වැදගත් සිදුවීම්

‘සැපයුම් සම්මන්ත්‍රණය- 2024’ සහ 08 වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වේ

‘සැපයුම් සම්මන්ත්‍රණය - 2024’ සහ 08 වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ සහතිකපත්‍ර ප්‍රධානය කිරීම 2024 ජුනි මස 08 සහ අද දින (2024 ජුනි 09) ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේ දී, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු රොහාන් ජෝෂප් ගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, සැපයුම් සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය, මොරටුව විශ්වවිද්‍යාලයේ සැපයුම්දාම කලමණාකරන අධ්‍යයන අංශයේ මහාචාර්ය නිලේස් පෙරේරා විසින් සිදුකෙරිණි.

09 Jun 2024

නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා කිමිදුම් පාසලේ 25 වන සංවත්සරය සමරයි

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ 1999 වර්ෂයේ ජුනි මස 10 වන දින ස්ථාපිත කල ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් පාසලේ 25 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කල සැමරුම් උත්සවයක් 2024 ජුනි මස 08 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකූණාමලය නාවික තටාකාංගණයේ කිමිදුම් පුහුණු පාසලේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

09 Jun 2024

නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, 2024 ජුනි මස 06 වන දින, උතුරු මැද නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.

07 Jun 2024

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ ස්ථාපනය කල 1000 වන ප්‍රතිආශ්‍රැත ජලපිරිපහදු මධ්‍යස්ථානය ගල්ගමුව පාළුකඩවල ශ්‍රී සුමන විද්‍යාලයේදී ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ දිවයිනේ ප්‍රදේශ ගණනාවක මහජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සැපිරීම සඳහා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් අරඹන ලද ජල පිරිපහදු මධ්‍යස්ථාන ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ නාවික හමුදා තාක්‍ෂණික ශීල්පීය දායකත්වයෙන් සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ මූල්‍ය දායකත්වයෙන් ගල්ගමුව පාළුකඩවල ශ්‍රී සුමන විද්‍යාලයේ ස්ථාපනය කළ 1000 ස් වන ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම අද දින (2024 ජුනි 05) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ‍ගේ ප්‍රධානත්වයෙන් සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වෛද්‍ය චමීර සී යාපා අබේවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් එම විද්‍යාල පරිශ්‍රයේදී සිදුකෙරිණි.

05 Jun 2024

ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනයේ නව හදිසි ප්‍රතිකාර ඒකකය සහ නවීකරණය කල ගිලන් හල විවෘත කෙරේ

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ මූල්‍යමය දායකත්වයෙන් සහ රෝහල් සේවා සංගමයේ ප්‍රධානී, රාජකීය පණ්ඩිත පූජ්‍ය රජ්‍වැල්ලේ සුභූති ස්වාමීන් වහන්සේ විසින් සිදුකළ රෝහල් උපකරණ පරිත්‍යාගයෙන්, ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනයේ ස්ථාපනය කළ නව හදිසි ප්‍රතිකාර ඒකකය සහ නවීකරණය කරන ලද ගිලන්හල දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ ගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම 2024 ජුනි මස 03 වන දින සිදුකෙරිණි.

04 Jun 2024

සිංගප්පූරුවේ පැවති 21 වන ආසියානු ආරක්‍ෂක සමුළුව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති සහභාගී වෙයි

උපාය මාර්ගික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර ආයතනයේ සංවිධායකත්වයෙන් (International Institute for Strategic Studies - IISS), 2024 මැයි මස 31 වන දින සිට 2024 ජුනි මස 02 වන දින දක්වා සිංගප්පූරුවේ ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවති 21 වන ආසියානු ආරක්‍ෂක සමුළුව (21st Asia Security Summit - IISS Shangri-La Dialogue) සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

04 Jun 2024

ශ්‍රි ලංකා නාවික හමුදාව සහ පාකිස්ථානු නාවික හමුදාව අතර ඉස්ලාමාබාද් හි පැවති හයවන මාණ්ඩලික සාකච්ඡා වාරය සාර්ථකව අවසන් වෙයි

ශ්‍රි ලංකා නාවික හමුදාව සහ පකිස්ථානු නාවික හමුදාව අතර හයවන වරට සංවිධානය කරන ලද මාණ්ඩලික සාකච්ඡා වාරය (6th Pakistan Navy - Sri Lanka Navy Expert Level Staff Talks (ELST) 2023 මැයි මස 28 වන දින සිට 30 වන දින දක්වා පාකිස්ථානයේ ඉස්ලාමාබාද් හි සාර්ථකව පැවැත්වුනු අතර, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිශාන්ත පීරීස් ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා පාර්ශවයත්, රියර් අද්මිරාල් Faisal Amin Hi (M) ගේ ප්‍රධානත්වයෙන් පාකිස්ථානු නාවික හමුදා පාර්ශවයත් සාකච්ඡා වාරය සඳහා සහභාගී විය.

04 Jun 2024

ශ්‍රී ලංකා නාවික හමුදාව ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික න්‍යෂ්ටික ආරක්ෂක පරිපාලන මධ්‍යස්ථානය සමඟ ඇතිකරගත් අවබෝධතා ගිවිසුමට අදාළ ප්‍රථම රැස්වීම නාවික හමුදා මූලස්ථානයේදී

ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික න්‍යෂ්ටික ආරක්ෂක පරිපාලන මධ්‍යස්ථානය (National Nuclear Security Administration of United State of America) සමඟ 2024 පෙබරවාරි මස 28 වන දින, ශ්‍රී ලංකාවට අයත් දේශසීමා මායිම් ඔස්සේ විශේෂ න්‍යෂ්ටික ද්‍රව්‍ය සහ අනෙකුත් විකිරණශීලී ද්‍රව්‍යයන් නීති විරෝධී ලෙස ප්‍රවාහනය, ජාවාරම් කිරීම පිළිබඳ හඳුනා ගැනීම හා අත්අඩංගුවට ගැනීම සඳහා තාක්ෂණික හා ක්‍රමවේදීය වශයෙන් ද්වීපාර්ශ්වික සහයෝගීතාවය වර්ධනය කිරීමේ අවබෝධතා ගිවිසුමකට එළඹුන අතර, ඊට අදාල මූලික විෂය පථය පිළිබඳ සාකච්ඡා කිරීමේ දෙදින රැස්වීමක් 2024 ජුනි මස 03 වන දින නාවික හමුදා මූලස්ථානයේදී ආරම්භ විය.

04 Jun 2024

රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු ලෙස වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු වශයෙන් අද දින (2024 ජුනි 03) නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු කාර්යාලයේදී වැඩ භාර ගැනීම සිදු කෙරිණි.

03 Jun 2024

මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ නියෝජිත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සහ නැගෙනහිර නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ ප්‍රධානී Kikuchi Noboyuki මහතා ඇතුළු නියෝජිත පිරිසක් 2024 මැයි මස 30 සහ 31 යන දිනයන්හිදී නාවික හමුදා මූලස්ථානයේ සහ නැගෙනහිර නාවික විධානයේ නිල සංචාරයක නිරත විය.

01 Jun 2024