වැදගත් සිදුවීම්
කපිතාන් (සංඥා) බුද්ධික ලියනගමගේ මහතා ශ්‍රීලංනානෞ නන්දිමිත්‍ර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මිෂයිල නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා නන්දිමිත්‍ර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (සංඥා) බුද්ධික ලියනගමගේ මහතා අද (පෙබරවාරි 18) වැඩ භාර ගන්නා ලදී.
18 Feb 2019
නාවික හමුදා සිවිල් සේවක සාමාජිකයින් නාවික හමුදාධිපතිතුමන් පිළිගනී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත් වූ වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පිළිගැනීමේ උත්සවයක් අද (පෙබරවාරි 18) නාවික හමුදා සිවිල් සේවක මහත්ම මහත්මීන් විසින් සංවිධානය කොට තිබිණි.
18 Feb 2019
අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) සැමරුම් මාර්ග ධාවනය - 2019 මෙවර නාවික හමුදාවේ සංවිධානත්වයෙන් සාර්ථකව පැවැත්විය

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (Council International Military Sports) සැමරුම් මාර්ග ධාවනය - 2019 අද (පෙබරවාරි 18) කොළඹ ගාලු මුවදොර දී පැවැත් විය.
18 Feb 2019
ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ දික්වැල්ල පොලිස් විශේෂ කාර්ය බළකායට අනුයුක්ත නිලධාරින් එක්ව ඊයේ (පෙබරවාරි 16) මාතර, දික්වැල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී ගංජා ග්‍රෑම් 120 ක් ලග තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.
17 Feb 2019
දියේ ගීලි මිය ගිය පුද්ගලයෙකුගේ මෘත දේහය නාවික හමුදාව විසින් සොයා ගැනේ

කැළණි ඟගේ දිය නෑමට ගිය සහෝදරයින් තිදෙනාගෙන් එක් අයෙක් දියේ ගිලී අතුරුදහන් වී ඇති අතර, එම අතුරුදන් පුද්ගලයාගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව අද දින (පෙබරවාරි 17) කටයුතු කරන ලදී.
17 Feb 2019
ශ්‍රීලංනානෞ සයුරළ නෞකාව අමාන් (AMAN 2019) නාවික අභ්‍යාසය සාර්ථක ලෙස නිමා කරයි

පකිස්ථානු නාවික හමුදාව විසින් දෙවසරකට වරක් පවත්වනු ලබන අමාන් (AMAN 2019) නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව පසුගිය පෙබරවාරි 02 වන දින කොළඹ වරායෙන් පකිස්ථානය බලා පිටත් විය.
17 Feb 2019
අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය නාවික හමුදාවේ සංවිධායකත්වයෙන් හෙට පැවැත්වේ

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලයේ (Council International Military Sports) සංවත්සරය නිමිත්තෙන් එහි සාමාජික රටවල සහභාගිත්වයෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය හෙට (පෙබරවාරි 18) දින 0600 පැයට කොළඹ ප්‍රදීපාගාරය අසලින් ඇරඹේ.
17 Feb 2019
අණතුරකට පත් ධීවරයකු ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව සහය වෙයි

දකුණු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් අද (පෙබරවාරි 16) දින බහුදින ධීවර යාත්‍රාවක සිටි අණතුරකට පත් රෝගියෙකු කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සඳහා හම්බන්තොට ධීවර වරාය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.
16 Feb 2019
2019 ජාතික ඔරු පැදීමේ තරඟාවලිය සමස්ථ ශූරතාවය නාවික හමුදාවට

ජාතික ඔරු පැදීමේ තරගාවලීය (National Canoe Sprint Championship – 2019) පෙබරවාරි මස 13 වන දින සිට 16 වන දින දක්වා දින 03 ක් දියවන්නා ඔයේදී පැවැත්විය. මෙම තරගාවලීය සදහා ත්‍රිවිධ හමුදාව, කොළඔ විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය, කොළඔ රාජකීය විද්‍යාලය, ශාන්ත තෝමස් විද්‍යාලය, ශාන්ත ජෝශප් විද්‍යාලය, කාන්තා විද්‍යාලය, විශාකා විද්‍යාලය හා කොළඔ ඔරු පැදීමේ සංගමය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 ක පමණ පිරිසක් සහභාගී වී සිටියහ.
16 Feb 2019
නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 38 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

පසුගිය පෙබරවාරි මස 14 සහ 15 යන දෙදින තුල නාවික හමුදාව සහ පොලිස් විශේෂකාර්ය බළකාය එක්ව දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු කළ විශේෂ මෙහෙයුම් වලදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ විදේශ ගතවීම සඳහා සුදානම්ව සිටි පුද්ගලයින් 38 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී.
16 Feb 2019