වැදගත් සිදුවීම්
පකිස්ථානු ආරක්ෂක ලේකම් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

සිව් දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පකිස්ථානු ආරක්ෂක ලේකම්, ලුතිනන් ජෙනරාල් (විශ්‍රාමික) ඉක්රම් උල් හක් (Lieutenant General (retd) Ikram UI Haq) මහතා ඇතුළු දූත පිරිස ඊයේ (ඔක්තෝබර් 04) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
05 Oct 2018
චීන නාවික හමුදාවට අයත් ‘හයි යන්ග්ඩාඕ’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

චීන නාවික හමුදාවට අයත් ‘හයි යන්ග්ඩාඕ’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (ඔක්තෝබර් 04) කොළඹ වරායට සේන්දු විය.
04 Oct 2018
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් නෞකාවන් කොළඹ වරායෙන් පිටත්ව යයි

පසුගිය සැප්තැම්බර් 30 දින කොළඹ වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට (JMSDF) අයත් ‘කාගා’ සහ “ඉනසුමා” නෞකාවන් අද (ඔක්තෝබර් 04) දින සිය සුහද සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.
04 Oct 2018
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති නාවික හමුදාධිපතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති, අතිගරු හාන්ස්පීටර් මොක් (Mr. Hanspeter Mock) මහතා අද (ඔක්තෝබර් 03) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.
03 Oct 2018
ජ්‍යේෂ්ඨ නාවිකයින් 115 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 115 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (ඔක්තෝබර් 03) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණි.
03 Oct 2018
ජාතික ප්‍රවීනයන්ගේ අන්තර් සමාජ මේස පන්දු ශූරතාවය නාවික හමුදාව හිමි කර ගනී

ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ මේස පන්දු සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික ප්‍රවීනයන්ගේ අන්තර් සමාජ මේස පන්දු ශූරතාවය - 2018 පසුගිය සැප්තැම්බර් 22 වන දින ශාන්ත තෝමස් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී.
03 Oct 2018
බෝම්බ සහ පතොරම් තොගයක් නාවික හමුදා කිමිදුම් අංශය සොයා ගනී

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයින් විසින් ඊයේ (ඔක්තෝබර් 02) ආරුගම්බේ කලපුවේ සිදු කළ මෙහෙයුමකින් අනතුරුව බෝම්බ සහ පතොරම් තොගයක් සොයා ගැනීමට සමත්වි ඇත.
03 Oct 2018
වයඹ නාවික විධානයේ නව රෝහල් ගොඩනැගිල්ල විවෘත කෙරේ

වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ ස්ථාපිත නාවික රෝහල් (වයඹ) සංකීර්ණයේ අභිනවයෙන් ඉදිකරන ලද නව ගොඩනැගිල්ල වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සූජීව පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ඔක්තෝබර් 01) විවෘත කෙරිණි.
02 Oct 2018
ගොවි සංවිධාන නිලධාරින් සඳහා නාවික හමුදා තොරතුරු තාක්ෂණ අංශය මඟින් වැඩමුළුවක් පවත්වයි

කෘෂිකර්ම අමාත්‍යංශයේ සහ හපුතලේ කහත්තේවෙල ජනතා ගොවි සංවිධානයේ නිලධාරීන් සඳහා භූගෝලීය තොරතුරු පද්ධතිය පිළිබද වැඩමුළුවක් පසුගිය සැප්තැම්බර් 21 වන වන දින අධ්යක්ෂ නාවික තොරතුරු තාක්ෂණ කොමදෝරු ප්‍රියන්ත එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී ආරම්භ කෙරුණි.
02 Oct 2018
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ (JMSDF) ජ්‍යේෂ්ඨ නිලධාරින් නාවික හමුදාධිපති හමුවෙයි

පසුගිය සැප්තැම්බර් 30 වන දින, මෙරටට පැමිණි ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ හතරවන නාවික ආරක්ෂක ඒකකයේ ආඥාපති, රියර් අද්මිරාල් තට්සුයා ෆුකුඩා මහතා සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට (JMSDF) අයත් ‘කාගා’ සහ “ඉනසුමා” නෞකාවන්හි අණදෙන නිලධාරින් වන කපිතාන් හිඩේකි මිෂුටා මහතා සහ කොමාණ්ඩර් යුකී ඕචිමීෂු මහතා ඊයේ (ඔක්තෝබර් 01) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.
02 Oct 2018