වැදගත් සිදුවීම්
රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

උතුරු නාවික විධානය භාර ආඥාපති වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා සිය 34 වසරක නාවික සේවය නිමා කරමින් අද දින (පෙබරවාරි 26) විශ්‍රාම යන ලදී.
26 Feb 2018
උතුරු නාවික විධානය භාර ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ වැඩ භාර ගනී

රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා ඊයේ (පෙබරවාරි 25) උතුරු නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.
26 Feb 2018
කොමාණ්ඩර් බුද්ධික ජයවීර ශ්‍රීලංනානෞ ප්‍රතාප නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ප්‍රතාප නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (මාලිමා) බුද්ධික ජයවීර මහතා අද (පෙබරවාරි 26) දින වැඩ භාර ගන්නා ලදී.
26 Feb 2018
කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2018

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කතෝලික බැතිමතුන් විසින් ඉමහත් ගෞරවයෙන් හා භක්තියෙන් යුතුව පුද පූජා පවත්වන ඉන්දු-ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මෙවරත් අති උත්කර්ශවත් අයුරින් ඊයේ (පෙබරවාරි 24) අළුයම නිමාවට පත් විය.
25 Feb 2018
නීති විරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට සූදානම් කර තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 07 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 24) කල්පිටිය, කන්දක්කුලිය වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් රැගෙන යාමට සුදානම් කර තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 07 ක් සමග ලාංකික පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
25 Feb 2018
වෛද්‍ය රියර් අද්මිරාල් ලලිත් ඒකනායක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය සේවා වශයෙන් රාජකාරී කළ වෛද්‍ය රියර් අද්මිරාල් ලලිත් ඒකනායක මහතා සිය 35 වසරක නාවික සේවය නිමා කරමින් ඊයේ (පෙබරවාරි 24) විශ්‍රාම යන ලදී.
25 Feb 2018
අපි වෙනුවෙන් අපි අර්ධ නිවාස ව්‍යාපෘතියේ ප්‍රේශණ පත් ප්‍රදානය කෙරේ

අපි වෙනුවෙන් අපි අර්ධ නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස ඉදිරිකිරීම සම්පූර්ණ කර ගැනීම සඳහා සුදුසුකම් ලැබූ නාවික පවුල් 27 ක් සඳහා එයට අදාල ප්‍රේශණ පත් ප්‍රදානය කිරීම ඊයේ (පෙබරවාරි 23) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
24 Feb 2018
නාවික හමුදාව සාගරික පරිසර පද්ධති සුරැකීමට දායක වෙමින් කඩොලාන පැල ලක්ෂයක් රෝපණය කිරීමේ කඩයිම පසු කරයි

ශ්‍රී ලංකාවේ සාගරික සහ ගොඩබිම් පරිසර පද්ධතීන් සුරැකීම සදහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, කඩොලාන පරිසර පද්ධති ව්‍යාප්ත කිරීමේ වැඩසටහන යටතේ මේ වන විට කඩොලාන පැල ලක්ෂයක් රෝපණය කිරීමේ කඩයිම පසු කිරීමට සමත් වී ඇත.
23 Feb 2018
උතුරු නාවික විධානය භාර ආඥාපතිතුමන් අතින් ඉදිකිරීම් කිහිපයක් විවෘත කෙරේ

උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා විසින් සිය ආඥාපති ධූරයේ අවසන් කඳවුරු චාරිකාවාරය ඊයේ (පෙබරවාරි 22) සිදු කළ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් කන්කසන්තුරය ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ අභිනව ඉදිකිරීම් කිහිපයක් එතුමන් විසින් විවෘත කරන ලදී.
23 Feb 2018
කොමදෝරු ආනන්ද ගුරුගේ ධජ නිලධාරී නාවික දියත් විධානය වශයෙන් වැඩ භාර ගනී

කොමදෝරු ආනන්ද ගුරුගේ මහතා ඊයේ (පෙබරවාරි 22) ධජ නිලධාරී නාවික දියත් විධානය වශයෙන් වැඩ භාර ගන්නා ලදී.
23 Feb 2018