වැදගත් සිදුවීම්

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ත්‍රීකාන්ඩ්’ නෞකාවේ අණදෙන නිලධාරී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

දින 3 ක නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ත්‍රීකාන්ඩ්’ නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් උපාල් කුණ්ඩු මහතා අද (ජුලි 9) දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.

09 Jul 2018

අම්පාර එක්ගල්ඔයේ ඔරුවක් පෙරලී දියේ ගිලුනු පුද්ගලයින් සෙවිමට නාවික හමුදාව සහය වෙයි
 

ඊයේ (ජුලි 8) අම්පාර දමන එක්ගල්ඔයේ ඔරුවක් පෙරලීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු (4) අතුරුදන්ව ඇතිබවට නාවික හමුදාවට ලද තොරතුරකට අනුව ගිණිකොන නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා මහතාගේ උපදෙස් මත නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයින් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කඩිනමින් එම ස්ථානය කරා යැවිමට කටයුතු කරන ලදි.

09 Jul 2018

ගංවතුර අවධානම අවම කිරීමට නාවික හමුදා දායකත්වය
 

අනුරාධපුර මල්වතුඔය පිටාර ගැලීම නිසා සිදුවන ගංවතුර අවධානම අවම කිරීමේ අරමුණෙන් සංවිධානය කළ “ආපදාවට පෙර සුදානම” වැඩසටහන යටතේ මල්වතුඔය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ඊයේ (ජුලි 07) දින ජනාධිපති අතිගරු මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජර්මානු පාලම අසලින් ආරම්භ විය.

08 Jul 2018

රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී
 

රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා අද (ජුලි 08) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

08 Jul 2018

උතුරු නාවික විධානය විසින් නල්ලිනකාපුරම් ග්‍රාමයේ ක්‍ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ මඟ පෙන්වීම හා උපදෙස් මත, යාපනය ශික්‍ෂණ රෝහලේ සහ යාපනය ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ සහයෝගයද ඇතිව උතුරු නාවික විධානයට අනුයුක්ත වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් විසින් ඊයේ (ජුලි 07) කන්කසන්තුරේයි, නල්ලිනකාපුරම් ග්‍රාමයේ ක්‍ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදි.

08 Jul 2018

ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් (04) නාවික හමුදා අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙ‍‍කු (04) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාව ඊයේ (ජුලි 07) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

08 Jul 2018

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ත්‍රීකාන්ඩ්’ යුද්ධ නෞකාව කොළඹ වරායට පැමිණේ.
 

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ත්‍රීකාන්ඩ්’ නෞකාව අද (ජුලි 07) සුහදතාවය වර්ධනය කර ගැනීමේ සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.

07 Jul 2018

මාලදිවයින් වෙරළාරක්‍ෂක බළකායට අයත් ‘හුරාවී’ නෞකාව කොළඹ වරායට පැමිණේ.
 

මාලදිවයින වෙරළාරක්‍ෂක බළකායට අයත් ‘හුරාවී’ නෞකාව අද (ජුලි 07) සුහදතාවය වර්ධනය කර ගැනීමේ සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.

07 Jul 2018

පිටකොටුව පළමුවන හරස්වීථියේ වෙළෙඳ සැලක ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය
 

අද (ජුලි 07) පිටකොටුව පළමු හරස්වීථියේ වෙළෙඳසැලක හටගත් ගින්න මුළුමනින්ම නිවා දැමීමේ කටයුතු සඳහා නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායම් සහාය දැක්වීය.

07 Jul 2018

මුහුදේ අතරමංව සිටි සෝමාලියානු ධීවරයින් තිදෙනෙකු (03) නාවික හමුදාව විසින් බේරා ගැනේ
 

ශ්‍රී ලංකා නාවික නෞකා ‘නන්දිමිත්‍ර’ නෞකාව මඟින් ගාලු ප්‍රදීපාගාරයේ සීට නාවික සැතපුම් 115 ක් පමණ දුරින් මුහුදේ අතරමංව සිටි සෝමාලියානු ජාතික ධීවරයින් තිදෙනෙකු (03) සහිත යාත්‍රාවක් බේරා ගැනීමට සමත් විය.

05 Jul 2018