වැදගත් සිදුවීම්

අන්තර්ජාතික ‘මුහුදු ඉරිදා දින’ දේව මෙහෙය සැමරිමට නාවික හමුදාව එක්වෙයි
 

කොළඹ නාවිකයින්ගේ මීසම විසින් අන්තර්ජාතික ‘මුහුදු ඉරිදා දින’ දේව මෙහෙය සැමරිමට කටයුතු කළ අතර, ඒ අනුව පසුගිය ජුලි මස 08 වන ඉරු දින දේව මෙහෙය කොළඹ කොටුව, ශාන්ත පීතර දේවස්ථානයේදී උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.

12 Jul 2018

අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කෙරේ
 

නාවික පර්යේෂණ ඒකකය විසින් සංවිධානය කරන ලද, 2017 වර්ෂය සඳහා වූ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයන් වෙත මුදල් ත්‍යාග සහ සහතිකපත් බෙදාදීම අද (ජුලි 11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

11 Jul 2018

කතරගම දක්වා පාද යාත්‍රාවේ යෙදෙන බැතිමතුන්ට නාවික හමුදාවෙන් සත්කාර
 

කතරගම දේවාලය වන්දනා කිරීම සඳහා උතුරු සහ නැගෙනහිර පළාත්වල සිට පා ගමනින් පැමිණෙන බැතිමතුන් හට සංග්‍රහ කටයුතු සහ අවශ්‍ය පහසුකම් සැලසීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.

11 Jul 2018

ශ්‍රී ලංකා නාවික නෞකා මහසෙන් ආයත‍නයේ නව ප්‍රධාන පිවිසුම් දොරටුව විවෘත කෙරේ
 

වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා මහසෙන් ආයතනයේ අභිනවයෙන් ඉදි කරන ලද නව ප්‍රධාන පිවිසුම් දොරටුව ඊයේ (ජුලි 09) බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ සුරතින් විවෘත කෙරිණි.

10 Jul 2018

මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් උතුරු නාවික විධානයේ වීදි නාට්‍ය වැඩසටහනක්
 

ජුනි 26 වන දිනට යෙදී තිබූ මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා නීති විරෝධී ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව ශ්‍රී ලංකාව තුළ ජුනි 26 වන දින සිට ජුලි 02 වන දින දක්වා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කොට තිබුණි.

10 Jul 2018

සාර්ථක සංචාරයකින් අනතුරුව ඉන්දියානු ‘ත්‍රීකාන්ඩ්’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
 

සුහද සංචාරයක් සඳහා පසුගිය ජුලි 7 වන දින කොළඹ වරායට සේන්දු වූ ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ත්‍රීකාන්ඩ්’ නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව අද (ජුලි 9) දිවයිනෙන් පිටත් විය.

09 Jul 2018

සාර්ථක සංචාරයකින් අනතුරුව මාලදිවයින් ‘හුරාවී’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
 

සුහද සංචාරයක් සඳහා පසුගිය ජුලි 7 වන දින කොළඹ වරායට සේන්දු වූ මාලදිවයින් වෙරළාරක්‍ෂක බළකායට අයත් ‘හුරාවී’ නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව අද (ජුලි 9) දිවයිනෙන් පිටත් විය.

09 Jul 2018

ශ්‍රී ලංකා නාවික නෞකා රත්නදීප නෞකාවේ සිව්වන (4) සංවත්සරය අභීමානවත් ‍ ලෙස සමරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වෙරළාරක්‍ෂක මුර නෞකාවක් වන ශ්‍රීලංනානෞ රත්නදීප නෞකාව අද (ජුලි 9) දින එහි අභිමානවත් සිව්වන (4) සංවත්සරය සමරන ලදී.

09 Jul 2018

ශ්‍රී ලංකා නාවික නෞකා මිහිකත නෞකාවේ සිව්වන (4) සංවත්සරය අභීමානවත් ‍ ලෙස සමරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වෙරළාරක්‍ෂක මුර නෞකාවක් වන ශ්‍රීලංනානෞ මිහිකත නෞකාව අද (ජුලි 9) වන දින සිය අභිමානවත් සිව්වන (4) සංවත්සරය සමරන ලදී.

09 Jul 2018

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 34 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 34 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය.

09 Jul 2018