වැදගත් සිදුවීම්
කේරළ ගංජා කිලෝග්‍රෑම් 28 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) උතුරු මුහුදේදී අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (සැප්තැම්බර් 25) කේරළ ගංජා කිලෝග්‍රෑම් 28 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.
26 Sep 2018
ජාතික වෙරළ සහ සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියට නාවික හමුදා දායකත්වය

අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනයට සමගාමීව ශ්‍රී ලංකාව තුළ සැප්තැම්බර් 15 වන දින සිට 21 වන දින දක්වා ජාතික වෙරළ සහ සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියක් ප්‍රකාශයට පත් තිබු අතර, ඒ අනුව ඊට සමගාමිව වෙරළ තීරයන් ආශ්‍රිතව පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා නාවික හමුදාව සිය දායකත්වය ලබා දීමට කටයුතු කරන ලදී.
26 Sep 2018
‘Sandy Bay Navy Cup 2018’ ගොල්ෆ් තරඟාවලිය ත්‍රිකුණාමලයේදී

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ප්‍රථම වරට පවත්වනු ලැබූ ‘Sandy Bay Navy Cup 2018’ ගොල්ෆ් තරඟාවලිය පසුගිය සැප්තැම්බර් 23 වන දින ත්‍රිකුණාමලය.
25 Sep 2018
කකාඩු -2018 නාවික අභ්‍යාසයට සහභාගීවූ ‘සිඳුරළ’ නෞකාව දීර්ඝ මුහුදු ගමනකින් පසු යලි දිවයිනට

ඕස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් දෙවසරකට වරක් පවත්වනු ලබන කකාඩු (KAKADU-2018) නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා පසුගිය අගෝස්තු 20 වන දින ත්‍රිකුණාමලය වරායෙන් ඕස්ට්‍රේලියාව බලා පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා ‘සිඳුරළ’ නෞකාව සාර්ථක ලෙස නාවික අභ්‍යාසය නිමා කරමින් නාවික ඉතිහාසයේ දීර්ඝතම මුහුදු ගමනකින් පසු ඊයේ (සැප්තැම්බර් 24) දිවයිනට ලඟා වූ අතර, මෙම සංචාරය තුළ ‘සිඳුරළ’ නෞකාව නාවික සැතපුම් 6646 ක් ආවරණය කර ඇත. නෞකාව කොළඹ වරායට සේන්දුවිමෙන් පසු නාවික සම්ප්‍රදායානුකූලව වරාය පරිශ්‍රය වෙත පිළිගැනීමට කටයුතු කෙරුණි.
25 Sep 2018
නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා භාරයට

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වීම හේතූන් මත නාවික හමුදා භාරයට ගෙන ඇත.
25 Sep 2018
අන්තර් විධාන ගොඩබිම් මෙහෙයුම් තරඟාවලියේ සමස්ථ ශුරතාව උතුරු මැද නාවික විධානය හිමිකර ගනි

විශේෂ මෙහෙයුම් පාඨමාලාවන් සහ මුලික ගොඩබිම් පුහුණු පාඨමාලාවන් හැදෑරූ නාවික පුද්ගලයින් ඇගයිමට ලක් කිරිමත් ඒ තුලින් ආත්ම විශ්වාසයකින් යුතුව රාජකාරි ඉටු කිරිම සඳහා වෘත්තිමය නිපුණතාවක් ඇති නිළධාරින් සහ නාවිකයින් බිහි කිරීමේ අරමුණින් දින 10 ක් පුරා පැවති මෙම තරඟාවලිය සඳහා සියළුම නාවික විධාන නියෝජනය කරමින් නිලධාරින් 14 ක් සහ නාවිකයින් 238 දෙනෙකු සහභාගී වන ලදී.
24 Sep 2018
ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ටෙනිස් තරඟාවලිය - 2018

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ටෙනිස් තරඟාවලියේ අවසන් තරඟය ඊයේ (සැප්තැම්බර් 21) නැගෙනහිර නාවික විධාන ටෙනිස් ක්‍රිඩා පිටියේදී පවත්වන ලදී.
22 Sep 2018
විෂය කරුණු සම්බන්ධව විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීමේ පාඨමාලාව (SMEE) සාර්ථකව නිමාවට පත්වේ

විෂය කරුණු සම්බන්ධව විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම (Subject matter expert Exchange) පාඨමාලාව සාර්ථකව අවසන් කළ නාවික පුද්ගලයින් හට සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ (සැප්තැම්බර් 21) ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ඉතා උත්කර්ශවත් ලෙස පැවැත්විණි.
22 Sep 2018
නාවික හමුදාවේ දායකත්වයෙන් ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 21 ක් ජනතා අයිතියට

අතිගරු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව වකුගඩු නිවාරණ ජනාධිපති කාර්යය සාධක බලකායේ මුල්‍ය දායකත්වයෙන් සහ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් නිපදවන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 21 ක් ජනතා අයිතියට පත් කෙරිණි.
21 Sep 2018
යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත් නාවික රණවිරුවෙකු වෙත අංගසම්පුර්ණ නව නිවසක්

රණවිරු සේවා අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරන විරු සුමිතුරු පූර්ණ නිවාස ව්‍යාපෘතිය යටතේ යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත් නිවාස සහායක එස්එස් දසනායක නාවික රණවිරුවා හට අංගසම්පූර්ණ නිවසක් ඉදිකර පරිත්‍යාග කරන ලදී.
21 Sep 2018