වැදගත් සිදුවීම්
රියර් අද්මිරාල් ජගත් රණසිංහ මහතා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරේ වැඩ භාර ගනී

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රියර් අද්මිරාල් ජගත් රණසිංහ මහතා පසුගිය ජනවාරි 01 වන දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් අදාළ පත්වීමේ ලිපිය රියර් අද්මිරාල් රණසිංහ මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කරන ලදී.
07 Jan 2019
නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 07 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 07 ක් නාවික හමුදා භාරයට පත් විය.
07 Jan 2019
අවසරපත් නොමැතිව මුහුදු වැලි ප්‍රවාහනය කල පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් කලවන්චිකුඩා පොලිස් නිලධාරින් සමඟ සම්බන්ධ වී ඊයේ (ජනවාරි 06) කළුදවේලි ප්‍රදේශයේ දී අවසරපත් නොමැතිව මුහුදු වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
07 Jan 2019
නාවික හමුදාධිපතිතුමන් අනුරාධපුරයේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදා ගනී

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (ජනවාරි 06) අනුරාධපුරයේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන කිහිපයක් වැඳ පුදා ගන්නා ලදී.
06 Jan 2019
නව නාවික හමුදාපති තුමන් දළදා සමිඳුන් වැඳපුදා ගනී

නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා, නාවික හමුදාධිපති ධූරයේ වැඩභාර ගැනීමෙන් පසු ඊයේ (ජනවාරි 05) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දළදා සමිඳුන් වැඳපුදා ගත් අතර, අනතුරුව මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
06 Jan 2019
කොමාණ්ඩර් (අවි) ප්‍රසාද් විතානගේ ශ්‍රීලංනානෞ ප්‍රතාප නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ප්‍රතාප නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (අවි) ප්‍රසාද් විතානගේ මහතා අද (ජනවාරි 05) වැඩ භාර ගන්නා ලදී.
05 Jan 2019
ශ්‍රී ලංකාවේ චීන ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ යුද, ගුවන් සහ නාවික කටයුතු පිළිබඳ චීන ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂු ජියෑන්වෙයි මහතා ඊයේ (ජනවාරි 04) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමු විය.
05 Jan 2019
ඉන්දියානු නාවික නෞකා ‘ජමුනා’ නෞකාව ගාල්ල වරායට පැමිණේ

පසුගිය දෙසැම්බර් 20 වන දින, මෙරට මුහුදු සීමාව සිතියම් ගත කිරීමේ එකාබද්ධ වැඩසටහනට සහභාගීවිම සඳහා කොළඹ වරායට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජමුනා’ නෞකාව කොළඹ සිට ගාල්ල දක්වා වූ මුහුදු තීරය සමික්‍ෂණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව ඊයේ (ජනවාරි 04) ගාල්ල වරායට සේන්දු විය.
05 Jan 2019
ශ්‍රී ලංකාවේ ඉන්දියන් ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමු වෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අශෝක් රාඕ මහතා අද (ජනවාරි 04) දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමු විය.
04 Jan 2019
නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක ලේකම් හමුවෙයි

නව නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (ජනවාරි 04) ආරක්ෂක අමාත්‍යාංශයේදී, ආරක්ෂක අමාත්‍යංශ ලේකම්, හේමසිරි ප්‍රනාන්දු මහතා හමුවිය.
04 Jan 2019