වැදගත් සිදුවීම්
71 වන ජාතික දින සැමරුම් උත්සවය

කොළඹ ගාලු මුවදොර පිටියේ අද (පෙබරවාරි 04) උදෑසන අති උත්කර්ශවත් අයුරින් පැවැති 71 වන ජාතික දින සැමරුම් උත්සවය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් සුවිශේෂී දායකත්වයක් සැපයිණි.
04 Feb 2019
තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 03 ක් යළි ඉන්දියාවට

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගන්නා ලද ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 03 ක් යලි එරටට භාර දීම ඊයේ (පෙබරවාරි 03) ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සිදු කෙරිණි.
04 Feb 2019
ලෝක තෙත්බිම් දිනයට නාවික හමුදා දායකත්වය

තෙත්බිම්වල වටිනාකම පිළිබඳ ගෝලීය ප්‍රජාව දැනුවත් කිරීම උදෙසා ලෝක තෙත්බිම් දිනය සෑම වසරකම පෙබරවාරි 02 දින වන සැමරිමට කටයුතු කරනු ලබයි. 1971 දී ඉරානයේ රම්සාර්හිදි තෙත්බිම් පිළිබඳ රම්සාර් සම්මුතිය සම්මත කරගැනීමට කටයුතු කර ඇති අතර, මෙවර තෙත්බිම් දිනයේ තේමාව වන්නේ ‘තෙත්බිම් සහ දේශගුණික වෙනස්වීම්’ යන්නයි.
03 Feb 2019
උතුරු නාවික විධානයේදී එළිමහන් පුහුණු වැඩසටහනක් පවත්වයි

උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත උතුරු නාවික විධානයට අයත් මානසික සෞඛ්‍ය ඒකකය සහ මෙහෙයුම් දෙපාර්තමේන්තුව එක්ව පසුගිය ජනවාරි මස 19 වන දින එළිමහන් පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
03 Feb 2019
අමාන් (AMAN 2019) නාවික අභ්‍යාසය සඳහා ශ්‍රීලංනානෞ සයුරළ නෞකාව පකිස්ථානය බලා පිටත්වෙයි

පකිස්ථානු නාවික හමුදාව විසින් දෙවසරකට වරක් පවත්වනු ලබන අමාන් (AMAN 2019) නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව අද (පෙබරවාරි 02) කොළඹ වරායෙන් පකිස්ථානය බලා පිටත් විය.
02 Feb 2019
කිලෝග්‍රෑම් 11 කට අධික රත්‍රං සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (ජනවාරි 02) කල්පිටිය, කුඩාව මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ කිලෝග්‍රෑම් 11 කට අධික රත්‍රං තොගයක් සමඟ ශ්‍රීලාංකික පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට සමත් විය.
02 Feb 2019
නීති විරෝධී විදේශිය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදාව භාරයට

නාවික හමුදාව විසින් සිදු කළ දැනුම්දිමකට අනුව පට්ටියපොල, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 01) මාතර, ගන්දර ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී නීති විරෝධී විදේශිය දුම්වැටි පැකට් 50 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
02 Feb 2019
නීති වීරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (පෙබරවාරි 01) කල්පිටිය, සින්නපාඩු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
02 Feb 2019
ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් නිෂ්පාදනය කරන ලද වේව් රයිඩර් වර්ගයේ යාත්‍රා දෙකක් සීෂෙල්ස් රාජ්‍යයට

වැලිසර නාවික කඳවුරේ පිහිටුවා ඇති වෙරළ මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘති වැඩපලෙහි (Inshore Patrol Craft Construction Project) නිෂ්පාදනය කරන ලද වේව් රයිඩර් වර්ගයේ යාත්‍රා දෙකක් (02) සීෂෙල්ස් රාජ්‍යය වෙත භාර දීමේ උත්සවය අද (පෙබරවාරි 01) කොළඹ, වරාය පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේදී සිදු කෙරිණි.
01 Feb 2019
‘නාවික සඟරාව’ (Navy Journal) සිව්වන කලාපය එළිදකී

නාවික හමුදා පර්යේෂණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන ‘නාවික සඟරාව’ (Navy Journal) සිව්වන වේළුමේ පළමු කලාපය එහි ප්‍රධාන කතෘ කපිතාන් ප්‍රසාද් කාරියප්පේරුම මහතා විසින් අද (පෙබරවාරි 01) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතා වෙත පිළිගැන් විය.
01 Feb 2019