වැදගත් සිදුවීම්
ප්‍රංශ නාවික හමුදාවට අයත් සර්කෝෆ් නෞකාවේ අණදෙන නිලධාරිනි නාවික හමුදාධිපති හමුවෙයි

අද (ජුනි 18) දින, මෙරටට පැමිණි ප්‍රංශ නාවික හමුදාවට අයත් සර්කෝෆ් නෞකාවේ අණදෙන නිලධාරිනි, කොමාණ්ඩර් ක්‍රිස්ටීන් රිබේ මහත්මිය නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.
18 Jun 2018
ප්‍රංශ නාවික හමුදාවට අයත් නෞකා 2 ක් කොළඹ වරායට සේන්දු වෙයි

ප්‍රංශ නාවික හමුදාවට අයත් සර්කෝෆ් (Surcouf) සහ ඩික්ස්මුඩ් (Dixmude) යන නෞකාවන් සුහද සංචාරයක් සඳහා අද (ජුනි 18) උදෑසන කොළඹ වරායට සේන්දු විය.
18 Jun 2018
ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව සිය අභිමානවත් 12 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව ඊයේ (ජුනි 16) සිය අභිමානවත් 12 වන සංවත්සරය සමරන ලදී.
17 Jun 2018
උතුරු මුහුදේ අතරමංව සිටි ධීවරයින් පස්දෙනෙකු (05) නාවික හමුදාව විසින් බේරා ගනියි

උතුරු මුදුදේදී ශ්‍රී ලංකා නාවික නෞකා ‘සයුරළ’ නෞකාව මඟින් ඊයේ (ජුනි 14) පේදුරු තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිය ධීවර යාත්‍රාවේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් අතරමංව සිටි ධීවරයින් පස්දෙනෙකු (05) බේරා ගැනීමට සමත් විය.
15 Jun 2018
කොච්චිකඩේ ශාන්ත අන්තෝනී මුනිදුන්ගේ වාර්ෂික මංගල්‍යයට නාවික හමුදා දායකත්වය

කොච්චිකඩේ, ක්‍රිස්තියානි දේවස්ථානයේ ශාන්ත අන්තෝනී මුනිදුන්ගේ වාර්ෂික දේව මංගල්‍යය මෙවරත්, කිතුනු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය ජුනි 13 උදැසන පැවති අතර, එහි ප්‍රධාන දේව මෙහෙය අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
15 Jun 2018
ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක බටහිර නාවික විධානය භාර ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන ගෲප් කපිතාන් ෂෝන් අන්වින් මහතා අද (ජුනි 13) බටහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.
13 Jun 2018
‘කලම්බු සුපර් ක්‍රොස් - 2018’ ජුනි 24 දා වැලිසර නාවික හමුදා ධාවන පථයේදී

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය එක්ව දෙවන වරටත් සංවිධානය කරනු ලබන ‘කලම්බු සුපර් ක්‍රොස් - 2018’ තරඟාවලිය ජුනි මස 24 වන දින වැලිසර පිහිටි නාවික හමුදා මෝටර් රථ ධාවන පථයේදී පැවැත්විමට නියමිතව ඇත.
13 Jun 2018
මුහුදේ අතරමං වූ ධීවරයින් දෙදෙනෙකු (02) නාවික හමුදාව විසින් බේරා ගනියි

උතුරු නාවික විධානයට අනුයුක්ත නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සයුරළ’ නෞකාව මඟින් ඊයේ (ජුනි 12) ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිය ධීවර යාත්‍රාවේ ඇතිවූ දෝශයක් හේතුවෙන් අතරමංව සිටි ධීවරයින් දෙදෙනෙකු (02) බේරා ගැනීමට සමත් විය.
13 Jun 2018
නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවන් හතරක් සිය අභිමානවත් 18 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවන් වන ශ්‍රී ලංකා නාවික නෞකා උදාර, ශ්‍රී ලංකා නාවික නෞකා එඩිතර II, ශ්‍රී ලංකා නාවික නෞකා වික්‍රම II සහ ශ්‍රී ලංකා නාවික නෞකා අභීත II නෞකාවන් ඊයේ (ජුනි 11) සිය අභිමානවත් 18 වන සංවත්සරය සමරන ලදී.
12 Jun 2018
ශ්‍රී ලංකා නාවික නෞකා ‘රත්නදීප’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (සංඥා) ජනිත බුද්ධික මහතා වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා රත්නදීප නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (සංඥා) ජනිත බුද්ධික මහතා අද (ජුනි 12) වැඩ භාර ගන්නා ලදී.
12 Jun 2018