වැදගත් සිදුවීම්

දෑලතුර ඇලෙහි ජලය පිටාර ගැලීම වැලැක්වීමට නාවික හමුදාව දැඩි පරිශ්‍රමයක් දරයි
 

පසුගිය (මැයි 25) දින ජාඇල දෑලතුර ඇලෙහි ජලය පිටාර ගැලීම හේතුවෙන් දෑලතුර- කජුගස්ගොඩැල්ල මාර්ගය සහමුලින්ම ජලයෙන් යට වු අතර, තවමත් එම ඇලෙහි ජලය පිටාර ගැලීම නොනැවතී පවතින බැවින් අද (මැයි 27) දිනද උදෑසන සිටම මාර්ගය දෙපස වැලි කොට්ට අතුරමින් ගමනා ගමන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා දැඩි පරිශ්‍රමයකින් යුතුව නාවික හමුදා සහන කණ්ඩායම් කටයුතු කරයි.

27 May 2018

නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් තවමත් සක්‍රීයව ක්‍රීයාත්මක වේ.
 

පසුගිය මැයි 25 වන දින මාදම්පේ ප්‍රදේශයේ රාජකාරි සිදු කරමින් සිටියදී අතුරුදන් වු පොලිස් නිලධාරියාගේ මෘත දේහය ඊයේ (මැයි 26) දින නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයින් විසින් සොයාගැනීමට සමත් විය.

27 May 2018

ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට නාවික හමුදාවේ සහාය
 

ගං වතුරින් විපතටපත් ජනතාවෙගේ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා නාවික හමුදාව තවදුරටත් මෙහෙයුම් වල නිරතවේ.

26 May 2018

ගැබිනි කාන්තාවක් හා මාස 03ක දරුවකු බේරා ගැනීමට නාවික හමුදාව සමත් වේ
 

ශ්‍රී ලංකාවට බලපා ඇති වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය මේ වන විට පහව යමින් පවතින අතර, විපතටපත් ජනතාවෙගේ සාමාන්‍ය ජන ජීවිතය නගාසිටුවීම සඳහා නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් 54 ක් දක්වා වැඩිකර ඇති අතර, තවදුරටත් සහන සැළසීමේ කටයුතුවල නිරතව ඇත.

26 May 2018

ඉන්දියානු ආරක්ෂක ‍‍උපදේශක දකුණු නාවික පෙදෙස භාර අඥාපති තුමන් හමුවෙයි.
 

ශ්‍රී ලංකා‍වේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කපිතාන් අශෝක් රාඕ මහතා ඊයේ (මැයි 25) දකුණු නාවික විධාන භාර අඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා හමු විය.

26 May 2018

නාවික හමුදාව තබ්බෝව ප්‍රදේශයේ ජනතාව මුදවා ගැනීමේ මෙහෙයුම් වල
 

නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත නාවිකයින් විසින් අද (මැයි 25) අළුයම 04.30 සිට මධ්‍යහන වනතුරු තබ්බෝව ප්‍රදේශයේ විපතට පත් පුද්ගලයින් 120 ක පමණ පිරිසක් මුදවා ගැනීමට සමත් වු අතර, මේ වනවිටද අඛණ්ඩ මුදවාගැනීමේ මෙහෙයුම් වල (4RU) ඒකකයේ නාවිකයින් නිරතව සිටී.

25 May 2018

කජුගස්ගොඩැල්ල ප්‍රදේශයේ මාර්ගය යථා තත්වයට පත් කිරීමට නාවික හමුදා සහන කණ්ඩායම් දැඩි පරිශ්‍රමයක් දරයි
 

අද (මැයි 25) අළුයම සිට ජාඇල දෑලතුර ඇලෙහි ජලය පිටාර ගැලීම හේතුවෙන් දෑලතුර- කජුගස්ගොඩැල්ල මාර්ගය සහමුලින්ම ජලයෙන් යටවීඇති අතර, නාවික හමුදා සහන කණ්ඩායම් මාර්ගය දෙපස වැලි කොට්ට තුරමින් ගමනා ගමන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා දැඩි පරිශ්‍රමයකින් යුතුව කටයුතු කරමින් සිටිති.

25 May 2018

නාවික හමුදා කණ්ඩායම් 49 ක් අඛණ්ඩව සහන සැළසීමේ මෙහෙයුම්වල
 

ශ්‍රී ලංකාවට බලපා ඇති වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය මේ වනතුරු පහව ගොස් නොමැති අතර, ප්‍රදේශ ගණනාවක සාමාන්‍ය ජන ජීවිතය අඩාලවී ඇත.

25 May 2018

තවදුරටත් නාවික හමුදා සහන සැළසීමේ කටයුතු ප්‍රදේශ රැසකට
 

පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවක සාමාන්‍ය ජන ජීවිතය අඩාල විය.

24 May 2018

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකාවන් ත්‍රිත්වයක් සිය අභිමානවත් 22 වන සංවත්සරය සමරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන ශ්‍රීලංනානෞ ශක්ති නෞකාව හා වේග ප්‍රහාරක මුර යාත්‍රාවන් වන ශ්‍රිලංනානෞ රණජය සහ ශ්‍රිලංනානෞ රණවික්‍රම යන නෞකාවන් පසුගිය මැයි මස 22 වන දින සිය අභිමානවත් 22 වන සංවත්සරය සමරන ලදී.

24 May 2018