වැදගත් සිදුවීම්
නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 08 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 08 ක් නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වීම සහ ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරතවීම යන හේතූන් මත නාවික හමුදා භාරයට ගෙන ඇත.
03 Dec 2018
උතුරු නාවික විධානය ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි

68 වන නාවික දිනයට සමඟාමීව නාවික හමුදාව විසින් ලේ දන්දීමේ වැඩසටහනක් පසුගිය නොවැම්බර් 29 වන දින නාවික රෝහල උතුරු විධානයේදී පවත් වන ලදී.
02 Dec 2018
ඩයලොග් ලීග් කුසලාන රග්බි තරඟාවලියේ නාවික හමුදාවට තවත් ජයක්

ඩයලොග් ලීග් කුසලාන රග්බි තරඟාවලියේ තවත් එක් තරඟයක් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර ඊයේ (දෙසැම්බර් 01) රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.
02 Dec 2018
නාවික හමුදාව විසින් අසාධ්‍ය ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි

පසුගිය නොවැම්බර් 27 වන දින ගාලු ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “ ෂාන් පුතු II” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (දෙසැම්බර් 01) කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදී.
02 Dec 2018
නාවික හමුදා කථික තරඟාවලිය 2018

ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ ඒකකය මඟින් තෙවනවරටත් සංවිධානය කරනු ලබූ නාවික හමුදා කථික තරඟාවලිය 2018 ඊයේ (නොවැම්බර් 30) නාවික හමුදා මුලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
01 Dec 2018
15 වන ආසියා ෆැසිපික් ෂිතෝරියූ කරාතේ තරඟාවලියෙන් පදක්කම් 2 ක් ශ්‍රී ලංකාවට හිමිකර දීමට නාවික හමුදා ක්‍රීඩකයා සමත් වේ.

ඉන්දුනිසියාවේ ජකර්තා නුවර පැවති 15 වන ආසියා ෆැසිපික් ෂිතෝරියූ කරාතේ තරඟාවලිය පසුගිය නොවැම්බර් 20 වන දින සිට 27 වන දින දක්වා පැවති අතර, මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකාව වෙත රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් හිමිකර දීමට නාවික හමුදාව නියෝජනය කරමින් තරඟ වැදුනු බල නැවි ඒඩි එන්එස් ආරියරත්න සමත් විය.
30 Nov 2018
ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ගෘප් කපිතාන් ෂෝන් අන්වින් මහතා අද (නොවැම්බර් 29) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමු විය.
29 Nov 2018
ඊශ්‍රායල් ආරක්‍ෂක උපදේශක නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ඊශ්‍රායල් තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් එෆී ඩෙෆ්රින් මහතා ඊයේ (නොවැම්බර් 28) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමු විය.
29 Nov 2018
නාවික හමුදා 534 වැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය දඹාන අදීවාසි ගම්මානයට

අතිගරු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ “රකිමු වකුගඩු පණ සේ - සුවය දිවිමග එවිට සැළසේ” සංකල්පයට අනුව වකුගඩු නිවාරණ ජනාධිපති කාර්යය සාධක බලකායේ සම්බන්ධීකරණයෙන් සහ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් නිෂ්පාදනය කර ඇති අතර, නාවික හමුදාව මේවන විට ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 534 ක් දිවයින පුරා ආවරණය වන පරිදි ස්ථාපිත කර ජනතා අයිතියට පත් කර ඇත.
28 Nov 2018
අන්තර් නෞකා/යාත්‍රා, සංඥා, කඹ හා ගැට තරඟාවලිය 2018

නාවික දියත් විධානය විසින් සංවිධානය කරන ලද අන්තර් නෞකා/යාත්‍රා, සංඥා, කඹ හා ගැට තරඟාවලිය - 2018 ඊයේ (නොවැම්බර් 27) ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
28 Nov 2018