තිබු ශ්‍රී ලංකා නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් අද (මාර්තු 07) අළුයම සිදු කළ මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ලෙස දකුණු මුහුදේ යාත්‍රා කරමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාවක් සහ පුද්ගලයින් තිස්දෙනෙකු (30) නාවික හමුදා භාරයට ගෙන ඇත.

07 Mar 2019

ශ්‍රී ලංකාවේ මහජන චීන සමුහආණ්ඩු තානාපති උතුරු මැද නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ මහජන චීන සමුහආණ්ඩු තනාපති, අතිගරු චේන්ග් සූයුවාන් (Cheng Xueyuan) මහතා ඇතුළු දූත පිරිසක් ඊයේ (මාර්තු 06) උතුරු මැද නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත විය.

07 Mar 2019

නීති වි‍රෝධී ලෙස මෙරටින් සංක්‍රමණය විමට උත්සහ කළ පුද්ගලයින් 30 ක් නාවික හමුදා භාරයට

දකුණු මුහුදු තීරයේ මුර සංචාරයේ නියුතු නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවන් දෙකක් මඟින් අද (මාර්තු 07) අළුයම දකුණු මුහුදේ නාවික සැතපුම් 80 ක් දුරින් යාත්‍රා කරමින් තිබූ සැක කටයුතු යාත්‍රාවක් නිරීක්‍ෂණය කර ඇති අතර, එම යාත්‍රාව පරික්‍ෂා කිරීමේදී නීති වි‍රෝධී ලෙස මෙරටින් සංක්‍රමණයවිමට උත්සහ කළ පුද්ගලයින් තිස්දෙනෙකු (30) නාවික හමුදා භාරයට ගෙන ඇත.

07 Mar 2019

කේරළ ගංජා කිලෝග්‍රෑම් 1.7 ක් සොයා ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව විසින් සිදුකළ දැනුම්දීමකට අනුව පුත්තලම, පොලිසිය සහ මත්ද්‍රව්‍ය නාශක ඒකකයට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව ඊයේ (මාර්තු 06) රාත්‍රී 10.30 ට පමණ පුත්තලම, කරඹ පෙරියතිව් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 1.7 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

07 Mar 2019

බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ධලේශ්වරී’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

පසුගිය මාර්තු 03 වන දින කොළඹ වරායට සේන්දු වූ බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ධලේශ්වරී’ නෞකාව අද (මාර්තු 06) වන දින සිය සිව්දින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.

06 Mar 2019

රියර් අද්මිරාල් රුවන් පෙරේරා වයඹ නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

රියර් අද්මිරාල් රුවන් පෙරේරා අද (මාර්තු 06) වයඹ නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

06 Mar 2019