වැදගත් සිදුවීම්
ඩයලොග් අන්තර් සමාජ ලීග් තරඟාවලියේ නාවික හමුදාවට තවත් තියුණු ජයක්

ඩයලොග් අන්තර් සමාජ ලීග් තරඟාවලියේ නාවික හමුදා සහ ගුවන් හමුදා පිල අතර තවත් එක් තරඟයක් ඊයේ (පෙබරවාරි 09) රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා පිටියේදී පැවැත්වුණු අතර, එහිදී ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරමින් ලකුණු 50 - 28 ක් වශයෙන් නාවික හමුදා කණ්ඩායම සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය.
10 Feb 2018
ඉඳුරාම බඳවා ගත් නිලධාරීන් 3 දෙනෙකු විසිර යයි

2017 වර්ෂයේ දෙවන ඉඳුරාම බඳවා ගැනීමට අයත් නැව්බඳ ඉංජිනේරු හා වාදක අංශයට අයත් නිලධාරීන් තිදෙනෙකු පුරා මාස හතකට ආසන්න කාලයක් තම න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුව සාර්ථකව අවසන් කර ඊයේ (පෙබරවාරි 09) දින ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී විසිර යන ලදී.
10 Feb 2018
ත්‍රිකුණාමල කථිකාව සාගරික සම්මන්ත්‍රණය 2018 - සාර්ථක ලෙස නිමාවට පත් වෙයි

ත්‍රිකුණාමල කථිකාව සාගරික සම්මන්ත්‍රණයේ 7 වන අධියර, පසුගිය පෙබරවාරි මස 06 වන වන දින නාවික හා සාගරික විද්‍යාපීඨ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී සාර්ථක ලෙස නිමාවට පත් කෙරිණි.
10 Feb 2018
නැගෙනහිර නාවික විධානය ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි

ත්‍රිකුණාමලය මහ රෝහලේ රුධිර බැංකු අංශය භාර නිලධාරී විසින් වැඩබලන කොමදෝරු අධිකාරී සෞඛ්‍ය (නැගෙනහිර) වෙතින් සිදු කළ ඉල්ලීමකට අනුව සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් ඊයේ (පෙබරවාරි 08) නැගෙනහිර නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.
09 Feb 2018
ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද ගෘප් කපිතාන් ෂෝන් අන්වින් මහතා අද (පෙබරවාරි 09) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.
09 Feb 2018
බෝගහගොඩ රබර් කර්මාන්ත ශාලාවේ ඇති වූ ගින්න නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය

ගාල්ල, බෝගහගොඩ ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක හටගත් ගින්න මුළුමනින්ම නිවා දැමීමේ කටයුතු සඳහා නාවික හමුදා ගිණි නිවීමේ කණ්ඩායම් ඊයේ (පෙබරවාරි 08) සිය සහාය දැක්වීය.
09 Feb 2018
සාර්ථක සංචාරයකින් අනතුරුව බංග්ලාදේශ නාවික නෞකාවන් දිවයිනෙන් පිටත් වෙයි

සුහද සංචාරයක් සඳහා පසුගිය ජනවාරි 07 වන දින කොළඹ වරායට සේන්දු වූ බංග්ලාදේශ නාවික හමුදාවට අයත් අලි හයිඩර් සහ නිර්මුල් යන නෞකාවන් සාර්ථක සංචාරයකින් අනතුරුව අද (ජනවාරි 09) දිවයිනෙන් පිටත් විය.
09 Feb 2018
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අද (පෙබරවාරි 08) අළුයම නාවික හමුදා භාරයට ගන්නා ලදී.
08 Feb 2018
ශ්‍රී ලංකා නාවික හමුදා මේස පන්දු ප්‍රවීනයන් පදක්කම් හිමි කර ගනියි

ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ මේස පන්දු සංගමය විසින් සංවිධානය කරනු ලැබූ පදක්කම් සහ සහතික පත්‍ර ප්රදානෝත්සවය පසුගිය ජනවාරි මස 26 වන දින කොළඹ ලයිට් හවුස් ගැලි අවන්හල් පරිශ්‍රයේදී පවත්වන ලදී.
07 Feb 2018
ඉන්දියානු සහ ශ්‍රී ලංකා නාවික හමුදා 7 වන මාණ්ඩලික සාකච්ඡාව පැවැත්වෙයි

ඉන්දියානු හා ශ්‍රී ලංකා නාවික හමුදා අතර පවත්වනු ලැබූ 7 වන මාණ්ඩලික සාකච්ජාව අද (පෙබරවාරි 07) කොළඹ ලයිට් හවුස් ගැලි පරිශ්‍රයේදී සාර්ථක ලෙස නිමාවට පත් විය.
07 Feb 2018