වැදගත් සිදුවීම්
නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් තවදුරටත් සීරුවෙන්

පසුගිය දින කිහිපය තුල ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැළසීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, තවදුරටත් ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා නාවික හමුදා මැරීන් බලකායට සහ නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) විශේෂ යාත්‍රා බලඝණයට සහ නාවික හමුදා කිමිදුම් අංශයට අනුයුක්ත නාවිකයින් ඇතුළුව සහන සැළසීමේ කණ්ඩායම් 41 ක් සහ ඩිංගි යාත්‍රා 41 ක් විවිධ ප්‍රදේශ වෙත අනුයුක්ත කර ඇත.
23 May 2018
අයහපත් කාලගුණයෙන් විපතට පත් ප්‍රදේශ වල ජනතාව සඳහා නාවික හමුදා සහාය

මේ දින වල ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාළගුණික තත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ උපදෙස් හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු මත නාවික හමුදාව මේ වන විට සහන සැළසීමේ කටයුතු සිදු කරමින් සිටී.
22 May 2018
අන්තර් විධාන රග්බි තරඟාවලිය වැලිසරදී නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන රග්බි තරඟාවලිය 2018 මැයි මස 18 වන දින සිට 20 වන දින දක්වා ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ රග්බි ක්‍රීඩා පිටියේදි පවත්වන ලදී.
22 May 2018
නීති විරෝධී කටයුතුවල නිරත වූ පුද්ගලයින් 41 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 41 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය.
21 May 2018
ජාතික බීච් වොලිබෝල් තරඟාවලියේ කාන්තා ශූරතාවය නාවික හමුදාවට

ජාතික බ්ච් වොලිබෝල් තරඟාවලිය 2018 කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ බීච් වොලිබෝල් පිටියේදී පසුගිය මැයි 19 වන දින නිමාවට පත් වූ අතර, ඒ අනුව, ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා කණ්ඩායම පරාජය කරමින් කාන්තා ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදා කාන්තා කණ්ඩායම සමත් විය.
21 May 2018
ජාතික රණවිරු සැමරුම් උළෙල ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්

2018 ජාතික රණවිරු සැමරුම් උළෙල, සන්නද්ධ සේවා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (මැයි 19) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්විණි.
20 May 2018
විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කමෙන් ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීන් පිදුම් ලබයි

ජාතික රණවිරු දිනයට සමගාමීව, වසර 25 කට වැඩි නොකැළැල් අඛණ්ඩ සේවා කාලයක් සහිත ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන් සඳහා පිරිනමනු ලබන විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම ප්‍රදානය කිරීමේ උත්සවය, සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (මැයි 19) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
20 May 2018
විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව ලැබූ නිලධාරීන් සහ නාවිකයන් 23 දෙනෙකු විසිර යති

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ 25 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් විසි දෙදෙනෙකු (22) සහ එක් (01) නිලධාරියෙකු සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කරමින් ඊයේ (මැයි 19) ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේ පිහිටි විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී විසිර ගියහ.
19 May 2018
සාර්ථක නාවික පුහුණු අභ්‍යාසයකින් පසු ‘සාගර’ නෞකාව යලි දිවයිනට

බහුපාර්ශවික කොමෝඩෝ (Komodo 2018) නාවික අභ්‍යාසයට සහ 2018 අන්තර්ජාතික නෞකා පිරික්සුමට සහභාගී වීම සඳහා පසුගිය අප්‍රේල් 24 වන දින ශ්‍රී ලංකාවෙන් ඉන්දුනීසියාව බලා පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව එම පුහුණු සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් අද (මැයි 18) දිවයිනට ලඟා විය.
18 May 2018
නාවික රණවිරු සැමරුම නාවික හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් වැලිසර දී

ජාතික රණවිරු සැමරුම් උළෙලට සමගාමීව සටනේදී දිවි පිදූ නාවික රණවිරුවන් සිහිපත් කිරීම සහ පුෂ්පෝහාර දැක්වීම අද (මැයි 18) උදෑසන වැලිසර පිහිටි රණවිරු ස්මාරකය අභියස දී සිදු කෙරුණි.
18 May 2018