වැදගත් සිදුවීම්
යාපනය පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය සාර්ථකව පැවැත්වීමට නාවික හමුදා සහාය

යාපනය පලෙයිතිව් දුපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය 2024 මාර්තු මස 01 සහ 02 යන දෙදින ඉතා උත්කර්ශවත් අයුරින් පවත්වන ලද අතර, එම දේව මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැලසීම නාවික හමුදාව විසින් සිදු කෙරිණි.
02 Mar 2024
ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය ජනාධිපති වර්ණයෙන් පිදුම් ලබයි

මානුෂීය මෙහෙයුම විජයග්‍රහණය කිරීම වෙනුවෙන් සිදුකල සුවිශේෂී දායකත්වය සහ ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපවත්වා සාගර කලාපයේ ආරක්‍ෂාව තහවුරු කරමින් දේශයේ සමුද්‍රීය අභිලාෂය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත සිදුකරනු ලබන අඛණ්ඩ දායකත්වය ඇගයීම වෙනුවෙන්, විශේෂ යාත්‍රා බලඝණය වෙත ජනාධිපති වර්ණ පිරිනැමීම, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අද දින (2024 මාර්තු 01) ත්‍රීකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථාන ප්‍රධාන සරඹ පිටියේදී හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව ඉතාමත් අභිමානවත්ව සිදුකෙරිණි.
01 Mar 2024
ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බළඇණිය ගරු ජනාධිපති තුමන් විසින් පිරික්සුමට ලක් කිරීම ත්‍රීකුණාමලය වරායේදී සිදුකරයි

දේශයේ අභිමානවත් නාවික බලය, ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බළඇණිය, නාවික හමුදාධිපති තුමාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද දින (2024 මාර්තු 01) නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිරික්සුමට ලක්කිරීම ත්‍රීකුණාමලය වරායේදී සිදු කෙරිණි. ම
01 Mar 2024
රුසියානු නාවික හමුදාවට අයත් ‘Russian Guards Missile Cruiser Varyag’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

රුසියානු නාවික හමුදාවට අයත් ‘Russian Guards Missile Cruiser Varyag’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 මාර්තු 01) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
01 Mar 2024
මිලාන් - 2024 බහුපාර්ශ්වික නාවික අභ්‍යාසයට සහභාගී වූ සයුරළ නෞකාව දිවයිනට ලඟා වෙයි

2024 පෙබරවාරි මස 19 වන දින සිට 27 වන දින දක්වා ඉන්දියාවේ විසාකාපට්නම් වරාය හා බෙංගාල බොක්ක ආශ්‍රිත නැගෙනහිර ඉන්දීය මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් පැවති මිලාන් - 2024 බහුපාර්ශික නාවික අභ්‍යාසයෙන් පසුව, සයුරළ නෞකාව 2024 පෙබරවාරි මස 29 වන දින ත්‍රිකුණාමලය වරායෙන් දිවයිනට ලඟා විය.
29 Feb 2024
‘EX - DOSTI – XVI’ ත්‍රෛයිපාර්ශ්වීය වෙරළාරක්ෂක නාවික අභ්‍යාසයට සහභාගී වූ සමුදුර නෞකාව දිවයිනට ළඟාවෙයි

ඉන්දියානු සාගර කාළාපය තුල සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකායේ සහභාගීත්වයෙන් 2024 පෙබරවාරි මස 22 වන දින සිට 25 වන දින දක්වා මාලදිවයින් මුහුදු තීරයේදී පැවති ‘EX – DOSTI - XVI’ ත්‍රෛයිපාර්ශ්වික වෙරළාරක්ෂක නාවික අභ්‍යසයෙන් පසුව, ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව අද දින (2024 පෙබරවාරි මස 29) උදෑසන ත්‍රීකුණාමලය වරායෙන් දිවයිනට ළඟාවිය.
29 Feb 2024
ශ්‍රී ලංකා නාවික හමුදාව ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික න්‍යෂ්ටික ආරක්ෂක පරිපාලන මධ්‍යස්ථානය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ගරු ජූලි චංග් මහත්මිය ඇතුළු දූත පිරිසක් අද දින (2024 පෙබරවාරි 28) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු වූ අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික න්‍යෂ්ටික ආරක්ෂක පරිපාලන මධ්‍යස්ථානය (National Nuclear Security Administration of United State of America) සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම සිදු කෙරිණි.
28 Feb 2024
නාවික හමුදා සූපවේදී නාවිකයින් වෙනුවෙන් ප්‍රවීණ සූපවේදී දේශබන්දු ආචාර්යය පබිලිස් සිල්වා මහතාගේ සම්පත් දායකත්වයෙන් පුහුණු වැඩමුළුවක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සූපවේදී නාවිකයන් වෙනුවෙන්, ප්‍රවීණ සූපවේදී දේශබන්දු ආචාර්යය පබිලිස් සිල්වා මහතාගේ සම්පත් දායකත්වයෙන්, 2024 පෙබරවාරි මස 26 වන දින නාවික හමුදා මූලස්ථානයේදී පුහුණු වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු කෙරිණි.
26 Feb 2024
කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය නාවික හමුදාවේ දායකත්වයෙන් උත්කර්ෂවත්ව පවත්වයි

ඉන්දු - ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ, ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, යාපනය පදවිය භාර ගරු පී. ජෝසප්දාස් ජෙබරත්නම් පියතුමා ගේ මෙහෙයවීමෙන්, යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ. සිවබාලසුන්දරම් මහතා ගේ සංවිධායක දායකත්වයෙන්, 2024 පෙබරවාරි මස 23 සහ 24 දින උත්කර්ෂවත් අයුරින් පවත්වන ලද අතර, එහි අවසන් පූජා අවස්ථාව සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ බැතිමතුන් විශාල පිරිසක් මෙන්ම ඉන්දීය රජය නියෝජනය කරමින් නියෝජිතයෙකුද සහභාගී විය.
25 Feb 2024
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කළමණාකරනය හා සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඇතුළු ඇමෙරිකානු දූත පිරිසක් විජයබාහු නෞකාවේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වෙයි

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කළමණාකරනය හා සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් හා එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වශයෙන් කටයුතු කරනු ලබන රිචඩ් ආර්. වර්මා මහතා (Richard R. Verma) සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ගරු ජූලි චංග් මහත්මිය ඇතුළු දූත පිරිසක් අද දින (2024 පෙබරවාරි 23) ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවේ නිරීක්‍ෂණ සංචාරයක් සඳහා සහභාගී වූ අතර, ඒ සඳහා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බංඩාර තෙන්නකෝන් මැතිතුමා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු පිරිසක් එක් විය.
23 Feb 2024